රිදී කුසලානයට කිරුලපන හා හේනමුල්ල සටනට

319

කිරුලපන එක්සත් සමාජය හා හේනමුල්ල එක්සත් සමාජය රිදී කුසලානය විජයග්‍රහණය කිරීම සඳහා ඔක්තෝම්බර් මස 23 වන දා සවස 3.30 ට CR&FC  ක්‍රීඩාංගණයේදී තරඟ වැදීමට නියමිතයි.

පසුගිය ලිපි: සාන්ත ජෝසප් සහ මෙගොඩවැව විද්‍යාල අනුරාධපුරයෙන් පෙරමුණ ගනී

පරාජිතයන් ඉවත් වීමේ ක්‍රමයට ක්‍රියාත්මක වන රිදී කුසලාන තරගාවලිය කොළඹ පාපන්දු ලීගය විසින් සංවිධානය කරන අතර මෙවර තරගාවලිය අගෝස්තු මස 21 වන දා ආරම්භ විය. කොළඹ පාපන්දු ලීගයේ 20 දෙවන ඛාණ්ඩයේ පාපන්දු කණ්ඩායම්  මෙම තර්ඟාවලියට සහභාගී විය.

කිරුළපන එක්සත් සමාජය

ප්‍රිමයර් ලීග් දෙවන ඛාණ්ඩයේ ක්‍රීඩා කරන කිරුළපන එක්සත් ක්‍රීඩා සමාජය පසුගිය වසරේ රිදී කුසලානයේ අනුශූරයන් වීමෙන් ආරම්භ කල විශිෂ්ට තරඟ රටාවක් පසුගිය මාස 12ක කාලය තුල පෙන්නුම් කරන ලදී.

කිරුළපන එක්සත් සමාජය මාස කිහිපයකට පෙර තරග වැදුනු 2016 FA කුසලාන තරගාවලියේදි තරමක කලබලකාරී  තරඟ රටාවක් පෙන්නුම් කලද අවසන් 32 දක්වා පැමිනෙමින් සිය ස්ථානය සනිටුහන් කරගත්තේ, මෙවර රිදී කුසලාන අවසන් තරඟයේදී ප්‍රතිවාදීන් වන හේනමුල්ල එක්සත් සමාජය ගෝල 2-0 ලෙස පරාජයට පත් කරමිනි.

කවිඳු මදුශාන්ගේ නායකත්වය යටතේ රත්නම් ක්‍රීඩා පිටියේදී පැවති අවසන් පූර්ව තරඟයේදී කිරුළපන එක්සත් සමාජය, ඕල්ඩ් ජෝස් SC කණ්ඩායම ගෝල 3-0 ලෙස පරාජයට පත් කරමින් අවසන් තරඟයට සුදුසුකම් ලබා ගන්නා ලදී.

ප්‍රතිඵල

  • කිරුළපන එක්සත්  සමාජය 5-0 කොළඹ සිටි පාපන්දු ක්‍රීඩා සමාජය
  • කිරුළපන එක්සත් සමාජය 1-0 නිව් ස්ටාර් ක්‍රීඩා සමාජය (අර්ධ අවසන් පූර්ව තරඟය)
  • කිරුළපන එක්සත් සමාජය 3-0 ඕල්ඩ් ජෝස් SC (අවසන් පූර්ව තරඟය)

කිරුළපන එක්සත් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු එල්. කේ. ප්‍රියන්ත මහතා පවසා සිටියේ ඔවුන්ගේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් සියලු දෙනාම කිරුළපන අවට ක්‍රීඩකයන් වන බවත් ඔවුන්ගේ  සාර්ථකත්වයේ රහස ක්‍රීඩකයින්ගේ දැඩි උනන්දුව හා කැපවීම වන බවත්ය.

“අපේ ක්‍රීඩකයින් සතියට දින 3ක් අනිවාර්යෙන් පුහුණු වීම්වල යෙදෙනවා යැයි” වැඩි දුරටත් අදහස් දක්වා සිටිමින් ඔහු ප්‍රකාශ කර සිටියේය.

කිරුලපන එක්සත් සමාජ කණ්ඩායම

Kirulapone United - Silver Cup Final (2016)

හේනමුල්ල එක්සත් ක්‍රීඩා සමාජය

ශූරතාවය ලබා ගැනීමට දැඩි බලාපොරොත්තු සමඟ තොටලඟින් තරඟාවලියට ඇතුලත් වුනු හේනමුල්ල එක්සත් සමාජයේ ක්‍රීඩකයන් මැනවින් දක්ශතා පෙන්නුම් කරමින් දෙවන වරටත් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්නා ලදී.

FA කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී කිරුලපන එක්සත් සමාජයට පමණක් දෙවැනි වෙමින් ලද පරාජය රිදී කුසලානය ලබා ගනිමින් සම කිරීමට හේනමුල්ල එක්සත් සමාජය නිසැකවම බලාපොරොත්තු වනවා ඇති.

කිරුළපන එක්සත් සමාජය මෙන්ම නිදහසේ ගෝල ලබා ගැනීම කලද අවසන් මහා තරඟය සඳහා ඔවුන්ගේ පසුපෙල ශක්තිමත් කර ගැනීම හේනමුල්ල එක්සත් සමාජය කල යුතුම කටයුත්තකි.

ප්‍රතිඵල

  • හේනමුල්ල එක්සත් සමාජය 5-0 චැලෙන්ජර්ස් ක්‍රීඩා සමාජය
  • හේනමුල්ල එක්සත් සමාජය1-0 රත්නම් ක්‍රීඩා සමාජය B (අර්ධ අවසන් පූර්ව තරඟය)
  • හේනමුල්ල එක්සත් සමාජය 3-0 කොලොන් ක්‍රීඩා සමාජය (අවසන් පූර්ව තරඟය)

කණ්ඩායමේ පුහුණුකරු මොහොමඩ් රාසික් හා නායක මොහොමඩ් රිසාක් දැඩි විශ්වාසයකින් පසු වන්නේ මෙවර ශූරතාවය ඔවුන්ට ලබා ගැනීමට හැකිවන බවයි. ඒ සඳහා උපරිමයෙන්ම තරග වැදීම ඔවුන් සූදානමින් සිටීයි.

හේනමුල්ල එක්සත් සමාජ කණ්ඩායම

Henamulla United - Silver Cup Final (2016)

ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් ටී. ආර්. එස්. පී. බණ්ඩාර මහතා අවසන් මහා තරඟයේ ප්‍රධාන  අරාධිත අමුත්ත ලෙස සහභාගී වීමට නියමිතය.

කුසලානය හා පදක්කම් සමගින් ජයග්‍රාහයින්ට මුදලින් රු.25 000ක මුදලක්ද, අනුශූරයින්ට කුසලානය සහ පදක්කම් සමගින් මුදලින් රු.15 000ක මුදලක් ද පිරිනැමේ.

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට