හසිඳු ප්‍රමුඛගේ දස්කම් නිසා ජනාධිපති විදුහලට ජය

379

අද (15) නිමා වූ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග අතුරෙන් පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට වේල්ස් කුමර විද්‍යාලය, කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමත් විය. එහි දී සවිඳු පීරිස්, හසිඳු ප්‍රමුඛ හා ලසිත් කෘෘස්පුල්ලේගේ දස්කම් කැපී පෙණින.

තර්ස්ටන් විද්‍යාලය හා මහානාම විද්‍යාලය අතර පැවැත්වූ තරගය නිමා වූයේ තර්ස්ටන් විද්‍යාලයට වැඩි වාසි හිමි කර දෙමිනි.

ආනන්දයට අභියෝගයක් වූ ජෝස්ප්වරුන්ට ජය

අද (14) අවසන් වූ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග අතුරෙන් පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය, සාන්ත සර්වේසස් විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් විය. එසේම එම තරග තුනම දෙවන දිනයට පැවැත්වූ තරග වූ අතර ඒ සියල්ලම පූර්ණ ප්‍රතිඵලයක් සහිතව අවසන් වීම කැපී පෙනින.

ඉසිපතන විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී පළමුව පන්දුවට පහර දුන් වේල්ස් කුමර විද්‍යාලයට තරගය අවසානයේ ඉනිමක හා ලකුණු 69ක ජයක් ලබාගැනීමට හැකි විය.

ඊයේ දිනය නිමා වන විට ඉසිපතන පළමු ඉනිම 34/2ක් ලෙස දැක්විය. අයන සිරිවර්ධන, අශේන් ගුණවර්ධන, සංජුල අබේවික්‍රම තිදෙනා එකතුවී ඔවුන්ගේ ඉනිම ලකුණු 162ක් දක්වා රැගෙන ගියේය. ඉසිපතන දෙවන ඉනිම ද සාර්ථක නොවීය. දක්ෂ ලෙස පන්දු යැවූ නායක සවිඳු පිරිස් තරගය පුරාවටම කඩුලු 10යි.

වේල්ස් කුමර විද්‍යාලය – 321/7d (77): සඳුන් ප්‍රනාන්දු 94, අවිඳු ප්‍රනාන්දු  65, සනෝජ් දර්ශික 65, සවිඳු පිරිස් 39*, මදුශංක සඳරුවන් 3/89.

ඉසිපතන විද්‍යාලය – 162 (69.2): අයන සිරිවර්ධන 39, අශේන් ගුණවර්ධන 34, සංජුල අබේවික්‍රම 33, සවිඳු පිරිස් 5/38, අවිඳු ප්‍රනාන්දු 3/11.

ඉසිපතන විද්‍යාල දෙවන ඉනිම  (F/O) – 90 (45): සංජුල අබේවික්‍රම 31, සවිඳු පීරිස් 5/24, කෞමාල් නානායක්කාර 3/39.


 

තර්ස්ටන් විද්‍යාලය හා මහානාම විද්‍යාලය

ඊයේ දිනයේ දී කාසියේ වාසිය දිනාගත් මහානාම විද්‍යාලය සත්කාරක තර්ස්ටන් විද්‍යාලයට පළමුව පන්දුවට පහර දීමට අවසර දුන්නේය. ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් අඩු ලකුණකට දැවී ගියත් නායක නිපුන් ලක්ෂාන් ලබාගත් ලකුණු ප්‍රමාණය හා සඳරු ඩයස් ලබාගත් ඉක්මන් කඩුලු 4 නිසාවෙන් තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිමේ ජයක් හිමිවිය. තර්ස්ටන් දෙවන ඉනිම ලකුණු 159යි.

හෂාන් සංදීප කඩුලු 5යි. පළමු දිනයට තරගය නවතාලන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන මහානාම විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 85යි. නොදැවී ක්‍රීඩා කරන පවන් රත්නායක ලකුණු 23*යි.

තර්ස්ටන් විද්‍යාලය – 164 (61): නිපුන් ලක්ෂාන් 87, හෂාන් සංදීප 5/84, හේෂාන් හෙට්ටිආරච්චි 4/36

මහානාම විද්‍යාලය –  148 (53.1): පවන් රත්නායක 51, දුශාන් මෙන්ඩිස් 42, සඳරු ඩයස් 4/14,  අයෙෂ් හර්ෂණ 2/34 , නිපුන් ලක්ෂාන් 2/45.

තර්ස්ටන් විද්‍යාල දෙවන ඉනිම – 159 (62.5): නිමේෂ් ලක්ෂාන් 49, සොනාල් දිනූෂ 4/23.

ලොව ජනප්‍රියම 10 අතර

ලොව වැඩිම පිරිසකට විකිණිය හැකි ක්‍රීඩා දස්කම් මොනවාද?


 

සාන්ත මරියා විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

උපාලි ගුණරත්න පිටියේ දී කාසියේ වාසිය දිනාගත් ජනාධිපති විද්‍යාලය සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 201ක් ලබා ගත්තේය.

තරගයේ පළමු දිනය අවසන් වන විට වැඩි වාසිය තමන් සතු කර ගත් ජනාධිපති විද්‍යාලය සිය දෙවන ඉනීම ලකුණු 235කින් සවිමත් කළේ හසිඳු ප්‍රමුඛ තුන් ඉරියව් දස්කම් නිසාවෙනි.  හසිඳු ලකුණු 58යි. ඉරංග හෂාන් හා තනුල චමෝද් ද ලකුණු අතරට පිවිසියේ හසිඳු හට සහය වෙමිනි.

සාන්ත මරියා විද්‍යාලයේ සංජය ජයමාල් තරගය පුරාවට කඩුලු 11ක් දවාලන ලදි. ලකුණු 294ක ඉලක්කයක් පසුපස ගිය සාන්ත මරියා විද්‍යාල දෙවන ඉනිම ලකුණු 143කට සීමා වූයේ ලකුණු 150ක් දැවැන්ත ජයක් ජනාධිපති විද්‍යාලයට හිමි කර දෙමිනි.

ජනාධිපති විද්‍යාලය – 201 (43): ඉරංග හෂාන් 102, තනුල චමෝද් 28, සංජය ජයමාල් 6/55, සුපුන් කුමාර 4/67.

සාන්ත මරියා විද්‍යාලය – 143 (41): සුපුන් කුමාර 45, සජීව ජයමාල් 36, හසිඳු ප්‍රමුඛ 5/30.

ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම – 235 (42.2): හසිඳු ප්‍රමුඛ 58, ඉරංග හෂාන් 49, තනුල චමෝද් 36, රසිත ලක්මාල් 33, සංජය ජයමාල් 5/78.

සාන්ත මරියා විද්‍යාල දෙවන ඉනිම –  143 (36.1): සංජය ජයමාල් 43, ගජිත කොටුවේගොඩ 41, හිරුන සිගේරා 4/59,  හසිඳු ප්‍රමුඛ 4/62.


 

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී කාසියේ වාසිය දිනාගත් සත්කාරක සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ලකුණු 349ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. ලසිත් කෘෘස්පුල්ලේට අමතරව චතුර අනුරාධ ලකුණු 74ක් ලබාගෙන දස්කම් අතරට පිවිසෙන ලදි. අවසානයේ සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිම ලකුණු 93කට සීමා කළ රවිඳු ප්‍රනාන්දු ඇතුළු මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට ඉනිමක හා ලකුණු 164ක ජයක් හිමි විය.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 96 (37): රශ්මික මෙවන් 19, පසිඳු උෂෙට්ටි 4/15, අවීෂ කේෂාන් 4/54

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය  – 349/9d  (72.3): ලසිත් කෘෘස්පුල්ලේ 129, චතුර අනුරාධ 74, මාර්ක් ශෙවෝන් 47, අශේන් ප්‍රනාන්දු 37, කවීෂ දුලංජන 4/63.

සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිම – 93 (33.2): කවීෂ දුලංජන 27, රවිඳු ප්‍රනාන්දු 5/13, පසිඳු උශෙට්ටි 3/42.

අසේල ගුණරත්නට විස්සයි විස්ස අහිමි වේ

බංග්ලාදේශය සමඟින් අද (15) ඩකා නුවර දී ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුතු විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ පහළොස් දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයෙන් අසේල ගුණරත්න ඉවත් කර ඇති බව වාර්තා වේ. ඊයේ (14) පැවති පුහුණුවීම් අතරතුර දී අසේල ගුණරත්නගේ දකුණු අත ආබාධයකට ලක්වීම තරගාවලියෙන් ඔහුව විවේක ගැන්වීමට හේතු වී ඇත.


 

ඩී. එස් සේනානායක විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

සංචාරක ඩී. එස් සේනානායක විද්‍යාලය පළමු ඉනිම ජයග්‍රහණය කරන ලද මෙම තරගය අද අවසන් විය.

පළමුව පන්දුවට පහර දී සිය පළමු ඉනිමට ලකුණු 160ක් ලබා ඊයේ දිනයට තරගය නවතාලන විට මොරටු මහා විද්‍යාල ලකුණු පුවරුව  89/5 ලෙස දැක්විය. ලකුණු 140කට මොරටු මහා විද්‍යාල පළමු ඉනිම සීමා කිරීමට මුදිත ලක්ෂාන් හා නෙතුශාන් කුමාර සමත් විය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය ලකුණු 227ක් ලබාගෙන තරගයේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිය ඉනිම අත්හිටවූ නමුත් එය ඵල රහිත තීරණයක් විය. මුදිත ලක්ෂාන් ඩී. එස්. සේනානායක විද්‍යාල දෙවන ඉනිමට ශතකයක් එක් කළේය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය –  160 (61.1): චමත් බණ්ඩාර 33, ෂෙහාන් ජීවන්ත 4/31, රෂාන් කවිෂ්ක 3/55, නදීත් ඉෂේන්ද්‍ර 2/18.

මොරටු මහා විද්‍යාලය  –  140 (46.5): ශේසඳ නිශේන්ද්‍ර 28, ජනිත් සේව්මිත් 25, නිශාන් මදුෂ්ක 24, මුදිත ලක්ෂාන් 4/46, නෙතුශාන් කුමාර 4/43.

ඩී. එස්. සේනානායක විද්‍යාල දෙවන ඉනිම -227/7d (39.5): මුදිත ලක්ෂාන් 100*, දසුන් පෙරේරා 47, චමත් බණ්ඩාර 37, ශෙසද නිශේන්ද්‍ර 3/38.

මොරටු මහා විද්‍යාල දෙවන ඉනිම -167/4 (41): නිශාන් මදුශ්ක 61*, ශෙසද නිශේන්ද්‍ර 54, නිරාජ් කවිශ්ක 36.

පළමු දිනයට පැවැත්වූ තරග


 

මලියදේව විද්‍යාලය  හා නාලන්ද විද්‍යාලය

සුහද තරගයක් ලෙස පැවැත්වූ මේ තරගයේ දී කාසියේ වාසිය දිනාගත් සත්කාරක මලියදේව විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර පළමු දිනය අවසන් වන විට නාලන්ද විද්‍යාල ලකුණු සටහන 125/4ක් ලෙස දැක්විය.

මලියදේව විද්‍යාල පළමු ඉනිම සවිමත් කළ දුලාජ් රණතුංග ලකුණු 81යි. ඒ නිසාවෙන් මලියදේව විද්‍යාලය ලකුණු 255ක් ලබා ගන්නා ලදි. කවීෂ මදුරප්පපෙරුම කඩුලු 4යි.

මලියදේව විද්‍යාලය – 255 (63.1): දුලාජ් රණතුංග 81, බ්‍රයන් කරුණානායක 43, සංජීවන් ප්‍රියදර්ශන 43, කවීන් බණ්ඩාර 29*, චලුක අතපත්තු 27, කවීශ් මදුරප්පෙරුම 4/44, මහිම වීරකෝන් 3/31.

නාලන්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) –125/4 (31): අවිශ්ක පෙරේරා 36, ලක්ෂිත රසාංජන 24*.

ලොයෙලා – ක්‍රිස්තුරාජ මිතුරන් ප්‍රථම මහා සංග්‍රාමයට සූදානමින්

පාසල් ක්‍රිකට් පිටියට මහා වසන්තය කැන්දමින් බෝපිටිය ලොයෙලා විද්‍යාලය සහ තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලය අතර ප්‍රථම වරට පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 16 සහ 17 දෙදින පුරා කදිරානේ දී පැවැත්වේ. මේ වර්ෂයේ මෙරට ක්‍රිකට් පිටියේ පැවැත්වෙන පළමු වාර්ෂික මහා ක්‍රිකට් තරගය වෙන්නේ ද මෙයයි.


 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සත්කාරක සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. සාන්ත සෙබස්තියන් විද්‍යාලය සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 298ට පිළිතුරු ලෙස ද මැසනොඩ් විද්‍යාලය ලකුණු ලබා ගැනීම දියත් කළ අතර ඔවුන් පළමු දිනය අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 184ක් ලබාගෙන තිබුණි. සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිමට ජනිශ්ක පෙරේරා හා තරුෂ ප්‍රනාන්දු අර්ධ ශතක ලබා ගන්නා ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 298 (50.5): ජනිෂ්ක පෙරේරා 73, තරුෂ ප්‍රනාන්දු 56, ප්‍රවීන් කුරේ 47, ශනෙල් ප්‍රනාන්දු 41, මලින්ත පිරිස් 35, නුවනිඳු ප්‍රනාන්දු 30, සාලිය ජූඩ් 2/21, මලිත් ප්‍රනාන්දු 2/53, මාරක් මතායස් 2/63.

ද මැසනොඩ් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) –184/5 (46): නඳුන් 42, නිම්න ප්‍රනාන්දු 37*, මිතිල ගීත් 34, ප්‍රවීන් ජයවික්‍රම 3/53.

පළමු දිනයට පැවැත්වූ තරග සියල්ල හෙටත් (16) පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<