ගෙවුනු දවස: දෙසැම්බර් 29 – හැව්ලොක් පිලෙන් ප්‍රභල ප්‍රහාරයක්

869
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 රග්බි 

හැව්ලොක් හමුවේ CH පිල අන්ත අසරණ වෙයි

2016/17 ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ දෙවැනි කාණ්ඩය ආරම්භ කරමින් ඊයේ (29) නිමාව දුටු පළමු තරගයේදී ප්‍රභල හැව්ලොක් කණ්ඩායම හමුවේ සුපුරුදු අන්ත පරාජයක කටුක වේදනාව විදින්නට CH & FC සමාජයට සිදුවිය. තරගය හැව්ලොක් ක්‍රීඩා පිටියේදී පැවැත්විය.

ප්‍රථම අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 45 : 00 CH & FC

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 80 : 03 CH & FC

ගෝල රැස්කල ක්‍රීඩකයින්

  • CH & FC (1P) – විශ්ව දිනෙත්
  • හැව්ලොක් (12T, 10C) – චාමර දාබරේ, විමුක්ති රාහුල, උදාර අංජන, විහඟ පිවිතුරු, රාහුල් ද සිල්වා, කෙවින් ඩික්සන්, දුලාජ් පෙරේරා 2C, දුෂ්මන්ත ප්‍රියදර්ශන, ජනික් ජයසූරිය 2C, නිශෝන් පෙරේරා, දුලාජ් පෙරේරා 10C)

සම්පූර්ණ ලිපිය බලාපොරොත්තුවන්න


 ක්‍රිකට් 

ශ්‍රී ලංකාව තවත් අසීරු තත්වයකට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමාවට පත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීමට හෝ ජය පරාජයෙන් තොරව බේරා ගැනීමට ඇති ඉඩකඩ ඉතාමත් අවම වී තිබේ. නමුත් ශ්‍රී ලංකා පිතිකරුවෝ ප්‍රථම ඉනිමේදී දැක්වූ පිතිකරණ විලාශයට වඩා යම් ප්‍රගතියක් ඊයේ (29) තම දෙවැනි ඉනිමේදී පෙන්නුම් කළහ.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 286 (පන්දුවාර 98.5): ජේ. පී. ඩුමිනි 63, ස්ටීවන් කුක් 59, ඩීන් එල්ගාර් 45, ෆැෆ් ඩු ප්ලෙසිස් 37, සුරංග ලක්මාල් 5/63, රංගන හේරත් 2/48, නුවන් ප්‍රදීප් 2/66.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 205 (පන්දුවාර 64.5): ධනංජය ද සිල්වා 43, ඇන්ජෙලෝ මැතිව්ස් 39, දිනේෂ් චන්දිමාල් 28, වර්නන් ෆිලැන්ඩර් 5/45, කයිල් ඇබට් 3/63.

දකුණු අප්‍රිකා (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 406 (පන්දුවාර 90.5): ස්ටීවන් කුක් 119, ඩීන් එල්ගාර් 52, හෂීම් අම්ලා 48, ක්වින්ටන් ඩි කොක් 69, ධනංජය ද සිල්වා 2/91, සුරංග ලක්මාල් 1/64.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 240 (පන්දුවාර 83): ඇන්ජෙලෝ මැතිව්ස් 58*, කුසල් මෙන්ඩිස් 58, කෞෂාල් සිල්වා 48, දිමුත් කරුණාරත්න 43, කාගිසෝ රබාඩා 2/72, කේශව් මහරාජ් 2/84.

සම්පූර්ණ ලිපිය: සිව්වැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකාව දැඩි අවදානම් තත්වයක


සම්මු ශතකයක් අභියස

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවැත්වෙන තවත් තරග හයක් ඊයේ (29) වර්ෂාවේ බාධා කිරීම් හමුවේ දෙවැනි දිනයටත් ක්‍රියාත්මක විය. ගෙවී ගිය දිනයන් දෙකේදී දක්වන ලද දක්ෂතාවයන්ට අනුව NCC, SSC, සැරසන්ස් සහ ටැමිල් යූනියන් යන ක්‍රීඩා සමාජ හතරට මෙම තරගවල වැඩි වාසි හිමිව තිබේ.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 347 (පන්දුවාර 92.5) සම්මු අශාන් 95, චරිත් අසලංක 66, සචිත්‍ර සේනානායක 62, කවිඳු කුලසේකර 52, අසංක සිල්වා 6/126

බදුරලිය ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 143 (පන්දුවාර 38.5) ශිරාන් රත්නායක 51, ජෙෆ්රි වැන්ඩර්සේ 6/44

බදුරලිය ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 32 (පන්දුවාර 4)

NCCසියල්ලන්ම දැවී ලකුණු 370 (පන්දුවාර 83.5) ඇන්ජෙලෝ පෙරේරා 139*, සඳුන් වීරක්කොඩි 110, තරිඳු කෞෂාල් 43, ශාලික කරුණානායක 4/74, රොෂාන් ජයතිස්ස 4/117.

ගාලු ක්‍රිකට් සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 162 (පන්දුවාර 58) දමිත හුණුකුඹුර 66, යශෝද ලංකා 43, චතුරංග ද සිල්වා 4/66.

සම්පූර්ණ ලිපිය: ශම්මු සහ අසලංක SSC ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා බවට පත්වෙයි


සිරිසෝමගෙන් කඩුලු 7ක්

“ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරග කිහිපයකම දෙවන දිනය ඊයේ (29) ක්‍රියාත්මක වූ අතර මෙම තරඟ වලටත් විටින් විට කාලගුණයෙන් බාධා එල්ල විය. අද දිනය නිමා වන විට ගයාන් සිරිසෝම කඩුලු 7ක් ද, තිලිණ හේරත් හා කල්‍යාණ රත්නප්‍රිය කඩුලු 8ක් දවාගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.

කළුතර නගර සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 156 (පන්දුවාර 66.5): ලහිරු ජයවර්ධන 38, යසිත සිල්වා 30, චාමිකර එදිරිසිංහ 4/40, ලක්ප්‍රිය විජේසිරිවර්ධන 3/23

වරාය අධිකාරි ක්‍රීඩා සමාජය පළමු ඉණිම  (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 5ක් දැවී ලකුණු  301 (පන්දුවාර 78): යොහාන් ද සිල්වා නොදැවී 143, ධනංජය ගුණතිලක 71, ප්‍රශාන් වික්‍රමසිංහ 44, කවිදු පෙරේරා 4/82

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 109 (පන්දුවාර 40.5): රුවන්ත ඒකනායක  43, සුවන්ජි මදනායක 3/17

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 148 (පන්දුවාර 63.3): මහේෂ් ප්‍රියදර්ශන 42, මනෝජ් ප්‍රනාන්දු 25, තිලිණ හේරත් 8/48

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 134 (පන්දුවාර 37): අනුරුද්ධ රාජපක්ෂ 31, ධනුෂ්ක ධර්මසිරි 30, කල්‍යාණ රත්නප්‍රිය 8/36

පොලිස් ක්‍රීඩා සමාජය දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 2ක් දැවී ලකුණු 40 (පන්දුවාර 12): අකිල ලක්ෂාන් 22, දර්ශන මහවත්ත 2/15

සම්පූර්ණ ලිපිය: ගයාන්, තිලිණ සහ කල්‍යාණ කඩුලු පිපාසයට තිත තබයි


ජයග්‍රහණය නාලන්ද විදුහලට

සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ඊයේ (28) තරග දෙකක් පැවැත්වූ අතර, 27 වැනිදා ආරම්භ වූ කොළඹ නාලන්ද හා මහනුවර ත්‍රිත්ව විදුහල් අතර තරඟය අවසන් වූයේ පළමු ඉණිමේ ජයග්‍රහණය නාලන්ද විද්‍යාලයට හිමිකර දෙමිනි. එක් තරඟයක් වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා නොපැවැත්විය.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 142 (පන්දුවාර 48.1): හසිත බෝයගොඩ 35, හසින්ත ජයසූරිය 31, උමේක්ෂ ඩිල්ශාන් 5/24, දසුන් සෙනවිරත්න 2/11

නාලන්දා විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 144 (පන්දුවාර 40.5): මාලිංග අමරසිංහ  46, ශැනොගීත් ශන්මුගනාතන් 4/46

බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දුවාර 62.3): අරෝශ් මදුෂාන් 26, දිනෙත් ජයකොඩි  4/34, රැචිර ඒකනායක 3/42, ජෙහාන් ඩැනියල් 2/30

සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 2ක් දැවී ලකුණු 33 (10.3):

සම්පූර්ණ ලිපිය: නාලන්දය හමුවේ ත්‍රිත්වයින් පරාජය වේ

දිනයක නිමාව