ක්‍රීඩක විනය සම්බන්ධයෙන් රග්බි බලධාරීන් තදින්

266
SLR gets tough with discipline; 3 players slapped with suspensions translation

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පසුගිය සති අන්තයේ තරගවල දී වාර්තා වූ නුසුදුසු සිදුවීම් කිහිපයක් සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා රග්බි සංගමය තීරණය කර තිබේ. මේ අනුව ක්‍රීඩක චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝණය කළ ක්‍රීඩකයන් තිදෙනෙකුට සති දෙක, තුන සහ හතර බැගින් වූ තරග තහනම් පැනවෙනු ඇත.

පාසල් රග්බි ලීගය ලබන මාර්තුවේ; ආකෘතියේ වෙනසක් නැහැ

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් 2018 වර්ෂයටත් සංවිධානය කරනු ලබන පාසල් රග්බි ලීගයට අදාළව …

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ආරම්භක සති අන්තය බලාපොරොත්තු වූ තරම් ක්‍රීඩාශීලීත්වයක් දැක ගන්නට ලැබුණු තරග පැවැත්වුණු අවස්ථාවක් නොවීය. ඒ විනය විරෝධී ක්‍රියා ත්‍රිත්වයක් වාර්තා වීම නිසාවෙනුයි. තරග වාරයේ ආරම්භය සනිටුහන් කළ මහනුවර සහ CH & FC කණ්ඩායම් අතර තරගයේ දී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය ඊට හොඳම  නිදසුනකි.

තරගයේ 71 වන මිනිත්තුවේ දී සිදු වූ මෙම විනය විරෝධී හැසිරීම නිරීක්ෂණය කළ තරග නිරීක්ෂණ නිලධාරිවරයා (Citing Match Official ) පියවර ගත්තේ චේතනාන්විතව මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් හට පහර දීම සම්බන්ධයෙන් CH කණ්ඩායමේ කාංචන ලක්ෂිත හට තරග දෙකක තහනමක් පනවන්නටයි.

CR & FC කණ්ඩායම පළමු ජයග්‍රහණය වාර්තා කරයි

ඊයේ (04) ආරම්භ වූ 2017/18 ‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ CR & FC කණ්ඩායම සහ ගුවන් …

අදාළ අවස්ථාවේ දී විනිසුරුවරයාගෙන් කහ කාඩ්පතක් ලබා දඬුවමකට යටත් වූ ලක්ෂිතට ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ ඉදිරි සති දෙකක තරග අහිමි වනු ඇත.

මේ අතර මහනුවර ක්‍රීඩා සමාජයේ ෂෙහාන් පතිරණ හට තරග 4ක තහනමක්  තිබෙන්නේ එම තරගයේ දී ම සිදු වූ අනතුරුදායක ක්‍රීඩා විලාසය සහ පහර දීමක් යන චෝදනා යටතේ යි. අදාළ තරගයේ 9 වන මිනිත්තුවේ ෂෙහාන් පතිරණ පන්දුව තමාගෙන් එපිටට යන ලෙස පා පහරක් එල්ල කළේ ප්‍රතිවාදී CH කණ්ඩායමේ චතුර දිල්ෂාන් පන්දුව ලබා ගැනීමට පැමිණෙන අවස්ථාවේ දී යි.

එහි දී ෂෙහාන්ගේ පා පහරට ලක්වූ දිල්ශාන් වහාම රෝහල් ගත කිරීමට සිදු වූ අතර  ඔහුගේ හිසට සිදු වූ හානියට අමතරව මුඛයට මැහුම් 32ක් යෙදීමට ද සිදුව තිබේ. මේ අනුව දිල්ශාන් හට මේ තරගාවලියේ පළමු වටය සම්පූර්ණයෙන්ම අහිමි වේ. මෙම සිදුවීමට අදාළව ලබා දුන් තීරණය හේතුවෙන් මහනුවර කණ්ඩායමේ දෙවන පෙළ (second row) ක්‍රීඩක ෂෙහාන් හට ද සති හතරක තරග අහිමි වී යනු ඇති.

යුධ හමුදාව ප්‍රමාද වෙද්දී නාවිකයන් පෙරමුණ ගනියි

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ පළමු සතිය අවසන් කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජයත් නාවික හමුදා…

CR & FC කණ්ඩායමේ නායක කවිඳු පෙරේරාට කහ කාඩ්පත් අවවාදයක් ලැබුණු සිදුවීම පිළිබඳව ද තරග නිරීක්ෂණ නිලධාරියාගේ අවධානය යොමු වී තිබුණි. පළමු සති අන්තයේ දෙවන දිනයට අදාළව ගුවන් හමුදාව සමඟ රත්මලානේ පැවති තරගය අතරතුර දී පෙරේරා විසින් ප්‍රතිවාදී ගුවන් හමුදා විඟර් ක්‍රීඩක අමිල බණ්ඩාර ඉලක්ක කර ගනිමින් දියත් කළ නැවැත්වීමේ උත්සාහය (tackle) නියමිත සීමාව වූ ඉණ මට්ටමෙන් ඉහළ සහ අනතුරුදායක උත්සහයක් ලෙස තීරණය කෙරිණි.

කවිඳු පෙරේරා හට සිය නායකත්ව වසරට අමිහිරි ආරම්භයක් සනිටුහන් කරමින් අමිල බණ්ඩාර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරෙද්දී ඔහුට කහ කාඩ්පතක් සමඟින් මිනිත්තු 10කට පිටියෙන් ඉවත් වීමට සිදු විය. කෙසේ වෙතත් ඒ අමිහිරි අත්දැකීම තවත් තීව්‍ර කෙරුණේ, තරග නිරීක්ෂක නිලධාරිවරයාගේ නිර්දේශ මත පසුගිය දා (8) පැවති පරීක්ෂණයේ දී කවිඳු පෙරේරා හට සති තුනක තරග තහනමක් පැනවීමත් සමඟයි.

කන්ද උඩරටින් අගනුවරට ආක්‍රමණයක්

2017/18 ඩයලොග් රග්බි ලීග් තරගමාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් ගියවර ශූරතාවය දිනා ගත් …

මෙම විනය කඩකිරීම් සම්බන්ධයෙන් ලබා දුන් තීරණ පිළිබඳ ThePapare.com වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා රග්බි සංගමයේ විනිශ්චය නිලධාරි (judicial officer) අරුණ ජයසේකර මහතා සඳහන් කළේ මෙම තීරණ ගැනීමට ප්‍රධානතම හේතුව  ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කර ගැනීම සහ ක්‍රීඩකයන් අතර එකිනෙකාට ඇති ගරුත්වය ආරක්ෂා කිරීමත්, ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් බවයි.

”තරග නිරීක්ෂණ ක්‍රමවේදය ශ්‍රී ලංකා රග්බි කරළියට හඳුන්වා දුන්නේ 2014 වසරේ දී යි. එහි ප්‍රධාන අරමුණ වුනේ නීති විරෝධී සහ විනය විරෝධී ක්‍රියා සිදුවීම අවම කරමින් ඒ හරහා ක්‍රීඩාවේ ඇති සැබෑ ජීවය ඉස්මතු කිරීමේ ඇති අවශ්‍යතාවයි.

අපි බලාපොරොත්තු වෙනවා ක්‍රීඩකයන් එකිනෙකාට ගරු කරමින් ක්‍රීඩාවේ නිර්මල භාවය ආරක්ෂා කරයි කියා.”

කෙසේ වෙතත් ජාත්‍යන්තර රග්බි සංගම් නීති රීති වලට අනුකූලව මෙම විනය පියවර පිළිබඳ අභියාචනා ඉදිරිපත් කිරීමේ අයිතිය සියලු ක්‍රීඩකයන් සතුව පවතියි.

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<