17න් සහ 19න් පහල ජය මාරිස්ටෙලාවට

469

පාසල් පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන පාසල් වයස අවුරුදු 19 පහළ පළමු පෙල හා වයස අවුරුදු 17 න් පහල අවසන් මහා තරඟ දෙක ඊයේ (19) කොළඹ සුගතදාස පිටියේදී පැවැත්විණි. එම තරඟ දෙකම මීගමුව මාරිස්ටෙලා විද්යාලය ජයග්‍රහණය කිරීමට සමත් විය.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය හා වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලය අතර තරඟය (17න් පහළ)

මෙම තරඟය මාරිස්ටෙලා විද්‍යාලය ගෝල 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

තරගයේ පළමු අර්ධයේ සිටම ජෝශප් වාස් විද්‍යාලය ආක්‍රමණශීලීව ක්‍රීඩා කල අතර පළමු අර්ධයේ දී බොහෝ වේලාවක් පන්දුව ඔවුන්ගේ ග්‍රහනයේ තබාගෙන ඔවුන් ක්‍රීඩා කරන ලදි. ජෝශප් වාස් විද්‍යාලයේ අංක 7 ක්‍රීඩක කවිදු බින්දුශාන් ගෝල රකින්නා ගේ හිසට ඉහළින් පන්දුව යවා ගෝලයක් ලබාගැනීමට සමත් විය.

තරගයේ පළමු අර්ධයේ දී මාරිස්ටෙලා ක්‍රීඩකයෙකුට විනිසුරුතුමා විසින් කහ කාඩ්පතක් පෙන්නුම් කරන ලදි.

තරගයේ පළමු අර්ධය ගෝල 1-0 ක් ලෙස ජෝශප් වාස් විද්යාලය පෙරමුණේ පසුවිය.

අනතුරුව ක්‍රියාත්මක වූ මාරිස්ටෙලා ක්‍රීඩක කරන් අවිශ්ක වේගවත් ගෝලයක් ලබාගැනීමට සමත් විය. ඒත් සමඟම තරගයේ උණුසුම වැඩි විය. අවසන් මොහොතේ දී දඩුවම් පහරක් සාර්ථක කරමින් මොහොමඩ් සාජිත් මාරිස්ටෙලා විද්‍යාලයට 17 න් පහළ පාපන්දු ශුරතාවය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ThePapare.com තරගයේ වීරයාකරන් අවිශ්ක

පාසල් පාපන්දු සංග්‍රාමයේ  අවසන් මහා තරගයේ වීරයා කරන් අවිශ්ක

පාසල් පාපන්දු සංග්‍රාමයේ  අවසන් මහා තරගයේ හොඳම දැල් රකින්නා ප්‍රමුදිත ප්‍රකාශ්

තරගයේ ඡායාරූප අැල්බමය


මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය හා අල්හුසේන් විදයාලය අතර තරඟය (19න් පහළ පළමු පෙල)

මෙම තරඟයෙන් ගෝල 2-0 ජයග්‍රහණයක් ලබාගැනීමට මාරිස්ටෙලා විද්‍යාලය සමත් විය.

මෙම තරඟයද කොළඹ සුගතදාස පිටියේදී ඊයේ (19) දා පැවැත්විණි.

පළමු අර්ධයේ පටන්ම මාරිස්ටෙලා විද්‍යාල ක්‍රීඩකයින් තරගයේ ග්‍රහනය තමාගේ විද්‍යාලය පැත්තේ තබාගෙන ක්‍රීඩා කරන ලදි. 35 වන මිනිත්තුවේදී නායක ළහිරු සුපුන් විසින් වේගවත් පහරක් කෙලින්ම දැල වෙතට එල්ල කරමින් මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් පළමු ගෝලය ලබාගැනීමට සමත් විය.

අවසන් මොහොතේ දි මාරිස්ටෙලා විද්‍යාලය ක්‍රීඩකයෙකු පිටියේ එක් පැතිකෙලවරක සිට පන්දුව ක්‍රීඩකයින් කිහිපදෙනකුගේම සහය ඇතිව තවත් ගෝලයක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කරා මෙහෙයවීමට මාරිස්ටෙලා ක්‍රීඩකයින් සමත් විය.

තරගයේ ඡායාරූප අැල්බමය

ThePapare.com තරගයේ වීරයා සුපුන් ළහිරු

පාසල් පාපන්දු සංග්‍රාමයේ  අවසන් මහා තරගයේ වීරයා සුපුන් ළහිරු

පාසල් පාපන්දු සංග්‍රාමයේ  අවසන් මහා තරගයේ හොඳම දැල් රකින්නා උමේෂ් සංජය

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට