කළුතර සමාජය පරදා හලාවත මේරියන්ස් ඉදිරියටම

465
SLC U23 division 1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහල අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (10) පැවැත්විය.

එහිදි දෙමළ සංගම් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රිකට් සමාජය, සිංහල ක්‍රිකට් සමාජය, පානදුර ක්‍රීඩා සමාජය, හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය, BRC සමාජය, යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

පැවති තරගවලින් සිංහල ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රිෂාන් සංජුල, පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් මොහොමඩ් ශිල්මි සහ ලංකන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් සංජුල අබේවික්‍රම යන ක්‍රීඩකයින් දැවැන්ත ශතක ලබා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: පැවති තරග දහයෙන් වැඩිම ලකුණු කොල්ට්ස් පිලට

දෙමළ සංගම් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජයට එරෙහිව නාවික හමුදා ක්‍රීඩා සමාජය

පි. සාරා ඕවල් ක්‍රීඩාංගණයේදි පැවති තරගයෙන් දැවැන්ත ජයග්‍ර‍ණයක් ලබා ගැනීමට දෙමළ සංගම් සමාජය සමත් විය. එහිදි කුසල් එදිරිසූරිය සහ මධුර මධුසංක විසින් නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබා ගැනීමට සමත් විය.

දෙමළ සංගම් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය – 219/8 (50): දිනෙත් තිමෝද්‍ය 67, හරිත් මධුවන්ත 55, දිනුක මාලන් 2/48, කොසල 2/33.

නාවික හමුදා ක්‍රීඩා සමාජය – 190 (46.1): කුසල් එදිරිසූරිය 78, මධුර මදුසංක 63, ඉෂාර ප්‍ර‍සාන් 3/24, ඩෙවින් පත්මනාදන් 2/30, චාමික කරුණාරත්න 2/33.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට එදිරිව පොලිස් ක්‍රීඩා සමාජය

ප්‍ර‍ථමයෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කල කෝල්ට්ස් සමාජය නියමිත පන්දුවාර ගණන අවසානයේ ලකුණු 244ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉණිම ක්‍රීඩා කල පොලිස් සමාජය පන්දුවාර 48 කදි සියළු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 205ක් පමණි. තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදි පැවැත්විය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – 244/9 (50): අකිල දනංජය 74, ප්‍රමෝද් මධුවන්ත 54, සදීර සමරවික්‍ර‍ම 26, තරින්දු ද සිල්වා 3/32, කවින්දු බණ්ඩාර 3/49.

පොලිස් ක්‍රීඩා සමාජය – 205 (48.1): අසිංත මල්ෂාන් 43, තරින්දු ද සිල්වා 43, නිම්නක රත්නායක 33, චරිත් ලක්වින් 3/35, සහන් අරච්චිගේ 2/19, මොහොමඩ් ශිරාස් 2/23.


ශ්‍රී ලංකා වරාය අධිකාරි සමාජයට එරෙහිව රාගම ක්‍රිකට් සමාජය

කටුනායක FTZ ක්‍රීඩාංගණයේදි පැවැති මෙම තරගයෙන් ලකුණු 85කින් ජයග්‍ර‍හණය වාර්තා කිරීමට වරාය අධිකාරි සමාජය සමත් විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරි සමාජය – 234 (49): හර්ෂ රාජපක්ෂ 71, වනිදු හසරංග 33, අමිල අපොන්සු 3/32

රාගම ක්‍රිකට් සමාජය – 149 (37.3): ජනිත් ලියනගේ 44, ශමින්ද ෆර්නැන්ඩෝ 38, වනිදු හසරංග 3/25, හර්ෂ රාජපක්ෂ 3/40.

පසුගිය ලිපි: හෙට්ටිවත්ත සහ රන්දික දිනුම කරා සිය කණ්ඩායම රැගෙන යයි


සිංහල ක්‍රිකට් සමාජයට එදිරිව ලංකන් ක්‍රිකට් සමාජය

ක්‍රිශාන් සංජුල විසින් වාර්තා කරන ලද දැවැන්ත ශතකයත් කවින්දු කුලසේකර විසින් වාර්තා කල අර්ධ ශතකයත් සමග ලකුණු 320ක් ලබා ගැනීමට SSC ක්‍රීඩා සමාජය සමත් වු අතර ලංකන් ක්‍රීඩා සමාජයට වාර්තා කිරීමට හැකි වුයේ ලකුණු 187ක් පමණි.

සිංහල ක්‍රිකට් සමාජය – 320/6 (50): ක්‍රිෂාන් සංජුල 125, කවින්දු කුලසේකර 55, රමේෂ් මෙන්ඩිස් 35*, රශ්මික ඕපාත 29, ප්‍ර‍මුද් හෙට්ටිවත්ත 4/74.

ලංකන් ක්‍රිකට් සමාජය – 187/8 (50): සංජුල අබේවික්‍ර‍ම 102*, රමේෂ් මෙන්ඩිස් 2/43


පානදුර ක්‍රීඩා සමාජයට එදිරිව බ්ලූම්ෆීල්ඩ් සමාජය

තරගයේ නියමිත පන්දුවාර ගණන අවසානයේ ලකුණු 250 ලබා සිටි පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් දක්ෂ පිති හරඹයක නිරතවීමට මොහොමඩ් ශිල්මි සමත් විය. ඔහු විසින් ලකුණු 123ක් වාර්තා කෙරූ අතර පිළිතුරු ඉණිම ක්‍රීඩා කල බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 170ක් පමණි.

පානදුර ක්‍රීඩා සමාජය – 250 (49.2): මොහොමඩ් ශිල්මි 123, චාමික හර්ශණ 31, තරින්දු කරුණාරත්න 4/29, සචින් ජයවර්ධන 3/43, බාශිත ලක්ෂාන් 2/36.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය – 170/9 (50): තරින්දු කරුණාරත්න 66*, තුලින ඩිල්ෂාන් 30, මාධව නිමේශ් 4/41, ශානක රොශෙන් 2/25.


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට එදිරිව කළුතර නගර ක්‍රිකට් සමාජය

මග්ගොන සරේ ක්‍රීඩා පිටියේදි පැවති තරගයෙන් ලකුණු 59කින් ජය ලබා ගැනීමට හලාවත කණ්ඩායම සමත් විය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – 300/7 (50): ලක්කන ජයසේකර 86, රිසිත් උපමල් 52, දේශාන් සංජීව 49, රුක්ෂාන් ෆර්නැන්ඩෝ 46*, රුසිර රවිශංක 2/55.

කළුතර නගර ක්‍රිකට් සමාජය – 241 (46.4): දමින්ද අශාන් 69, මිලින්ද සම්පත් 37, ගීත් පෙරේරා 24, චලන ද සිල්වා 4/21, ඩිල්ශාන් සංජීව 3/58.

පසුගිය ලිපි: අකිල්ගෙන් නොදැවී ශතකයක් මීගමුවට


BRC සමාජයට එදිරිව මූවර්ස් ක්‍රීඩා සමාජය

මූවර්ස් කණ්ඩායමට සාර්ථක අභියෝගයක් ලබා දුන් BRC කණ්ඩායම තරගයේ ජයග්‍ර‍ණය වාර්තා කිරීමට සමත් වන්නේ ලකුණු 40කිනි.

BRC සමාජය – 230 (48.3): චේනුත වික්‍ර‍මසිංහ 63, දුලංජ සිල්වා 45, නිපුන ගමගේ 43, ලසිත ලක්ෂාන් 38, විකුම් පීරිස් 4/34, අමිත කෞෂාල්‍ය 2/50.

මූවර්ස් ක්‍රීඩා සමාජය – 190 (42): මින්හජ් ජලිල් 48, ඉර්ෂාඩ් උමාර් 44, අරුණ ධර්මසේන 25, නිමන්ත ගුණසිරි 4/32, පූර්ණ අලුත්ගේ 3/43


කුරුණෑගල යූත් සමාජයට එරෙහිව යුධ හමුදා ක්‍රීඩ සමාජය

තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදි පැවති අතර තරගයෙන් කුරුණෑගල සමාජය පරදවා ජයග්‍ර‍ණය වාර්තා කිරීමට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. ඒ පහසු හඹා යෑමකින් අනතුරුවයි.

කුරුණෑගල යූත් සමාජය – 163 (41.2): ශෙහාන් කුරේ 39, රන්දීර රණසිංහ 20, සංජික රිද්ම 4/47, නිර්මාල් ශානක 2/28.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – 165/3 (21.3): හිමාෂ ලියනගේ 84*, අශාන් රන්දික 32, ප්‍ර‍බාශ් කැප්පැටිපොල 2/65.


මීගමුව ක්‍රිකට් සමාජයට එදිරිව නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රිකට් සමාජය

තරගය කදිරන දි පැවැත් වු අතර ඉතාමත් පහසු හඹෘ යෑමකින් ජයග්‍ර‍ණය වාර්තා කිරීමට NCC සමාජය සමත් විය.

මීගමුව ක්‍රිකට් සමාජය – 89/ all out (23.4): කවීන් බණ්ඩාර 16, ලහිරු කුමාර 6/37, අනුක් ෆර්නැන්ඩෝ 3/15.

NCC සමාජය – 94/5 (28.3): නිමේෂ් ගුණසිංහ 21*, ඩිලාන් ජයලත් 20, නිශාන් පීරීස් 4/21.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට