ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියකට අත ගසයි

722

2018 වසරේ අගෝස්තු මස 21 වන දා සිට සැප්තැම්බර් 2 වන දින අතර කාල පරාසය තුල “SLC T20” නම් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම්ව ඇත.

තිසර සහ ලක්මාල් කඩුලු කඩඉම් සමරද්දී ආගන්තුකයින් තරගය ජය ගනී

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අද (01) ආරම්භ වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී…

මේ දින වල දිවයිනේ පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය නිමා වීමෙන් පසුව සිදු කිරීමට කටයුතු යොදා ඇති මෙම තරගාවලිය සඳහා දඹුල්ල, කොළඹ, ගාල්ල හා මහනුවර යන කණ්ඩායම් හතර සහභාගී වන අතර දිවා හා දිවා/රාත්‍රී තරග ලෙස මෙහි තරග පැවැත්වීමට සංවිධානය කර  තිබේ.

ලීග් ආකාරයට සිදු කෙරෙන මෙම  විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාලය තුළ දී ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර සූදානම්ව සිටිය ද එම කටයුතු සාර්ථක නොවීය. ඒ නිසාවෙන් දේශීය ක්‍රිකට් පිටිය විවේකිව පවතින කාල සමය තුළ මෙවැනි ආකාරයක ප්‍රවේගකාරී දේශීය ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත. මෙහි දී සෑම කණ්ඩායමක්ම තරග 6 බැඟින් ක්‍රීඩා  කරන අතර තරගාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින කණ්ඩායම් දෙකට මෙම විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනු ඇත.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාලසටහන නිකුත් වේ

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය මාසයකට ආසන්න කාලයක් මේ වසරේ දෙසැම්බර් මස 15 සිට ලබන වසරේ…

එහි තීරණාත්මක හා සුපිරි අවසන් මහා සටන විදුලි ආලෝකය මධ්‍යයේ සැප්තැම්බර් මස 2 වැනි දා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර තරගාවලියේ අනෙකුත් තරග මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ දී හා රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී  පැවැත්වේ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්, කොන්ත්‍රාත්ගත දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් හා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබයි.

තරගාවලියේ සියලුම තරග ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව විකාශනය කිරීමට කටයුතු  සූදානම් කර ඇත.

තරග කාලසටහන

  • අගෝස්තු 21 කොළඹ හා ගාල්ල  – දහවල් 2.00 – ආර්. ප්‍රේමදාස පිටිය
  • අගෝස්තු 21 – මහනුවර හා දඹුල්ල – රාත්‍රී 7.00 – ආර්. ප්‍රේමදාස පිටිය
  • අගෝස්තු 22 – කොළඹ හා මහනුවර – දහවල් 2.00  – ආර්. ප්‍රේමදාස පිටිය
  • අගෝස්තු 22   ගාල්ල හා දඹුල්ල – රාත්‍රී 7.00  – ආර්. ප්‍රේමදාස පිටිය
  • අගෝස්තු 25 – ගාල්ල හා මහනුවර – දහවල් 2.00 – දඹුල්ල
  • අගෝස්තු 25 – කොළඹ හා දඹුල්ල – රාත්‍රී 7.00  – දඹුල්ල
  • අගෝස්තු 26 – කොළඹ හා ගාල්ල  – දහවල් 2.00 – පල්ලෙකැලේ
  • අගෝස්තු 26 – මහනුවර හා දඹුල්ල – රාත්‍රී 7.00 – පල්ලෙකැලේ
  • අගෝස්තු 29 – ගාල්ල හා මහනුවර – දහවල් 2.00 – පල්ලෙකැලේ
  • අගෝස්තු 29 – කොළඹ හා මහනුවර – දහවල් 7.00  – පල්ලෙකැලේ
  • අගෝස්තු 30 – ගාල්ල හා මහනුවර – දහවල් 2.00 – පල්ලෙකැලේ
  • අගෝස්තු 30 – කොළඹ හා දඹුල්ල – රාත්‍රී 7.00  – පල්ලෙකැලේ
  • සැප්තැම්බර් 2 – අවසන් මහා  තරගය – රාත්‍රී 7.00  – ආර්. ප්‍රේමදාස පිටිය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<