අන්තර් පළාත් සුපිරි 4 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවති තරගවලට අයහපත් කාලගුණ තත්ත්වය බලපෑම් කිරීම හේතුවෙන් පැවැති තරග දෙකම විසඳුමක් නොමැති ව අවසන් විය.
නුවර සහ දඹුල්ල අතර තරගය ද, ගාල්ල සහ කොළඹ අතර තරගය ද මෙසේ අතර මඟ නතර කෙරුණි. එසේ නතර කෙරුණ ද තරග පැවති කෙටි වේලාවේ දී පිත්තෙන් දක්ෂතා දක්වන්නට ගාල්ල කණ්ඩායමේ සධීර සමරවික්‍රම සහ භානුක රාජපක්ෂ ද, දඹුල්ල කණ්ඩායමේ අශාන් ප්‍රියංජන් ද සමත් වූහ.
තිරිමාන්න සහ වනිඳු නුවර ක්‍රීඩකයෝ අසරණ කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපිරි 4 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවති තරගවල දී ගාල්ල සහ කොළඹ කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.
මේ දක්වා පැවති තරගවල දී ගාලු ක්‍රීඩකයෝ තරග 6කට මුහුණ දී ඉන් තරග 4ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමුවැනියා වී සිටින අතර තරග 6කට මුහුණ දී තරග 3ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය දිනා සිටින කොළඹ ක්‍රීඩකයෝ ද අවසාන තරගය සඳහා සුදුසුකම් ලබා සිටී. එම කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන අවසාන මහා තරගය මේ මස 20 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිත යි.
තරගාවලියට සහභාගී වූ දඹුල්ල ක්‍රීඩකයෝ තරග දෙකක ජයග්‍රහණයන් ද, නුවර ක්‍රීඩකයෝ එක් තරගයක ජයග්‍රහණ ද ලබා ගනිමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පිළිවෙළින් තෙවැනි සහ සිව්වැනි ස්ථාන දිනා සිටී.
නුවර සහ දඹුල්ල අතර තරගය
කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගය විසඳුමකින් තොර ව අවසන් විය. කාසියේ වාසිය දිනා ගත් නුවර ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 257ක් ලබා ගත්හ.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අශාන් ප්‍රියංජන ය. ඔහු පන්දු 77ක දී ලකුණු 73ක් රැස් කළේ හතරේ පහර 5ක් ද තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි. අශාන් සචිත්‍ර සේරසිංහ සමඟ එක් වෙමින් තෙවැනි කඩුල්ලට ලකුණු 55ක සබඳතාවක් එක් කළහ. සචිත්‍ර රැස් කළ ලකුණු සංඛ්‍යාව 41කි. ඊට පන්දු 66ක් වැය වී තිබූ අතර හතරේ පහර 5ක් ඇතුලත්ව තිබුණි.
ඔවුන් දෙදෙනාට අමතරව ටී. එන්. සම්පත් පන්දු 52ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 42ක් රැස් කළේය. පන්දුවාර 49ක් සේ ක්‍රියාත්මක වූ මෙම තරගයේ දඹුලු ක්‍රීඩකයන්ගේ ඉනිම අවසන් වන විට ලහිරු මධුශංක පන්දු 33කට මුහුණ දී හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 34ක් ලබා සිටියේය.
“නිලවරණයට මගේ කිසිම සම්බන්ධයක් නෑ” – සංගක්කාර
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙක් වන කුමාර සංගක්කාර මහතා ඊයේ (15) දිනයේ දී නව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාව ක්‍රීඩා අමාත්‍යංශයේ දී මුණගැසී තිබේ.
පන්දු යැවීමේ දී ජීවන් මෙන්ඩිස් සහ චරිත් අසලංක කඩුලු 2 බැගින් දවා ගත් අතර ඉසුරු උදාන, ජනිත් සිල්වා සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ල බැගින් ලබා ගත්හ.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නුවර ක්‍රීඩකයන්ට පන්දුවට පහර දීමට සිදු වූයේ පන්දුවාරයක් සහ පන්දුවකට පමණි. ඇද හැළුණ වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කෙරුණි. ඒ වෙද්දී ඔවුන් කිසිවෙක් නොදැවී ලකුණු 17ක් ලබා සිටියහ. එහි දී ධනුශ්ක ගුණතිලක නොදැවී ලකුණු 13ක් සහ පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 4ක් ද ලබා සිටියහ.
පැවති අයහපත් කාලගුණ තත්ත්වය දිගින් දිගටම පැවතීම හේතුවෙන් තරගය විසඳුමකින් නතර කර දැමීමට පිටියේ විනිසුරුවන් වූ හේමන්ත බොතේජු සහ ගාමිණී දිසානායක යන මහත්වරුන් කටයුතු කළහ.
දඹුල්ල කණ්ඩායම; කඩුලු 7ක් දැවී 257 (49.0): සචිත්‍ර සේරසිංහ 41, අශාන් ප්‍රියංජන් 73, ටී. එන්. සම්පත් 42, ලහිරු මධුශංක නොදැවී 34, ජීවන් මෙන්ඩිස් 2/34, චරිත් අසලංක 2/32
නුවර කණ්ඩායම; කිසිවෙක් නොදැවී 17 (1.1) ධනුශ්ක ගුණතිලක නොදැවී 13
ගාල්ල සහ කොළඹ අතර තරගය
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගය ද අයහපත් කාලගුණ තත්ත්වය මත තීරණයකින් තොරව නතර කර දැමුණි.
කාසියේ වාසිය දිනූ ගාලු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 2ක් දැවී ලකුණු 155ක් ලබා ගත්හ. ඒ පන්දුවාර 47කට සීමා වූ තරගයේ පන්දු වාර 30කට පමණක් මුහුණ දෙමිනි.
ගාලු ඉනිමේ පළමු කඩුල්ල එක් ලකුණකට සීමා වූ විට පිටියට පිවිසි සධීර සමරවික්‍රම, ආරම්භක පිතිකරු භානුක රාජපක්ෂ සමඟ එක්වෙමින් දෙවැනි කඩුල්ලට ලකුණු 123ක් එක් කිරීම කැපී පෙණුනි. දෙවැනි කඩුල්ල ලෙසින් භානුක රාජපක්ෂ පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 59ක් ලබා සිටිය දී දැවී ගියේය.
තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට සධීර සමරවික්‍රම පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 72ක් ලබා සිටියේය. ඊට අමතරව සම්මු අශාන් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 16කි.
පන්දු යැවීමේ දී තිසර පෙරේරා සහ ෂෙහාන් ජයසූරිය කඩුල්ල බැගින් දවා ගත්හ.
තරගය දහවල් විවේකයට ප්‍රථමයෙන් අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කෙරුණ අතර අවස්ථා කිහිපයක දී ම පිටියේ විනිසුරුවන් වූ දීපාල් ගුණවර්ධන සහ කීර්ති බණ්ඩාර යන මහත්වරුන් විසින් පිටිය නිරීක්ෂණය කළ ද තරගය පැවැත්වීමට තරම් කාලගුණ තත්ත්වය සහ ක්‍රීඩාංගණයේ තත්ත්වය ද යහපත් නොවූවෙන් තරගය විසඳුමකින් නතර කෙරුණි.
ගාල්ල කණ්ඩායම; කඩුලු 2ක් දැවී 155 (30.0): භානුක රාජපක්ෂ 59, සධීර සමරවික්‍රම නොදැවී 72
තරගාවලිය අවසාන මහා තරගය මේ මස 20 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගක් ලෙසින් පැවැත්වෙන අතර එම තරගය සජීවී ව ඔබ වෙත සමීප කරවීමට ThePapare.com කටයුතු යොදා ඇත.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















