ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තවත් ඇඟලුම් ආයතනයක අනුග්‍රහය

186

මෙරට සුප්‍රසිද්ධ ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල විධිමත් (Formal) ඇඟලුම් අනුග්‍රාහකයා ලෙසින් ගිවිසුමකට එළඹ ඇත. ඒ අනුව ඉදිරි වසර 3ක කාලය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල නිල විධිමත් ඇඳුම් අනුග්‍රාහක ලෙසින් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම කටයුතු කරනු ඇත.

දෙපාර්ශ්වය අතර අත්සන් තැබුණු මෙම ගිවිසුමට අනුව, ඇඟලුම් නිෂ්පාදකයකු මෙන්ම ඇඳුම් නිර්මාණ ආයතනයක් ලෙසින් ශ්‍රී ලංකාවේ කීර්තිමත් නාමයක් දිනා සිටින නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි ජාතික කණ්ඩායම් හි විධිමත් ඇඳුම් සපයන්නා ලෙසින් කටයුතු කරනු ඇත. 

ඊට අමතරව එම  අනුග්‍රාහකත්වය පිරිනැමීම යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ජැකට්, කමිස සහ කලිසම් ඇතුළු අනුග්‍රාහකත්වයට අදාළ මුදල් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දෙනු ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

“ක්‍රීඩාවට පමණක් නෙවෙයි මුළු ලෝකයටම සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙවැනි අවස්ථාවක අපගේ නිල විධිමත් ඇඟලුම් අනුග්‍රාහක ලෙසින් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම පැමිණීම සම්බන්ධව අපි ඉතා සතුටට පත් වෙනවා” යැයි ගිවිසුම් හුවමාරු කර ගැනීමේ අවස්ථාවේ දී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතා, සඳහන් කර සිටියේය.

මෙම අනුග්‍රාහකත්වය පිරිනැමීම යටතේ මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල විධිමත් ඇඳුම් අනුග්‍රාහකයා යන නාමය භාවිතා කිරීමට නාමල් බාලචන්ද්‍ර පෞද්ගලික සමාගමට අයිතිය හිමි වන අතරම, එකී අනුග්‍රාහක පිරිනැමීමේ කාලසීමාව තුළ එහි සියලුම ලිපි ද්‍රව්‍ය, ප්‍රවර්ධන ද්‍රව්‍ය සහ වෙළෙඳ දැන්වීම් සඳහා ද අයිතිය හිමි වනු ඇත.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමනේ කොටසක් වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. මෙම හවුල්කාරීත්වය යටතේ අපගේ වෙළෙඳ නාමයේ වටිනාකම ඉහළ යෑමට නිසැක දායකත්වයක් ලැබෙනවා” යැයි අනුග්‍රාහකත්වය පිරිනැමීමට ඉදිරියට පැමිණීම පිළිබඳව නාමල් බාලචන්ද්‍ර පෞද්ගලික සමාගමේ සභාපති නාමල් බාලචන්ද්‍ර මහතා සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි ගරු ලේකම් මොහාන් ද සිල්වා මහතාත්, නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම වෙනුවෙන් එහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ නාමල් බාලචන්ද්‍ර මහතාත් අතර මෙම අනුග්‍රාහකත්වය ලබා දීම පිළිබඳව වූ ගිවිසුම අද (සැප්තැම්බර් 23 දා) දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී අත්සන් කොට හුවමාරු කර ගැනිණ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<