ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තවත් සහනයක්

60
SLC

Covid-19 වසංගත තත්වය නිසාවෙන් දේශීය වශයෙන් මෙන්ම, ගෝලීය වශයෙනුත් ක්‍රිකට් තරග රැසක් නවතා දමා ඇත. එවැනි මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ සිටින දුෂ්කරතාවයට පත්ව ඇති ප්‍රජාව වෙනුවෙන් යම් මූල්‍යමය සහනයක් ලබා දීමට ශ්‍රී ලංකා  ක්‍රිකට් විධායක කමිටුව අද (27) තීරණය කර ඇත.

කොරෝනාවලින් පස්සේ ක්‍රීඩිකාවන්ට ලොකු අසාධාරණයක්!

කොරෝනා වයිරස අවදානම අවසන් වූ පසුව කාන්තා ක්‍රීඩා ඉසව් සඳහා යොදන අවධානය අඩු වනු ඇති..

ඒ අනුව මාර්තු සහ අප්‍රේල් මාසවල දී ක්‍රිකට් ක්‍රීඩාංගණවල යටිතල පහසුකම් සහ ඒ අදාළ ප්‍රමීතින් ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කරනු ලැබූ ක්‍රිකට් සමාජ (ක්‍රිකට් ක්‍රීඩාංගණ පවත්වා ගෙන යන) සඳහා රුපියල් 100,000 බැගින් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

එසේම මේ වසංගත තත්ත්වය හේතුවෙන් මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින දිස්ත්‍රික් සංචිතවල සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් සහ එහි කළමනාකරණ කාර්ය මණ්ඩලයේ ජීවනෝපාය ඉහළ නංවාලීම සඳහා දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වලට රුපියල් 150,000 බැගින් වූ මූල්‍යමය ප්‍රදානයන් ද ලබා දීමට එහි දී පියවර ගෙන තිබේ. 

Video – දිමුත් පාසල් කාලේ ක්‍රිකට් ගහපු හැටි

මේ ඉන්නේ අපේ වර්තමාන ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ දිමුත් කරුණාරත්න…

 මෙම පියවර යටතේ ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගණ පවත්වා ගෙන යන ක්‍රිකට් සමාජ 11ක් සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් 26ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන හිමි වේ.

මේ සහන පියවරේම එක් අදියරක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචි වී සිටින දුෂ්කරතාවයට ලක්ව සිටින විනිසුරුවන් වෙනුවෙන් ලබා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයට රුපියල් 780,000ක මූල්‍ය ප්‍රදානයක් ලබා දෙන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<