කොරෝනාවලින් පස්සේ ක්‍රීඩිකාවන්ට ලොකු අසාධාරණයක්!

67

කොරෝනා වයිරස අවදානම අවසන් වූ පසුව කාන්තා ක්‍රීඩා ඉසව් සඳහා යොදන අවධානය අඩු වනු ඇති බවට එංගලන්ත ක්‍රිකට් නායිකා හෙදර් නයිට් සැක පළ කරනවා.

කොරෝනා වයිරස අවදානම නිසා ක්‍රීඩා ලෝකය නොසිතූ තත්වයකට ඇද වැටුණු අතර ලොව පුරා ක්‍රීඩා පරිපාලන ආයතන රැසක්ම මේ වන විට දැඩි මුල්‍ය අර්බුදයන්ට මුහුණ දී තිබෙනවා. එම නිසා නැවත තරග ආරම්භ වුණු පසුව මුදල් ඉපයිය හැකි පිරිමි ඉසව් සඳහා අවධානය වැඩිපුර යොමු වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා. 

“ඉන්දියාවට 2020 T20 ලෝක කුසලානය පවත්වන්න පුළුවන්”

දකුණු ආසියානු උප මහාද්වීපයේ කොරෝනා වයිරස් අර්බුදය ලිහිල් ……..

නයිට් පවසා සිටියේ මේ පවතින තත්වය තුළ ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව ලොව පුරා සියලුම කාන්තා ක්‍රීඩා ඉසව් සඳහා යොදන අවධානය අඩු වනු ඇති බවයි. “අපි තේරුම් ගන්න ඕනේ ආර්ථික වශයෙන් වැදගත් ක්‍රීඩා ඉසව්වලට ප්‍රමුඛත්වය ලැබේවි.”

“නමුත් අපි උත්සහ කරන්න ඕන කාන්තා ක්‍රීඩාවන් වෙනුවෙනුත් හඬක් නගලා පිරිමි ක්‍රීඩා ඉසව් වගේම ඉතා ඉක්මනින් එම ක්‍රීඩා ඉසව්ත් පටන් ගන්න.”

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව පසුගිය වසර කිහිපයේ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කළා. මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීමට ප්‍රේක්ෂකයින් 86,000ක් රැස්ව තිබීම එයට හොඳ උදාහරණයක්. නමුත් ඊට ටික දිනකට පසුව කොරෝනා වයිරස අවදානම ලොව ගිල ගත්තේ මුළු මහත් ලෝකයේම ක්‍රීඩාව දැඩි අර්බුදයකට ඇද දමමින්. 

“මම ටෙස්ට් තරගයකට තමා මීට කලින් එහෙම සෙනගක් දැකලා තියෙන්නේ. මේ සෙනඟ කාන්තා ක්‍රීඩාවට කියලා හිතුනම මට හරි සතුටුයි.”

“මම බලාපොරොත්තු වෙනවා ඒ සහයෝගය ලැබුණේ ඒ තරගයට පමණක් නොවෙයි කියා. මම බලාපොරොත්තු වෙනවා ඕස්ට්‍රේලියාවේ පමණක් නොව ලෝකය වටේම ප්‍රේක්ෂකයින් කාන්තා තරග නරඹන්නට පැමිණ සහයෝගය ලබා දෙයි කියලා.”

T20 ලෝක කුසලානය ගැන හෑන්ඩ්ස්කොම්බ්ට සුබවාදී බලාපොරොත්තුවක්

කොරෝනා වයිරසය ජාත්‍යන්තර ක්‍රීඩාවට කළ බලපෑම සුළුපටු නැත……

එංගලන්ත නව ක්‍රිකට් තරග වාරය ආරම්භ වීම ජූලි 1 වැනිදා දක්වා කල් ගොස් ඇති අතර ජුනි මස පැවැත්වීමට නියමිතව තිබුණු එංගලන්ත – ඉන්දියා සීමිත පන්දුවාර තරගාවලිය ද දැන් අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙනවා.  

අන්තර්ජාතික පිරිමි ක්‍රිකට් ක්‍රීඩා තරගාවලි පැවැත්වීම සඳහා අවකාශ හිමි වුනොත් කාන්තා ක්‍රීඩා ඉසව් ද ආරම්භ කරනවා ද යැයි නැගූ පැනයකට පිළිතුරු ලබා දීම එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක ටොම් හැරිසන් මහතා ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේ වෙතත් ඔහු පවසා තිබුණේ එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්දියාව සමඟ තරගාවලියට නැවත දිනයක් යොදා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<