ශ්‍රී ලංකාවට පාකිස්ථානය හමුවේ විශිෂ්ට ජයක්

441
Asian women's netball tournament 8th May report

10 වන වරටත් පැවැත්වූ ආසියානු තරුණ කාන්තා දැල්පන්දු තරගාවලිය පසුගිය 6 වැනි දා කොරියවේ ජෙන්ජු හිදී ආරම්භ වූ අතර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා අවතීර්ණ වන්නේ වත්මන් ශූරියන් ලෙසියි. දැනට ශ්‍රී ලංකා කණ්ඩායම එක් තරගයක් ජයග්‍රහණය කර ඇති අතර එක් තරගයකින් පරාජය ලබා ඇත.

ගුවන් හමුදාව හා යුද හමුදාව අවසන් වටයට

2017 වර්ෂය සඳහා පැවැත්වෙන රාජ්‍ය සේවා පිළිමළුන් පිටු දැකීමේ දැල්පන්දු තරඟාවලියේ අද (2) නිමා වූ, අවසන් පුර්ව වටයේ තරඟ අතුරෙන්, යුද හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 61-58ක් ලෙස පරාජයට.

තරගාවලියේ ආරම්භක පළමු දිනයේ තායිලන්තයට එරෙහිව පැවැත්වූ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 48-53ක් ලෙස පරාජයට පත් වීමට සිදුවිය.

එම තරගයේ පළමු කාර්තුවේ දී ලකුණු 18-08ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසු වූ නමුත් දෙවන කාර්තුවේ සිට ක්‍රියාත්මක වූ තායිලන්ත කණ්ඩායම එතැන් පටන් ශ්‍රී ලංකා කණ්ඩායම අභිබවා ඉදිරියට ඒමට සමත් විය. එහි දී 06-14ක් ලෙස තායිලන්තය පෙරමුණේ සිටිමින් දෙවන කාර්තුව අවසන් වූ අතර, පළමු අර්ධය අවසානයේ ලකුණු 24-22ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසු විය.

අනතුරුව ආරම්භ වූ තෙවන කාර්තුවේ දී තායිලන්තය උපක්‍රමශීලීව ශ්‍රී ලංකා ලකුණු පුවරුව අතික්‍රමණය කළ අතර, එම කාර්තුව අවසන් වූයේ ලකුණු 13-16ක් (37-38) ලෙසිනි. සිව්වන කාර්තුව තුල යලිත් බලාත්මක වූ තායිලන්තය ලකුණු 11-15ක් ලෙස ලකුණු මට්ටමකට පැමිණ, තරගය ලකුණු 48-53ක් ලෙසින් ජයග්‍රාහීව නිමාවට පත්කරන ලදි.

එසේම පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර අද (8) පැවැත්වූ තරගයෙන්, ලකුණු 93-06ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

එහි දී ශ්‍රී ලංකාව කාර්තු 4 තුලම ලකුණු 20 ඉක්මවා ලබා ගැනීමට සමත් වූ අතර එය මෙසේ සනිටුහන් විය, 21-02, 22-01, 22-01 හා 28-02. පළමු අර්ධය අවසන් වන විට, ලකුණු  43-3ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ ගන්නා ලදි. තරගය අවසන් වූයේ ලකුණු 93-06ක් ලෙසයි.

පළමු දිනයේ තරග ප්‍රතිඵල (මැයි 6)

  • කොරියාව හා චීන තායිපේ තරගය; 22-64
  • මාලදිවයින හා පකිස්තානය; 49-7
  • ශ්‍රී ලංකාව හා තායිලන්තය; 48-53
  • ඉන්දියාව හා සිංගප්පූරුව; සිංගප්පූරුවට නිතරගයෙන් ජය

දෙවන දිනයේ තරග ප්‍රතිඵල (මැයි 7)

  • හොංකොං හා පකිස්තානය; 75-2
  • ඉන්දියාව හා මැලේසියාව; 20-91
  • සිංගප්පූරුව හා කොරියාව; 108-6
  • තායිලන්තය හා මාලදිවයින; 60-28

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය හෙට (10) මාලදිවයින සමඟින් පැවැත්වීමට නියමිතව ඇත.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට