අශේන්, ෂෙහාන්, ලහිරු සහ භානුක ශතක රැස් කරති

188

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 තරගාවලියේ පළමු දිනයේ දී (15) ශතක 4ක් වාර්තා වීම කැපී පෙණුනි.

හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවන් වන අශේන් සිල්වා සහ ෂෙහාන් ජයසූරිය ද එන්. සී. සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන ලහිරු උදාර සහ භානුක රාජපක්ෂ එහි හිමිකරුවෝ වූහ.

අසේල ගුණරත්නට විස්සයි විස්ස අහිමි වේ

බංග්ලාදේශය සමඟින් අද (15) ඩකා නුවර දී ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුතු විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ පහළොස් දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයෙන්….

හලාවත මේරියන්ස් සහ එස්. එස්. සී. අතර තරගය

ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක වන හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සහ එස්. එස්. සී. කණ්ඩායම අතර කොළඹ මේට්ලන්ඩ් ක්‍රසන්ට් හි සී. සී. සී පිටියේ දී පැවැත්වෙන තරගයේ පළමු දිනයේ දී ශතක වාර්තා කිරීමට අශේන් සිල්වා සහ ෂෙහාන් ජයසූරිය සමත් වූහ.

කාසියේ වාසිය දිනාගත් එස්. එස්. සී. ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මේරියන්ස් ක්‍රීඩකයෝ එස්. එස්. සී. ක්‍රීඩකයන්ට රිදෙන්නට පහර දෙමින් දිනය අවසන් වෙද්දී කඩුලු 8ක් දැවී ලකුණු 337ක් ලබා සිටියහ.

ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි අශේන් සිල්වා සහ ෂෙහාන් ජයසූරිය අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 245කි. ඔවුන් දිනයේ කාර්තු 2ක් පිටියේ රැඳී සිටිමින් මේ ලකුණු ප්‍රමාණය රැස් කළ අතර ෂෙහාන් ජයසූරියගේ දැවී යෑමත් එම සබඳතාව බිඳ වැටුණි.

ෂෙහාන් පන්දු 159කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 146ක් ලබා ගත්තේය. ඔහු සමඟ එක්ව සිටි අශේන් සිල්වා පන්දු 227කට මුහුණ දී හතරේ පහර 15ක් සමඟින් ලකුණු 105ක් ලැබුවේය.   

හලාවත මේරියන්ස්; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 337 (90.0) අශේන් සිල්වා 110, ෂෙහාන් ජයසූරිය 146, සචිත්‍ර සේරසිංහ 30, රිසිත් උපමාල් 24, අක්තාබ් කාදර් 3/69, සචිත්‍ර සේනානායක 3/91


රාගම සහ බී. ආර්. සී. අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාගම ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබාගත් ලකුණ 129ට පිළිතුරු ලෙසින් බී. ආර්. සී. ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 110ක් ලබා සිටියහ.

රාගම ක්‍රීඩා සමාජය අඩු ලකුණු ප්‍රමාණයකට දවා ගැනීමේ දී 20 වියැති දකුණතින් මඳ වේගපන්දු යවන හිමේෂ් රාමනායක ලකුණු 29කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව සුරාජ් රන්දිව් කඩුලු 2ක් දවා ගත්තේය.

ලකුණු ලබා ගැනීමේ දී රාගම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ආක්ෂු ප්‍රනාන්දු පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමගින් ලකුණු 41ක් ලබා ගත්තේය.

රාගම ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 129 (47.5) ලහිරු මිලන්ත 23, උදාර ජයසුන්දර 18, ආක්ෂු ප්‍රනාන්දු 41, සුරාජ් රන්දිව් 2/27, හිමේෂ් රාමනායක 5/29

බී. ආර්. සී; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 110 (40.0) ලසිත් ලක්ෂාන් 35, හෂේන් රාමනායක නොදැවී 20, ශෂීන් දිල්රංග නොදැවී 20, ඉෂාන් ජයරත්න 3/32, නිශාන් පීරිස් 2/06

කෝල්ට්ස් සහ එන්. සී. සී. අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කෝල්ට්ස් ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 127ට පිළිතුරු ලෙසින් එන්. සී. සී. ක්‍රීඩකයෝ දිනය අවසන් වෙද්දී කිසිවෙක් නොදැවී ලකුණු 251ක් ලබා ඉදිරියෙන් පසු වෙති.

කෝල්ට්ස්  ඉනිම විනාශ කිරීමේ දී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5ක් ද, ලහිරු කුමාර කඩුලු 4ක් ලබා ගත්හ.

එන්. සී. සී. ඉනිමේ ලහිරු උදාර සහ භානුක රාජපක්ෂ ශතක ලබා ගනිමින් දවස නිමා කිරීම කැපී පෙණුනි. ලහිරු පන්දු 168කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 126ක් ද, භානුක පන්දු 146ක දී පන්දු 146ක දී හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 121ක් ලබා සිටියහ.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 127 (35.1) නිසල තාරක 25, කවිශ්ක අංජුල 20, ලහිරු කුමාර 2/26, ලසිත් ඇඹුල්දෙණිය 5/33

එන්. සී. සී; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 251 (52.0) ලහිරු උදාර නොදැවී 126, භානුක රාජපක්ෂ නොදැවී 121

සාන්තුවරයන්ගේ සටනට සාඩම්බර අනුග්‍රාහකත්වය Dialog සමාගමෙන්

සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතර 84 වැනි වරටත් පැවැත්වෙන “සාන්තුවරයන්ගේ මහා ක්‍රිකට් සටන” ලබන මාර්තු මස 2 සහ 3 දිනවල දී කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩා…

සැරසන්ස් සහ වරාය අතර තරගය

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් වරාය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සැරසන්ස් කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 244ක් ලබා සිටියේය.

මෙම ඉනිමේ දී මින්හාජ් ජලීල් පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තේය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 244 (91.0) තනුක දාබරේ 20, ඇන්ඩි සොලමන්ස් 48, මින්හාජ් ජලීල් 56, ගමිඳු කනිෂ්ක 35, හර්ෂ කුරේ 41, අශේන් බණ්ඩාර නොදැවී 38, චරිත් ජයම්පති 3/34

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<