පානදුර ක්‍රීඩකයෝ පොලීසිය ඉණිමකින් පරාජය කරයි

475
SLC Premier League 2016/17 tier B 3rd December roundup

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන2016/17 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරඟ කිහිපයක්ම ඊයේ (02) ආරම්භ වූ අතර එම තරඟ වල දෙවන දිනය අද (03) ක්‍රියාත්මක විය.එහිදී පානදුර ක්‍රීඩා සමාජය විසින් පොලිස් ක්‍රීඩා සමාජය ඉණිමකින් හා ලකුණු 15කින් පරාජයට පත් කරන්නට සමත් විය.

පසුගිය ලිපි: සිරිසෝමගේ මැජික් පන්දුව පොලීසිය අසරණ කරයි

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟය

කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමුව පන්දුවට පහරදීමට නාවික ක්‍රීඩා සමාජයට ආරාධනා කරන ලදි.

කඩුල්ලක් දැවී ලකුණු 83ක් ලබා සිටියදී අද දිනය ආරම්භ කල කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය වෙනුවෙන් නොදැවී ලකුණු 44ක් ලබාගනිමින් ධනුෂ්ක ධර්මසිරි තම ඉණිම ශතකයක් දක්වා ගෙනගිය අතර, ඔහුගේ ඉණිමට 4 පහර 15ක් හා 6 පහර 3ක් අන්තර්ගත විය. කුරුණෑගල තරුණ කණ්ඩායමේ ජවය තව තවත් වැඩි කරමින් හශාන් ප්‍රභාත් දිනය අවසන් වන විට නොදැවී ලකුණු 97*ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටියි.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – 375/09 (107): ධනුෂ්ක ධර්මසිරි 134, හශාන් ප්‍රභාත් 97*, මදුර මදුසංක 4/45

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – 294/10 (71): බුද්ධික හසරංග 72, කුසල් එදිරිසූරිය 61, සමීර සඳමාල් 48, අශාන් රණසිංහ 46*, අනුරුද්ධ රාජපක්ෂ 3/42, හිරාත් මාපටුන 3/63

කුරුණෑගල තරුණ සමාජය, නාවික හමුදා කණ්ඩායමේ පළමු ඉණිමට වඩා  ලකුණු 81ක් ඉදිරියෙන් පසුවෙයි.


පානදුර ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරඟය

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල පොලිස් ක්‍රීඩා සමාජය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

පොලිස් කණ්ඩායමේ පළමු ඉණිමත් සමඟ ඊයේ දිනය අවසන් වූ අතර, අද දිනය ආරම්භ වූයේ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ දෙවන ඉණිමත් සමගිනි. නමුත් පළමු ඉණිම මෙන්ම දෙවන ඉණිම තුලද පොලිස් පිතිකරණය අසාර්ථක වූ අතර, දෙවන ඉණිම සුනු විසුනු කිරීමට චරිත බුද්ධික සමත් විය. ඔහු කඩුලු 5ක් එම ඉණිම තුල දවාලන ලදි. අසේල අලුත්ගේ 4 පහර 7ක් හා 6 පහර 4ක් සමගින් පොලිස් කණ්ඩායමට ලකුණු 74ක් එකතු කලද එය ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා කිසිවිටෙකත් ප්‍රමාණවත් නොවීය.

පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම දෙවන ඉණිම (f/o) –151/10 (36.5): අසේල අලුත්ගේ 74, තුශිර මදනායක 34, චරිත බුද්ධික 5/42, ලසිත ප්‍රනාන්දු 3/26, ගයාන් සිරිසෝම 2/40

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – 263/10 (59.2): මි‍ශේන් සිල්වා 60, චරික බුද්ධික 44*, නිසල් රන්දික 37, චාමර සිල්වා 29, මයේෂ් ප්‍රියදර්ශන 3/62, සුවන්ජි මදනායක 3/76

පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉණිම  – 97/10 (27.3): ගයාන් සිරිසෝම 9/38

පානදුර ක්‍රීඩා සමාජය මෙම තරඟයෙන් ඉණිමක හා ලකුණු 15ක ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.


වරාය අධිකාරි ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟය

මෙම තරඟය වැලිසර දී ආරම්භ වූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

කඩුලු 3ක් දැවී ලකුණු 123ක් ලබා සිටියදී අද දිනය ආරම්භ කල වරාය අධිකාරි කණ්ඩායම වෙනුවෙන් ගයාන් මනිශාන් ලකුණු 72ක් ලබාගෙන තම දස්කම් දක්වන ලදි. ගයාන් මනිශට අමතරව ඉශාන් රංගන ලකුණු 43ක් ලබා ගනිමින් ඔවුන්ගේ ලකුණු පුවරුවේ අලංකාරවත් බව තව තවත් ඉහළ නංවන ලදි.

හශාන් ජේම්ස් ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම වෙනුවෙන් කඩුලු 4ක් දවාගන්නට සමත් විය.

ලකුණු 175ක අවාසියක් ද ඇතිව තම දෙවන ඉණිම ආරම්භ කල ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන්  අද දිනය අවසන් වන විට රංග දිසානායක ගුවන් හමුදා දෙවන ඉණිම තුල වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 41ක් ලබා ගන්නට සමත් විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පළමු ඉණිම – 347/10 (106.4): ගයාන් මනිශාන් 72,  ඉශාන් රංගන 43, යොහාන් ද සිල්වා 32, හශාන් ජේම්ස් 4/31

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ)- 60/4 (23): රංග දිසානායක 41, චානක කොමසාරු 2/12

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – 172/10 (45.1): උදයවංශ පරාක්‍රම 76, යොහාන් ද සිල්වා 3/20, චමින්ද බණ්ඩාර 2/37, චාමිකර එදිරිසිංහ 2/37, අකලංක ගනේගම 2/39

ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමේ පළමු ඉණිමට වඩා ලකුණු 115 ඉදිරියෙන් පසුවෙයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට