T20 දෙවැනි ශතකය අශාන් රන්දිකගෙන්

SLC Major Clubs T20 Tournament 2022

5092

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ශතකය වාර්තා කිරීමට Sri Lanka Army SC කණ්ඩායමේ ආරම්භක පිතිකරු අශාන් රන්දික අද (12) සමත් වුනා.

මීට පෙර මෙම තරගාවලියේ ශතකයක් වාර්තා කළේ BRC කණ්ඩායමේ භානුක රාජපක්ෂයි. Panadura SC කණ්ඩායමට එරෙහිව වාර්තා කරගත් එම ශතකය ද වාර්තා වූයේ මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දීම වීම විශේෂත්වයක්.

28 හැවිරිදි වමතින් පිත්ත හසුරුවන අශාන් රන්දික Kalutara Town CLUB කණ්ඩායමට එරෙහිව පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 104ක් රැස් කරගත්තා. එය ඔහුගේ විස්සයි විස්ස පිටියේ 36 වැනි ඉනිම වූ අතර වාර්තා වූ දෙවැනි ශතකයයි.

ඊට අමතරව අද දවසේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් අතරට අසේල ගුණරත්න, සචිත්‍ර සේනානායක සහ සම්මු අශාන් එක් වුනා.

Sri Lanka Army SC කණ්ඩායමේ අසේල ගුණරත්න Kalutara Town CLUB කණ්ඩායමට එරෙහිව පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් වාර්තා කරගත් අතර Sri Lanka Navy SC කණ්ඩායමේ සචිත්‍ර සේනානායක Kurunegala Youth CC කණ්ඩායමට එරෙහිව පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 59ක් රැස් කරගත්තා.

SSC කණ්ඩායමේ නායක සම්මු අශාන් Lankan CC කණ්ඩායමට එරෙහිව පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් වාර්තා කරගත්තා. එය සම්මු අශාන්ගේ විස්සයි විස්ස පිටියේ මංගල අර්ධ ශතකයයි.

Sri Lanka Army SC සහ Kalutara Town CLUB අතර තරගය – මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී

Sri Lanka Army SC – කඩුලු 3ක් දැවී 215 (20): අශාන් රන්දික 104, සීක්කුගේ ප්‍රසන්න 37, අසේල ගුණරත්න නොදැවී 59, ජනිඳු ඉනුවර 2/47.

Kalutara Town CLUB – කඩුලු 9ක් දැවී 89 (20): ටී. වීරසිංහ 29, යසෝද මෙන්ඩිස් 2/17, සීක්කුගේ ප්‍රසන්න 3/16, තුලින ඩිල්ශාන් 2/15.

Sri Lanka Army SC කණ්ඩායමට ලකුණු 126ක ජයග්‍රහණයක්.

Saracens SC සහ Baduraliya SC අතර තරගය – Colts ක්‍රීඩා පිටියේ දී

Saracens SC – කඩුලු 2ක් දැවී 77 (8): නවිඳු නිර්මාල් නොදැවී 21, මල්ෂ තරුපති නොදැවී 36.

Baduraliya SC – කඩුලු 5ක් දැවී 53 (8): ගිහාන් රූපසිංහ නොදැවී 30, ඉසිත විජේසුන්දර 2/06, මල්ෂ තරුපති 2/13.

Saracens SC කණ්ඩායමට ලකුණු 24ක ජයග්‍රහණයක්.

Moors SC සහ Bloomfield C & AC අතර තරගය – Colts ක්‍රීඩා පිටියේ දී

Moors SC – කඩුලු 9ක් දැවී 146 (20): දිනුක ඩිල්ශාන් 31, මොහොමඩ් ශමාෂ් 32, තිලාන් ප්‍රශාන් 24, සඳකැන් පතිරණ නොදැවී 23, මාලින්ද පෙරේරා 3/19, මාධව වර්ණපුර 2/33.

Bloomfield C & AC – කඩුලු 5ක් දැවී 80 (13): දක්ෂිත ප්‍රනාන්දු 20, යොහාන් චානුක 26, ධනුෂ්ක මධුශංක 2/19, සඳකැන් පතිරණ 2/15.

Moors SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 15ක ජයග්‍රහණයක්.

Sri Lanka Navy SC සහ Kurunegala Youth CC අතර තරගය – P. Sara Oval ක්‍රීඩා පිටියේ දී

Sri Lanka Navy SC – සියලු දෙනා දැවී 131 (20): සචිත්‍ර සේනානායක 59, සංජීව් කුමාරස්වාමි 18, නිලංක ප්‍රේමරත්න 3/34, සංජීවන් ප්‍රියදර්ශන 2/19.

Kurunegala Youth CC – කඩුලු 9ක් දැවී 102 (20): ඩිල්ශාන් කොල්ලුරේ 20, ඩිලංක අවුවර්ඩ් 2/23, සුදාර දක්ෂිණ 2/22.

Sri Lanka Navy SC කණ්ඩායමට ලකුණු 29ක ජයග්‍රහණයක්.

Lankan CC සහ SSC අතර තරගය – P. Sara Oval ක්‍රීඩා පිටියේ දී

Lankan CC – කඩුලු 7ක් දැවී 121 (20): කසුන් අබේරත්න 37, යසිරු රොද්‍රිගෝ 34, ඩෙවින් පත්මනාදන් 27, කළණ පෙරේරා 3/25, කුශාන් වීරක්කොඩි 2/20.

SSC – කඩුලු 6ක් දැවී 122 (18.2): සම්මු අශාන් 53, ෂෙවෝන් ඩැනියෙල් 20, රනුද සෝමරත්න 26, බිනුක වඩුගේ 2/17.

SSC කණ්ඩායමට කඩුලු 4ක ජයග්‍රහණයක්.

CCC සහ Ace Capital CC අතර තරගය – මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී

CCC – සියලු දෙනා දැවී 97 (18.5): පවන්ත වීරසිංහ 24, මාලිංග අමරසිංහ 29, චානක දේවින්ද 3/24, සිතුම් දිසානායක 3/20, නිම්සර අතරගල්ල 2/16.

Ace Capital CC – කඩුලු 4ක් දැවී 100 (17.1): තනුක දාබරේ 26, ලසිත් කෲස්පුල්ලේ 23, ෂෙහාන් ප්‍රනාන්දු 21, පවන්ත වීරසිංහ 2/23.

Ace Capital CC කණ්ඩායමට කඩුලු 6ක ජයග්‍රහණයක්.

හෙට (13) තරගාවලියේ පළමු වටයේ අවසන් දිනය වන අතර B සහ C කාණ්ඩවල තරග 6ක් පැවැත්වීමට නියමිතයි.

මේ වන විට A කාණ්ඩය නියෝජනය කරමින් Saracens SC කණ්ඩායම ද D කාණ්ඩය නියෝජනය කරමින් Sri Lanka Army SC කණ්ඩායම් ද ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන දිනා සිටින අතර ඔවුන් අතර පැවැත්වෙන අවසන් පූර්ව තරගය මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන තරගාවලියේ තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<