ලෝක ශූරයන්ගෙන් වාර්තාමය චිත්‍රපටයක්

207

2019 වසරේ ලෝක කුසලාන රග්බි තරගාවලිය නිමාවූයේ වසර 8ක නවසීලන්ත රග්බි ආධිපත්‍යය බිඳ දමමිනි. දකුණු අප්‍රිකානු ‘Springboks’ කණ්ඩායම නව ශූරයන් වූයේ එංගලන්තය පරාජය කරමිනි. මෙම තරගාවලිය ලෝක රග්බි ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක් බිහිකළ අතර ඒ වටා ගොඩනැගී තිබූ පුරාවෘත්තයන් ද බොහෝය. 

රග්බි ගොඩනගන සැලසුම් ගැන Agustin Pichot කතා කරයි

වසර 4කට වරක් පැවැත්වෙන ලෝක රග්බි සම්මේලනයේ මුල් පුටුව සඳහා වන ඡන්ද …

මෙවර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය Siya Kolisi හට හිමිව තිබූ අතර ඔහු දකුණු අප්‍රිකානු නායකත්වය දැරූ පළමු කළු ජාතික නායකයා විය. 

දකුණු අප්‍රිකානු කණ්ඩායමට මෙම තරගාවලිය සුවිශේෂී තරගාවලියක් වූයේ ඔවුන් පළමු තරගය පරාජය වී තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වීම නිසාවෙනි. එලෙස මූලික වටයේ තරගයක් පරාජය වී තරගාවලිය ජයග්‍රහණය කළ එකම කණ්ඩායම ලෙස දකුණු අප්‍රිකාව ඉතිහාසගත විය. 

දකුණු අප්‍රිකාව ඔවුන්ගේ රග්බි ජයග්‍රහණය සැමරීම සඳහා වෙනස්ම මඟක් තෝරාගෙන ඇත. 

දකුණු අප්‍රිකානු පුහුණු කාර්ය මණ්ඩලය, ක්‍රීඩකයින් සහ විචාරකයින්ගේ සුවිශේෂී ප්‍රවේශය සහ සුවිශේෂී දායකත්වය සමඟින් දකුණු අප්‍රිකානු ‍රග්බි සම්මේලනය SuperSport සමඟ එක්ව 2019 රග්බි ලෝක කුසලානයේ දකුණු අප්‍රිකානු ගමන්මග පිළිබඳව වාර්තාමය චිත්‍රපටයක් එළිදැක්වීමට තීරණය කර ඇත. 

සැබවින්ම මෙම වාර්තාමය චිත්‍රපටය මඟින් කණ්ඩායමක් හා ජාතියක් ලෙස ලෝකය සමඟින් එකට ශක්තිමත් බව සොයා ගත් ආකාරය පිළිබඳව වඩාත් හොඳ දැක්මක් සපයන බව දකුණු අප්‍රිකානු ‍රග්බි සම්මේලනය පවසා ඇත. 

SuperSport හි ප්‍රධාන විධායක Gideon Khoban මේ සම්බන්ධයෙන් මෙසේ තම අදහස් දක්වා සිටියේය. 

“මා දුටු දර්ශන වලින් මෙය Springboks ශ්‍රේෂ්ඨ වීමට හේතුවන, සම්පූර්ණයෙන්ම නව මානයක් හෙළි කරනවා කියලා මට විශ්වාසයි.” 

“එය වාසනාව වෙනස් කිරීම සහ මානසිකත්වය වෙනස් කිරීම, පීඩනය හා බලාපොරොත්තුව ගැන, දේවානුභාවයෙන් බලය හඳුනා ගැනීම සහ නිරූපණය සැබවින්ම අදහස් කරන්නේ කුමක්ද යන්න ඉගෙන ගැනීම පිළිබඳ ප්‍රබල කතාවක්.”

දකුණු අප්‍රිකානු රග්බි සම්මේලනයේ හි ප්‍රධාන විධායක නිලධාරි Jurie Roux මෙසේ පැවසීය. 

“තිරය පිටුපස සිදුවන දේ පිළිබඳ සියලු දේ බැලීමට කණ්ඩායම SuperSport කාර්ය මණ්ඩලය අභ්‍යන්තර භූමියට සාදරයෙන් පිළිගත්තා.” 

ලෝක රග්බි මුල් පුටු ගැටුම ඉතාමත් උණුසුම් වෙයි!

පසුගිය සිව් වසර තුළ, ලෝක රග්බි ක්‍රීඩාවේ ප්‍රධානියා වූයේ හිටපු එංගලන්ත 2nd Row ක්‍රීඩක Bill…

“රග්බි තරග ජයග්‍රහණය කිරීම සඳහා වූ ප්‍රධාන සාධකය වූයේ කණ්ඩායමේ ඉතා පැහැදිලි දැක්ම. නමුත් එය අපි කතාවකින් අවසන් කරන්නේ නැතිව ගමනකින් අවසන් කළේ එය ක්‍රීඩාවට වඩා විශාල බව ඔප්පු කරමින්.” 

එංගලන්තයට එරෙහි අවසන් තරගය මිලියන ගණනක් විසින් නරඹා තිබිනි. ආරම්භයේ සිටම අභ්‍යන්තරයේ සිටියේ ඉතා සුළු පිරිසකි. ‘සූර්යයා ලුහුබැඳීම’ හෙවත් ‘Chasing the Sun’ වෙන කවරදාටත් වඩා Springboks රග්බි ලෝකය ඔසවා තැබීමට නියමිතය. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<