තරග කිහිපයකට DLS හරස් වෙයි; Lankanට තියුණු ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

299
SLC Major Club T20 2021

ශ්‍රී ලංකා පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (05) කොළඹ සහ කටුනායක ක්‍රීඩාංගණ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ අතර සවස් කාලයේ ඇදහැළුණු වර්ෂාව නිසාවෙන් තරග කිහිපයකම අවසන් තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තීරණය කෙරුණා.

දිනයේ උණුසුම්ම තරගයේ දී Colts ක්‍රිකට් කණ්ඩායම ලකුණු දෙකකින් පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට Lankan ක්‍රිකට් කණ්ඩායම සමත් වූ අතර සිය කණ්ඩායම වෙනුවෙන් අගනා අර්ධ ශතකයක් රැස් කිරීමට හර්ෂ කුරේ (65*) සමත් වුනා. 

තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායමක් වූ නුගේගොඩ ක්‍රීඩා සමාජය ලකුණු 8කින් පරාජය කරමින් කිරීමට CCC කණ්ඩායම සමත් වුනා.

මදුරංග සොයිසාගේ (37) සහ ශෙහාන් ප්‍රනාන්දුගේ (34) පිතිකරණය නිසාවෙන් ප්‍රබල SSC ක්‍රීඩකයින් කඩුලු තුනකින් පරාජය කරන්නට පොලිස් ක්‍රීඩකයන් සමත් වුනා.

ජනිත් සිල්වාගේ සුපිරි පන්දු යැවීම (4/10) නිසා නාවික හමුදා ක්‍රීඩකයන් පරදා කඩුලු 9ක පහසු ජයක් ලබා ගැනීමට යුද හමුදා කණ්ඩායමට හැකි වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

Duckworth–Lewis න්‍යාය යටතේ ගාල්ල ක්‍රීඩකයන් ලකුණු 47කින් පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට BRC ක්‍රීඩකයන් සමත් වුනා.

එමෙන්ම ගයාන් මනීශාන් (45) සහ ධනුෂ්ක ධර්මසිරිගේ (43*) පිතිකරණය නිසාවෙන් Moors පරදා කඩුලු 14ක ජයක් ලබා ගන්නට Kurungala Youth ක්‍රීඩකයන් සමත් වුනා.

මීට අමතරව Duckworth–Lewis න්‍යාය යටතේ Tamil Union ක්‍රීඩකයන් ලකුණු 3කින් පරාජය කරන්නට Saracens ක්‍රීඩකයන් සමත් වූ අතර Bloomfield ක්‍රීඩකයන් ලකුණු 4කින් පැරදවීමට ද ගුවන් හමුදා ක්‍රීඩකයන්ට හැකි වුනා.

දිනයේ කෙටි ලකුණු සටහන,

Group – A

  • Venue – SSC Ground, Colombo 
  • Toss – Nugegoda SWC

Colombo Cricket Club – 160/9 (20) – මිනෝද් බානුක 34, අශාන් ප්‍රියන්ජන් 39, පවන්ත වීරසිංහ 25*, ලසිත් අබේරත්න 22, මින්හාජ් ජලීල් 2/17 

Nugegoda Sports & Welfare Club- 152/4 (20) – ප්‍රමුද් හෙට්ටිවත්තගේ 44*, උමේෂ් කරුණාරත්න 38, මින්හාජ් ජලීල් 22, ළහිරු ගමගේ 2/36

CCC කණ්ඩායමට ලකුණු 2ක ජයක් 

Group – B

  • Venue – P Sara Oval, Colombo
  • Toss – Colts CC

Lankan Cricket Club – 164/4 (20) – හර්ෂ කුරේ 65*, සාලිය සමන් 32, විශ්ව චතුරංග 30, රොෂාන් සංජය 2/14

Colombo Colts Cricket Club – 162/10 (20) – ප්‍රියමාල් පෙරේරා 41, කවිෂ්ක අංජුල 36, ජෙහාන් ඩැනියල් 25, සංගීත් කුරේ 24, කේෂාන් විජේරත්න 2/11, රොෂාන් ජයතිස්ස 3/27

Lankan CC කණ්ඩායමට ලකුණු 2ක ජයක් 

Group – C

  • Venue – Colts Ground, Colombo
  • Toss – SSC

Sinhalese Sports Club 122 (19.3) – සම්මු අශාන් 44, තරිඳු රත්නායක 20, ඩනල් හේමන්ද 3/21, අසෙල් සිගේරා 2/29, සුජාන් මයුර 2/24, ළහිරු දියන්ත 2/15

Police Sports Club 123/7 (20) – මධුරංග සොයිසා 37, ශෙහාන් ප්‍රනාන්දු 34, හිමේෂ් රත්නායක 2/25

පොලිස් ක්‍රීඩා සමාජයට කඩුලු 3ක ජයක් 

Group – D

  • Venue – FTZ Sports Complex (BOI), Katunayake
  • Toss – Army CC

Navy Sports Club – 85/10 (19.5) – චානක රුවන්සිරි 30, ජනිත් සිල්වා 4/10, මහීෂ් තීක්ෂණ 2/09

Army Cricket Club 87/1 (11.4) – අශාන් රන්දික 44, පැතුම් දිල්ෂාන් 30*

නාවික හමුදා කණ්ඩායමට කඩුලු 9ක ජයක් 

Group – A

  • Venue – SSC Ground, Colombo
  • Toss – BRC

Burgher Recreation Club – 162 (20) – දුෂාන් හේමන්ත 48, ළහිරු සමරකෝන් 33, රමින්ද විජේසූරිය 27, ශානුක දුලාජ් 24, ඩිල්ෂාන් කාංචන 2/23

Galle Cricket – 46/5 (11) – ඉමේෂ් උදයංග 16*. මොහොමඩ් සිරාස් 2/07

BRC කණ්ඩායමට ලකුණු 47ක ජයක් (DLS)

Group – B

  • Venue – P Sara Oval, Colombo
  • Toss – Airforce SC

Bloomfield Cricket & Athletic Club – 167/5 (20) – කසුන් ඒකනායක 81*, දිල්හාන් කුරේ 20, නිමේෂ් මෙන්ඩිස් 2/23

Air Force Sports Club- 85/2 (11) – උදයවංශ පරාක්‍රම 35, චාමර ප්‍රනාන්දු 25

ගුවන් හමුදා කණ්ඩායමට ලකුණු 4ක ජයක් (DLS)

Group – C

  • Venue – Colts Ground, Colombo
  • Toss – Moors SC

Moors Sports Club – 159/8 (20) – මහේල උඩවත්ත 32, පසිඳු සූරියබණ්ඩාර 33, අදීශ තිලන්චන 21, පබසර වඩුගේ 20, සචිත්‍ර සේරසිංහ 20, රංදීර රණසිංහ 5/26

Kurungala Youth Cricket Club- 114/1 (14) – ගයාන් මනීෂාන් 45, ධනුෂ්ක ධර්මසිරි 43*, සචිත්‍ර සේරසිංහ 1/26 

කුරුණෑගල කණ්ඩායමට ලකුණු 14ක ජයක් (DLS)

Group – D

  • Venue – FTZ Sports Complex (BOI), Katunayake
  • Toss – Saracens SC

Saracens Sports Club – 137/5 (20) – තවීෂ කහදුවරආරච්චි 46, හෂාන් දුමින්ද 31, අයන සිරිවර්ධන 30* 

Tamil Union Cricket & Athletic Club – 88/4 (14) – සදීර සමරවික්‍රම 40*, ප්‍රමෝද් මධුවන්ත 2/18

Saracens Sports කණ්ඩායමට ලකුණු 3ක ජයක් (DLS)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<