එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පුහුණු කටයුතු ඇරඹේ

59

කොරෝනා වයිරස තත්වය මුළු ලෝකයටම මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ද දැඩි බලපෑමක් එල්ල කර තිබේ. එවැනි පසුබිමක් තුල එංගලන්ත ක්‍රිකට් බලධාරීන් ඔවුන්ගේ ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. 

දශමෙන් දැවී ගිය Tier A ක්‍රිකට් පිටියේ අවාසනාවන්තයින්

ඒ අනුව එළඹෙන බදාදා (20) සිට ක්‍රීඩාංගණ කිහිපයක දී ඔවුන්ගේ මූලික පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර තිබෙන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹෙන ජූලි මාසයේ දී ආරම්භ කිරීමට මේ වන විට කටයුතු යොදා තිබෙන නිසා එයට ක්‍රීඩකයින් සූදානම් කිරීමක් ලෙස මේ තීරණය ගත් බව එංගලන්ත ක්‍රිකට් බලධාරීන් වැඩි දුරටත් පැවසීය.

කොරෝනා දසත පැතිරෙද්දී කොදෙව්වෝ අලුත් සෙල්ලමකට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් සමන්විත මූලික ටෙස්ට් සංචිතයක් තෝරාගෙන මේ සඳහා පුහුණුවීම් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. 

එංගලන්ත රජය සහ එරට සෞඛ්‍ය බලධාරීන් ලබා දී තිබෙන උපදෙස් පිළිපදිමින් සිය ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් කටයුතු සිදු කර ගැනීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබේ. අදියර කිහිපයක් යටතේ පැවැත්වීමට සූදානම් කර තිබෙන මේ පුහුණු සැසිවල පළමු අදියර සඳහා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් 30 දෙනෙක් යොදාගැනීමට ඔවුන් සැලසුම් සකස් කර ඇති අතර ඒ සඳහා ක්‍රීඩාංගණ 7ක් යොදා ගනු ලැබේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<