පැතුම් සහ මිලින්ද ද්වන්ධ සටනක

86

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (10) දින නිමා වූ එන්. සී. සී. සහ සැරසන් අතර තරගයේ දී පැතුම් නිස්සංක සහ මිලින්ද සිරිවර්ධන එකිනෙකා නොපරදින සේ ලකුණු රැස් කිරීම කැපී පෙනුනි. 

අසිත සහ අශේන් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (8) පැවති තරග අතුරින් හලාවත….

එන්. එන්. සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේ දී පන්දු 61 කට මුහුණ දෙමින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 3 ක් සමඟින් ලකුණු 93 ක් රැස්කර ගනිමින් දිනයේ කැපී පෙනෙන පිතිකරු බවට පත්වන විට පිළිතුරු ඉනිමේ නායක මිලින්ද සිරිවර්ධන පන්දු 37 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සහ හයේ පහර 7 ක් සමඟින් වේගවත් ලකුණු 90 ක් රැස්කර ගනිමින් දක්ෂතා දැක්වූයේය. 

පැතුම් නිස්සංක තම කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරා සමඟ එක්ව ඉනිමේ තෙවැනි කඩුල්ලට ලකුණු 142 ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් වූයේය. ඇන්ජලෝ පෙරේරා පන්දු 44 කට මුහුණ දෙමින් හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමඟින් නොදැවී ලකුණු 70 ක් රැස්කර ගත්තේය. 

ඊට අමතරව කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ නායක සධීර සමරවික්‍රම බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයට එරෙහිව පැවති තරගයේ දී පන්දු 56 කට මුහුණ දෙමින් හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 89 ක් රැස්කර ගැනීමට සමත් විය. එම තරගයේ දී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ නිපුන ගමගේ පන්දු 35 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමඟින් ලකුණු 54 ක් රැස්කර ගත්තේය. 

කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජයේ 22 හැවිරිදි වමත් පිතිකරු ඩිල්ශාන් කොල්ලුරේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේ දී පන්දු 52 කට මුහුණ දෙමින් හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 75 ක් රැස්කර ගත්තේය. එමෙන් ම ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් මීගමු ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 36 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමඟ ලකුණු 51 ක් රැස්කර ගැනීමට සමත් විය. 

පොලිස් ක්‍රීඩා සමාජයේ නායක සුජාන් මයුර, ටැමිල් යුනියන් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී පන්දු 40 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමඟින් ලකුණු 54 ක් රැස්කර ගන්නා විට එම තරගයේ ප්‍රතිවාදි කණ්ඩායමේ 21 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන තිලංග උදේශන ලකුණු 34 කට කඩුලු 4 ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූයේය. 

හලාවත මේරියන්ස් කණ්ඩායමේ අසිත ප්‍රනාන්දු කළුතර ටවුන් සමාජයට එරෙහිව ලකුණු 13 කට කඩුලු 4 ක් දවා ගනිමින් දක්ෂතා දක්වන විට රාගම ක්‍රිකට් සමාජයේ 22 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන නිශාන් පීරිස් නුගේගොඩ ක්‍රීඩා සමාජයේ කඩුලු 4 ක් ලකුණු 16 කට දවා ගනිමින් දක්ෂතා දැක්වූයේය. 

තික්ෂිල ද සිල්වාගෙන් දක්ෂ පන්දු යැවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි-විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (06) දිනයේ පැවති තරග අතුරින්……

Group A

මුවර්ස් සහ පානදුර අතර තරගය 

පානදුර ක්‍රීඩා සමාජය : සියලු දෙනා දැවී 88 (19.5) සංජික රිද්ම 18, නිමන්ද සුබසිංහ 2/07, අනුක් ප්‍රනාන්දු 3/18, ප්‍රවීන් ජයවික්‍රම 2/14, අදීශ තිලාංචන 2/12. 

මුවර්ස් ක්‍රීඩා සමාජය : කඩුලු 4 ක් දැවී 92 (15.3) පබසර වඩුගේ 27, අදීශ තිලාංචන නොදැවී 17, රමේෂ් මෙන්ඩිස් නොදැවී 20, අශාර් අතාරි 2/16. 

කොළඹ 7, සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් මුවර්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 6 ක ජයක් හිමි විය. 


කෝල්ට්ස් සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය 

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය : කඩුලු 6 ක් දැවී 165 (20) සධීර සමරවික්‍රම 89, ජෙහාන් ඩැනියෙල් නොදැවී 23, චමෝද් පියුමාල් 2/46, ගයාන් සිරිසෝම 3/31. 

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 131 (19.5) නිපුන ගමගේ 54, හර්ෂ විතාන 20, ඩිල්රුවන් පෙරේරා 2/23, නිපුන් රංසික 2/22, ප්‍රභාත් ජයසූරිය 3/25.  

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 34 ක ජයක් හිමිකර ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. 


යුනිචෙලා සහ ගාල්ල අතර තරගය 

යුනිචෙලා ක්‍රීඩා සමාජය : කඩුලු 9 ක් දැවී 95 (20) හසිත නිර්මාල් 31, ලසිඳු අරෝෂ 27, මන්සූර් අම්ජාඩ් 3/20, චතුර ලක්ෂාන් 2/13. 

ගාල්ල ක්‍රිකට් සමාජය : කඩුලු 9 ක් දැවී 99 (16.2) අස්ලාම් සම්සුඩීන් 16, මිතුන් ජයවික්‍රම 16, දුනිල් අබේධීර 2/07, ධනුෂ්ක රණසිංහ 3/24, ඉෂාර අමරසිංහ 2/19, හසිත නිර්මාල් 2/37. 

සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ගාල්ල ක්‍රිකට් සමාජයට එක් කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් හිමි විය. 

Group B

එන්. සී. සී සහ සැරසන්ස් අතර තරගය 

එන්. සී. සී. : කඩුලු 3 ක් දැවී 188 (20) පැතුම් නිස්සංක 93, ඇන්ජලෝ පෙරේරා නොදැවී 70.  

සැරසන්ස් ක්‍රීඩා සමාජය : කඩුලු 9 ක් දැවී 178 (20) රනිත ලියනාරච්චි 30, මිලින්ද සිරිවර්ධන 90, අශේන් බණ්ඩාර 31, ඩිලේශ් ගුණරත්න 2/30, සචින්ත පීරිස් 2/31, සචිඳු කොළඹගේ 2/34, චතුරංග ද සිල්වා 3/33. 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් එන්. සී. සී. ක්‍රීඩකයන්ට ලකුණු 10 ක ජයක් හිමි විය. 


ටැමිල් යුනියන් සහ ශ්‍රී ලංකා පොලිසිය අතර තරගය 

ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය : කඩුලු 9 ක් දැවී 154 (20) රමිත රඹුක්වැල්ල 49, මධුක ලියනපතිරණගේ 29, ප්‍රමෝද් මධුශාන් 25, අසේල් සිගේරා 2/36, සුපුන් මධුශංක 2/19. 

පොලිස් ක්‍රීඩා සමාජය : කඩුලු 8 ක් දැවී 159 (19.4) ලක්ෂාන් රොද්‍රිගෝ 19, සුජාන් මයුර 54, සුපුන් මධුශංක නොදැවී 20, තිලංග උදේශන 4/34, ජීවන් මෙන්ඩිස් 2/33. 

හැව්ලොක් ටවුන් බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් පොලිස් ක්‍රිකට් ක්‍රීඩකයෝ කඩුලු 2cක ජයක් හිමිකර ගත්හ. 

Photos: Police SC Vs Tamil Union C & AC | SLC Invitational T20 Tournament 2019/20


එස්. එස්. සී. සහ නාවික හමුදාව අතර තරගය 

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය : කඩුලු 9 ක් දැවී 106 (20) විනුද් සප්නක 24, බුද්ධික මධුශාන් 21, හිමේෂ් රාමනායක 3/15, සචිත්‍ර සේනානායක 2/06, ජෙෆ්රි වැන්ඩර්සේ 2/27. 

එස්. එස්. සී. : කඩුලු 3 ක් දැවී 110 (16.2) ක්‍රිශාන් සංජුල 48, චරිත් අසලංක 39, ඩිලංක අවර්ඩ්ට් 2/15. 

හැව්ලොක් ටවුන් බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් එස්. එස්. සී. ක්‍රීඩකයන්ට කඩුලු 7 ක ජයක් හිමි විය. 

Photos: SSC Vs Navy SC | SLC Invitational T20 Tournament 2019/20

Group C

යුද හමුදාව සහ මීගමුව අතර තරගය 

මීගමුව ක්‍රිකට් සමාජය : කඩුලු 7 ක් දැවී 130 (20) ඩිල්ශාන් මුණවීර 25, ඇන්ජලෝ ජයසිංහ 26, මාදව වර්ණපුර 33, අශේන් සිල්වා 20, ජානක සම්පත් 2/14, තුලින ඩිල්ශාන් 2/24. 

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය : කඩුලු 5 ක් දැවී 131 (18.2) දිනේෂ් චන්දිමාල් 51, මහේෂ් කුමාර නොදැවී 37, මාදව වර්ණපුර 2/21, දනුෂ්ක සඳරුවන් 2/19. 

හැව්ලොක් ටවුන් කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් යුද හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 5 ක ජයක් හිමි විය. 


කළුතර ටවුන් සහ හලාවත මේරියන්ස් අතර තරගය 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 124 (20) ෂෙහාන් ජයසූරිය 22, පුලින තරංග 25, එරංග රත්නායක 2/29, ඉෂාන් අබේසේකර 3/22, අනුෂ්ක පෙරේරා 2/12. 

කළුතර ටවුන් සමාජය : සියලු දෙනා දැවී 89 (18.5) ඉන්සක සිරිවර්ධන 35, ඉෂාන් අබේසේකර 22, අසිත ප්‍රනාන්දු 4/13, තික්ෂිල ද සිල්වා 2/17. 

හැව්ලොක් ටවුන් කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ ලකුණු 35 ක ජයක් ලැබූහ.  


කුරුණෑගල යූත් සහ ගුවන් හමුදාව අතර තරගය 

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය : කඩුලු 9 ක් දැවී 156 (20) මාලිංග මලිගස්පේ 20, ඩිල්ශාන් කොල්ලුරේ 75, තරින්ද විජේසිංහ 22, ලසඳ රුක්මල් 2/34, සංජය රණවීර 2/31. 

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය : කඩුලු 5 ක් දැවී 159 (19.3) උදයවංශ පරාක්‍රම 36, ශබික් ඉෆ්ත්‍රි 43, මාධව නිමේෂ් නොදැවී 20, නවීන් කවිකාර 2/26. 

කොළඹ 07, එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. 

උදානට තෙවැනි තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඉසුරු උදාන ඉන්දීය තරග සංචාරයේ ඉතිරි තරග සඳහා සහභාගි නොවන….

Group D

ලංකන් සහ කැන්ඩි කස්ටම් අතර තරගය 

ලංකන් ක්‍රිකට් සමාජය : කඩුලු 8 ක් දැවී 128 (20) දමිත සිල්වා 49, ප්‍රිමෝෂ් පෙරේරා 33, සවන් ප්‍රභාෂ් නොදැවී 28, උෂාන් ඉමන්ත 2/20. 

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය : කඩුලු 7 ක් දැවී 101 (20) සම්පත් පෙරේරා නොදැවී 29, චානක විජේසිංහ 20, උදිත් මධුශාන් 2/18. 

බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 27 ක ජයක් හිමිකර ගැනීමට ලංකන් ක්‍රිකට් සමාජය සමත් විය. 


සී. සී. සී. සහ බී. ආර්. සී. අතර තරගය 

බී. ආර්. සී. : කඩුලු 8 ක් දැවී 102 (20) දේශාන් ඩයස් 21, රමින්ද විජේසූරිය 25, අශාන් ප්‍රියංජන් 2/13. 

සී. සී. සී. : කඩුලු 4 ක් දැවී 108 (17.5) මිනෝද් භානුක නොදැවී 40, ශාලික කරුණානායක නොදැවී 28. 

කොළඹ 07, එස්. එස්. සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් සී. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 6 ක ජයක් හිමිකර ගත්හ. 

Photos: CCC vs BRC – SLC Invitational T20 Tournament 2019/20


රාගම සහ මීගමුව අතර තරගය 

Photos: Ragama CC Vs Nugegoda S & WC | SLC Invitation T20 Tournament 2019/20

මීගමුව ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 77 (17.4) ඉරේෂ් සමරසූරිය 29, උදාර ජයසුන්දර 3/16, නිශාන් පීරිස් 4/16. 

රාගම ක්‍රිකට් සමාජය : කඩුලු 2 ක් දැවී 78 (9.3) නිශාන් මධුශ්ක 27, ෂෙශාන් ප්‍රනාන්දු 45. 

බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් රාගම ක්‍රිකට් සමාජයට කඩුලු 8 ක ජයක් හිමි විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<