ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (17) දවසේ ක්‍රීඩකයා බවට පත්වීමට ලසිත් කෘaස්පුල්ලේ සමත් විය.
හලාවත මේරියන්ස් සහ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම් අතර පැවැති තරගයේ දී ලසිත් කෘaස්පුල්ලේ පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබාගත්තේ දිනයේ වාර්තා කළ එකම ශතකයේ හිමිකාරීත්වය ලබා ගනිමිනි.
මේරියන්ස් කණ්ඩායම හඹායන ඉනිමේ දී කඩුලු 5ක් දැවී ලකුණු 74ක් ලබා අසරණ වෙමින් සිටි අවස්ථාවේ ආරම්භක පිතිකරු ලසිත් කෘaස්පුල්ලේ සහ අංක 5 පිතිකරු පුලින තරංග එක්ව 6 වැනි කඩුල්ලට නොදැවී ලකුණු 145ක සබඳතාවක් ගොඩනගමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට සමත් වීම මෙම තරගයේ තවත් කැපී පෙනෙන අවස්ථාවක් විය.
පුලින තරංග පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 76ක් ලබා ගත්තේය.
දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ පානදුර ක්‍රීඩා සමාජයේ වමතින් දඟපන්දු යැවූ චලන ද සිල්වා ය. ඔහු කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 41කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.
මේ අතර අද පැවැති තරග වලදී එස්. එස්. සී. කණ්ඩායමේ සචිත්‍ර සේනානායක සහ චරිත් අසලංක, යුද හමුදා කණ්ඩායමේ දුශාන් විමුක්ති, සී. සී. සී. කණ්ඩායමේ අශාන් ප්‍රියංජන්, කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ ඉයන් දේව් සිං, ගාල්ල කණ්ඩායමේ නිමේෂ් පෙරේරා, එන්. සී. සී. කණ්ඩායමේ ලහිරු උදාර සහ මහේල උඩවත්ත, කුරුණෑගල යූත් සමාජයේ විනෝද් පෙරේරා, පානදුර ක්‍රීඩා සමාජයේ රාජු ගයාෂාන්, රාගම කණ්ඩායමේ උදාර ජයසුන්දර සහ ටැමිල් යුනියන් කණ්ඩායමේ කිරන් පවෙල් අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙනුනි.
Group A
එස්. එස්. සී. සහ මීගමුව අතර තරගය (එස්. එස්. සී. පිටියේ දී)
එස්. එස්. සී. : කඩුලු 9ක් දැවී 296 (50) ධනුෂ්ක ගුණතිලක 29, සචිත්‍ර සේනානායක 53, චරිත් අසලංක 78, සම්මු අශාන් 47, ධම්මික ප්‍රසාද් 26, රොශේන් ප්‍රනාන්දු 3/54, අයන්ත ද සිල්වා 3/47
මීගමුව ක්‍රීඩා සමාජය : කඩුලු 4ක් දැවී 95 (21) මාධව වර්ණපුර නොදැවී 23, ඇන්ජලෝ ජයසිංහ 20, කළණ පෙරේරා 2/31
එස්. එස්. සී. කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 52ක ජයග්‍රහණයක් හිමිවිය.
යුද හමුදාව සහ බී. ආර්. සී. අතර තරගය (දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
යුද හමුදා ක්‍රීඩා සමාජය : කඩුලු 8ක් දැවී 253 (40) ලක්ෂාන් එදිරිසිංහ 32, පැතුම් ඩිල්ශාන් 40, දුශාන් විමුක්ති 64, අසේල ගුණරත්න 46, මහේෂ් කුමාර 27, මොහොමඩ් ශිරාෂ් 3/42, හෂේන් රාමනායක 2/42, තරිඳු කෞෂාල් 2/29
බී. ආර්. සී. : කඩුලු 8ක් දැවී 82 (30.4) හේෂාන් හෙට්ටිආරච්චි 3/20, සංජීව් කුමාරස්වාමි 2/17, දුෂාන් විමුක්ති 3/05
යුද හමුදා ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යය මත ලකුණු 141ක ජයක් හිමිවිය.
බදුරලිය සහ ලංකන් අතර තරගය (මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
බදුරලිය ක්‍රීඩා සමාජය : සියලු දෙනා දැවී 196 (47.2) යශෝධ ලංකා 20, දමිත් පෙරේරා 26, බ්‍රාවිෂ් ෂෙට්ටි 31, ටී. එන්. සම්පත් 35, අලංකාර අසංක 40, උදිත් මධුශාන් 2/41, දුනිත් වෙල්ලාලගේ 2/28, කේශාන් විජේරත්න 2/21, සහන් නානායක්කාර 2/38, දමිත සිල්වා 2/37
ලංකන් ක්‍රිකට් සමාජය : කඩුලු 3ක් දැවී 72 (22) ගීත් කුමාර නොදැවී 26
බදුරලිය ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 5ක ජයක් හිමිවිය.
Group B
සී. සී. සී. සහ පොලිසිය අතර තරගය (සී. සී. සී. පිටියේ දී)
සී. සී. සී. : කඩුලු 8ක් දැවී 226 (50) අශාන් ප්‍රියංජන් 70, ලසිත් අබේරත්න 48, ලහිරු මධුශංක 40, නිසාර් අහමඩ් 2/33, ලසන් ද සිල්වා 2/30, ලහිරු ඩියන්ත 3/29
පොලිස් ක්‍රීඩා සමාජය : කඩුලු 7ක් දැවී 176 (50) වී. ඒ. ඉන්දුල්කර් 20, දම්සික සිගේරා 36, සුජාන් මයුර නොදැවී 38, සුපුන් මධුශංක නොදැවී 39, බී. ජී. එස්. මෙන්ඩිස් 3/24
සී. සී. සී. කණ්ඩායමට ලකුණු 50ක ජයක් හිමිවිය.
හලාවත මේරියන්ස් සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය (කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය : කඩුලු 8ක් දැවී 215 (50) අකීල් ඉන්හාම් 42, ඉයන් දේව් සිං 74, රාජිත වික්‍රමාරච්චි 52, කමිඳු මෙන්ඩිස් 2/38
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය : කඩුලු 5ක් දැවී 219 (43) ලසිත් කෘෘස්පුල්ලේ නොදැවී 102, පුලින තරංග නොදැවී 76, සම්පත් පෙරේරා 3/47
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට කඩුලු 5ක ජයක් හිමිවිය.
එන්. සී. සී. සහ ගාල්ල අතර තරගය (එන්. සී. සී. පිටියේ දී)
ගාල්ල ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 155 (48.2) අකලංක ගනේගම 21, නිමේෂ් පෙරේරා 61, චරිත් රාජපක්ෂ 21, ඩිලේශ් ගුණරත්න 3/20, චාමික කරුණාරත්න 3/37, සචිඳු කොළඹගේ 2/30
එන්. සී. සී. : කඩුලු 2ක් දැවී 160 (23.3) ලහිරු උදාර නොදැවී 58, මහේල උඩවත්ත නොදැවී 71
එන්. සී. සී. කණ්ඩායමට කඩුලු 8ක ජයක් හිමිවිය.
Group C
කුරුණෑගල යූත් සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය (කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 220 (47.4) මාලිංග මලිගස්පේ 37, විනෝද් පෙරේරා 74, රන්දීර රණසිංහ 47, නිමන්ත පෙරේරා 3/34, සචින් ජයවර්ධන 2/37, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 2/52, නිපුන ගමගේ 2/22
බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය : කඩුලු 6ක් දැවී 128 (20.5) සචින් ජයවර්ධන 33, චාමර සිල්වා නොදැවී 28, විනෝද් පෙරේරා 2/20, රවින්ද්‍ර කරුණාරත්න 2/24
බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 4ක ජයග්‍රහණයක් හිමිවිය.
පානදුර සහ කෝල්ට්ස් අතර තරගය (පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී)
පානදුර ක්‍රීඩා සමාජය : සියලු දෙනා දැවී 245 (47.2) විශ්ව චතුරංග 43, කාශීෆ් නවීඩ් 45, රාජු ගයාෂාන් 72, නිසල තාරක 3/39, ධනංජය ලක්ෂාන් 3/47, අකිල ධනංජය 2/56, සංතුශ් ගුණතිලක 2/17
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය : කඩුලු 9ක් දැවී 192 (42.4) සංතුශ් ගුණතිලක 21, සංගීත් කුරේ 23, හෂාන් දුමිඳු 45, හේෂාන් ධනුෂ්ක 42, ඩිල්ශාන් අබේසිංහ 2/43, චලන ද සිල්වා 5/41
පානදුර ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 42ක ජයග්‍රහණයක් හිමිවිය.
සැරසන්ස් සහ නාවික හමුදාව අතර තරගය (මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
නාවික හමුදා ක්‍රීඩා සමාජය : සියලු දෙනා දැවී 103 (35.4) සුපුන් ලීලාරත්න 25, ඉසිත විජේසුන්දර 2/10, ගමිඳු කනිශ්ක 2/20, මිලින්ද සිරිවර්ධන 2/13
සැරසන්ස් ක්‍රීඩා සමාජය : කඩුලු 3ක් දැවී 105 (14.4) ගමිඳු කනිශ්ක 22, මිලින්ද සිරිවර්ධන නොදැවී 53
සැරසන්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයග්‍රහණයක් හිමිවිය.
Group D
ටැමිල් යුනියන් සහ රාගම අතර තරගය (පී. සරා ඕවල් පිටියේ දී)
රාගම ක්‍රිකට් සමාජය : කඩුලු 9ක් දැවී 203 (50) උදාර ජයසුන්දර 95, සුපේෂල ජයතිලක 24, රොශේන් සිල්වා 31, විමුක්ති පෙරේරා 4/42
ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය : කඩුලු 3ක් දැවී 135 (35) කිරන් පවෙල් 57, ප්‍රසන්සන ජයමාන්න 31, තරංග පරණවිතාන නොදැවී 33
ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 2ක ජයග්‍රහණයක් හිමිවිය.
කළුතර නාගරික සහ නුගේගොඩ අතර තරගය (තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී)
නුගේගොඩ ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 139 (43) පැතුම් මධුශංක 22, ප්‍රමුද් හෙට්ටිවත්ත 38, දෙනුවන් රාජකරුණා 24, කුරාම් ශේෂාඩ් 20, ආර්. පුංචිහේවා 2/19, සචිත ජයතිලක 3/29, ඉන්සක සිරිවර්ධන 2/28, එරංග රත්නායක 2/23
කළුතර ටවුන් සමාජය : කඩුලු 5ක් දැවී 140 (43.4) අනුශ්ක පෙරේරා 44, දසුන් සෙනෙවිරත්න 30, චනුක ඩිල්ශාන් 3/22
කළුතර ටවුන් සමාජයට කඩුලු 5ක ජයක් හිමිවිය.
මුවර්ස් සහ ගුවන් හමුදාව අතර තරගය (මුවර්ස් පිටියේ දී)
ක්‍රීඩාංගණයේ පැවැති අයහපත් තත්ත්වය හේතුවෙන් මෙම තරගය එකඳු හෝ පන්දුවක් නොයවා නතර කරන ලදි.





















