ඩිල්ශාන්ගේ ශතකය බදුල්ලට ජය ගෙන එයි

912
SLC Inter District Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් දිස්ත්‍රික් එක්දින තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (22) ක්‍රීඩාංගණ 7කදී පැවැත්විය. එම තරග වලින් යාපනය, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, බදුල්ල, මන්නාරම සහ මහනුවර යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

කුසල්ගේ නොදැවුණු ඉනිම මාතලේට ජය ගෙනෙයි

දේශීය ක්‍රිකට් තරු එකිනෙක ගැටෙන අන්තර් දිස්ත්‍රික් එක්දින තරගාවලියේ උණුසුම අදත් (24) ක්‍රීඩාංගණ දෙකක දී පැතිරී ගියේය. එහි දී මාතර දිස්ත්‍රික්කය කඩුලු 6කින් හම්බන්තොට දිස්ත්‍රික්කය පරාජය කිරීමට සමත් වූ අතර මාතලේ දිස්ත්‍රික්කය, නුවරඑළිය දිස්ත්‍රික්කය හමුවේ කඩුලු 5ක ජයක් ලැබීමට සමත් විය.

යාපනය හා වව්නියා

මග්ගොන සරේ ගම්මාන පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට යාපනය කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දු යැවූ යාපනය කණ්ඩායම වෙනුවෙන් ඉශාර ප්‍රශාන් ලකුණු 29ක් තුල කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. කමල් පුෂ්පකුමාර වව්නියා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 29ක් ලබා ගත්තේය.

ලකුණු 137ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි යාපනය කණ්ඩායම වෙනුවෙන් රමිත් රඹුක්වැල්ල නොදැවී ලකුණු 36*ක් ලබා ගන්නා ලදි. අසේල අලුත්ගේ කඩුලු 4 යි.

වව්නියාව – සියල්ලන්ම දැවී 136 (27.3): කමල් පුෂ්පකුමාර 29, අසේල අලුත්ගේ 24, ඉශාර ප්‍රශාන් 4/29, ජීවන් මෙන්ඩිස් 3/23

යාපනය – 137/6 (20.2): රමිත් රඹුක්වැල්ල 36*, අසේල අලුත්ගේ 4/57


පුත්තලම හා කුරුණෑගල

කාසියේ වාසිය දිනා ගත් කුරුණෑගල කණ්ඩායම පළමුව පිතිකරණය සඳහා අවස්ථාව උදා කර ගත් අතර, එම ඉනිම වෙනුවෙන් ධනුෂ්ක ධර්මසිරි ලකුණු 57ක් රැස් කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී පුත්තලම කණ්ඩායම වෙනුවෙන් රාජික ඩිල්ශාන් කඩුලු 3ක් දවා ගන්නා ලදි.

පුත්තලම ක්‍රීඩකයෝ ලකුණු 184ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළ අතර රවීන් යසස් ලකුණු 71ක් හා රුක්ෂාන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 69*ක් වාර්තා කරන ලදි. තරගය කටුනායක නිදහස් වෙළඳ කලාප පිටියේ දී පැවැත්විය.

කුරුණෑගල – සියල්ලන්ම දැවී 180 (31.5): ධනුෂ්ක ධර්මසිරි 57, කල්ප බණ්ඩාරනායක 35, රාජික ඩිල්ශාන්  ඩිල්ශාන් 3/16, මලින්ද පුශ්පකුමාර 2/20, ඉසුරු උදාන 2/36

පුත්තලම – 184/3 (පන්දුවාර 36.3): රවීන් යසස් 71, රුක්ෂාන් ප්‍රනාන්දු 69*, ඉසුරු උදාන 33, අනුරුද්ධ රාජපක්ෂ 1/24


බදුල්ල හා මොනරාගල

ඌව පළාත් කාණ්ඩයේ තරගයක් ලෙස පනාගොඩ ගුවන් හමුදා පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ බදුල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර, එහි දී පැතුම් ඩිල්ශාන් විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් ලකුණු 132ක් ලබා ගන්නා ලදි. ඔහුට අගනා සහයක් දුන් ඩිල්ශාන් ලකුණු 77යි. පන්දු යැවීමේ දී චලන වීරසිංහ කඩුලු 5ක් දවා ගන්නා ලදි.

මොනරාගල කණ්ඩායමට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 125ක් වන අතර, සංජික රිද්ම ලකුණු 8ක් තුල කඩුලු 4ක් දවා ගනිමින් තම කණ්ඩායමට ලකුණු 230ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට දායකත්වය සපයන ලදි.

බදුල්ල – සියල්ලන්ම දැවී 355 (46): පැතුම් ඩිල්ශාන් 132, ඩිල්ශාන් ද සොයිසා 77, දුශාන් විමුක්ති 36, අශාන් රන්දික 28, චලන වීරසිංහ 5/68

මොනරාගල – සියල්ලන්ම දැවී 125 (32.4): ප්‍රසන්න වික්‍රමසිංහ 39, සංජික රිද්ම 4/08, ජනිත් ද සිල්වා 2/10


අම්පාර හා ත්‍රිකුණාමලය

BRC පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ අම්පාර කණ්ඩායම නැගෙනහිර පළාත් කාණ්ඩය යටතේ පැවැත්වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහර දෙන ලදි. විශ්ව දීමන්ත තමන්ගේ නමට තවත් අර්ධ ශතකයක් එකතු කර ගැනීමට සමත් විය. බුද්ධික සඳරුවන් හා රොස්කො තට්ටිල් කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

ත්‍රිකුණාමලය කණ්ඩායම වෙනුවෙන් ලහිරු ලක්මාල් නොදැවී ලකුණු 95*ක් ලබාගෙන, තම කණ්ඩායම වෙතට ජයග්‍රහණය හරවා දෙන ලදි. මෙම තරගයෙන් ත්‍රිකුණාමල කණ්ඩායමට කඩුලු 2ක ජයග්‍රහණයක් හිමි විය.

අම්පාර – සියල්ලන්ම දැවී 219 (50 ): විශ්ව දීමන්ත 59, ශෙහාන් ප්‍රනාන්දු 48, නදීර නාවල 32, රොස්කො තහටිල් 3/28, බුද්ධික සඳරුවන් 3/33

ත්‍රිකුණාමලය – 221/8 (49.1): ලහිරු ලක්මාල් 95*, දිමුතු වරාපිටිය 39, සවිත් ප්‍රියාන් 2/31


පොළොන්නරුව හා මන්නාරම

උතුරු මැද පළාත් කාණ්ඩයේ තරගයක් ලෙසින් කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වූ මෙම තරගයෙන් මන්නාරම කණ්ඩායම කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි. කාසියේ වාසිය ජයග්‍රහණය කළ පොළොන්නරුව කණ්ඩායම වෙනුවෙන් නිපුන ගමගේ ලකුණු 47ක් ලබා ගත්තේය.

ඔවුන්ගේ ලකුණු 199 හඹාගිය මන්නාරම කණ්ඩායම වෙනුවෙන් සමීර සොයිසා හා ලහිරු තිරිමාන්න පිළිවෙළින් ලකුණු 58ක් හා 37ක් වාර්තා කරන ලදි. පන්දු යැවීමේ දී විහඟ කල්හාර හා යොහාන් ද සිල්වා කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

පොළොන්නරුව – සියල්ලන්ම දැවී 199 (50): නිපුන ගමගේ 47, සුරේෂ් පීරිස් 25*, යොහාන් සිල්වා 24, උදාර ජයසුන්දර 2/22, ජනිත් ලියනගේ 2/33, අක්ශු ප්‍රනාන්දු 2/39

මන්නාරම – 203/6 (39): සමීර සොයිසා 58, ලහිරු තිරිමාන්න 37, තිලක්ෂ සුමනසිරි 35, විහඟ කල්හාර 2/14, යොහාන් ද සිල්වා 2/51


ගම්පහ හා කොළඹ

CCC පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොළඹ කණ්ඩායම මෙම තරගයෙන් කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. ගම්පහ කණ්ඩායම පළමුව පිතිකරණයේ නිරත වී ලකුණු 245ක් රැස්කරගන්නා ලදි. එහිදී මලිත් කුරේ දැකුම්කළු පිතිකරණයක නිරත වෙමින් ලකුණු 73ක් වාර්තා කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම දියත් කළ කොළඹ කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිකරණයක නිරත වුන ඩිල්ශාන් මුණවීර ලකුණු 73ක් හා අශාන් ප්‍රියන්ජන ලකුණු 57ක් ලබා ගන්නා ලදි. දක්ෂ ලෙස පන්දු යැවූ චානුර ප්‍රනාන්දු ලකුණු 28ක් තුල කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ගම්පහ – 245/7 (50): මලිත් කුරේ 73, ලහිරු වික්‍රමසිංහ 55, ශිහාන් දිගාසිරි 30, චතුරංග කුමාර 2/35

කොළඹ – 248/8 (46.2): ඩිල්ශාන් මුණවීර 73, අශාන් ප්‍රියංජන 57, මාධව වර්ණපුර 38, චතුරංග කුමාර 35, චානුර ප්‍රනාන්දු 5/28, කල්හාන් සිනෙත් 2/44


මහනුවර හා මාතලේ

වැලිසර දී කාසියේ වාසිය ජය ගත් මහනුවර කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන ලදි. එහි දී කවිඳු කුලසේකර වර්ණවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 59ක් ලබා ගන්නා විට, සම්මු අශාන් ලකුණු 55ක් රැස්කර ගන්නා ලදි. ඔෂද ප්‍රනාන්දු ලකුණු 54යි.

මාතලේ කණ්ඩායමට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 190ක් පමණක් වන අතර, දක්ෂ ලෙස පන්දු යැවූ ජෙෆ්රි වැන්ඩර්සේ හා විමුක්ති පෙරේරා කඩුලු 3 බැගින් දවා ගත්තේය. කුසල් එදුසූරිය ලකුණු 57ක් රැස්කරගෙන යම් මට්ටමකට තම කණ්ඩායම ගෙන එන ලදි.

මහනුවර – 284/9 (50): කවිදු කුලසේකර 59, සම්මු අශාන් 55, ඔශඳ ප්‍රනාන්දු 54, කල්හාර පීරිස් 2/40, ඔශාන් අබේසේකර 2/57

මාතලේ – සියල්ලන්ම දැවී 190 (42.1): කුසල් එදුසූරිය 57,  ඒ. ඩී. වීරසූරිය 46, ජෙෆ්රි වැන්ඩර්සේ 3/36, විමුක්ති පෙරේරා 3/39

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට