දිස්ත්‍රික් අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ

720

කොළඹ දිස්ත්‍රික් අධිකරණ නියෝගයක් මඟින් අත්හිටුවා තිබෙන ප්‍රමුඛ පෙළ සීමිත පන්දුවාර තරගාවලිය වෙනුවට දිස්ත්‍රික් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  තීරණය කොට ඇත.

තියුණු ජයක් සමඟ නාලන්දාවෝ අවසන් වටයට

සිංගර් කුසලාන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙදින හා සීමිත පන්දුවාර තරගයන් හි අවසන් වටයේ තරග මේ දිනවල පැවැත්වෙමින් තිබේ. ඒ අතර අද (13) කොළඹ නාලන්ද විද්‍යාලය…

මීගමුව ක්‍රිකට් සමාජයට අවස්ථාවක් ලබා නොදීම පිළිබඳව ඔවුන් විසින් නැගූ චෝදනාවක් සලකා බලමින් පසුගිය පෙබරවාරි 17 වැනි දින අධිකරණය විසින් තීරණය කෙරුණේ ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වීමට නියමිතව තිබූ අදාළ තරගාවලිය සම්බන්ධ සියලු සංවිධාන කටයුතු අත්හිටුවිය යුතු බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ප්‍රමුඛ පෙළ සීමිත පන්දුවාර තරගාවලිය අත්හිටුවමින්, නව මුහුණුවරක් ඇති දිස්ත්‍රික් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියක් මේ මස 15 වැනිදා (හෙට) සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. මීට දිවයිනේ දිස්ත්‍රික්ක 24ක් නියෝජනය කරමින් කණ්ඩායම් 24ක් සහභාගී වේ. කාණ්ඩ 8කට වෙන්කොට ඇති තරගාවලියේ එක් කාණ්ඩයකට ප්‍රමුඛ පෙළ “ඒ” කාණ්ඩයේ සහ “බී” කාණ්ඩයේ ක්‍රීඩකයන් ඇතුළත් කණ්ඩායම් 3 බැගින් අයත් වේ. සෑම කණ්ඩායමක්ම අනෙකුත් කණ්ඩායම් සමඟ සත්කාරකයන් සහ ආගන්තුකයන් වශයෙන් දෙවරක් ක්‍රීඩා කරනු ඇත. කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබයි. අවසන් මහා තරගය එළඹෙන අප්‍රේල් 2 වන දා SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලට අනුව මෙය “ලිස්ට් ඒ” (List A) කාණ්ඩයට අයත් තරගාවලියකි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරග පැවැත්වෙන  ආකාරය ගැන මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට නැත.

මධ්‍යම නැගෙනහිර උතුර උතුරු මැද
මහනුවර අම්පාර යාපනය මන්නාරම
නුවරඑලිය මඩකලපුව කිලිනොච්චි අනුරාධපුර
මාතලේ ත්‍රිකුණාමලය වවුනියාව පොලොන්නරුව
වයඹ දකුණ ඌව බස්නාහිර
කුරුණෑගල මාතර බදුල්ල කොළඹ
පුත්තලම   ගාල්ල රත්නපුර කළුතර
කෑගල්ල හම්බන්තොට මොණරාගල ගම්පහ


  තවත්
 ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට