Sri Lanka Cricket Team

නාය යෑම්, සුලි සුළං හා ගංවතුරින් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් රුපියල් මිලියනයක් ප‍්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රි‍කට් කණ්ඩායම තීරණය කර තිබේ. එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දින (19 වැනිදා) තරඟය නිමා වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මාධ්‍ය ප‍්‍රකාශක චන්ද්‍රශාන් පෙරේරා මහතා ඒ බව සදහන් කළේය.

නාය යෑම් සහ ගංවතුරින් මියගිය ශ්‍රී ලාංකික සහෘද ජනතාව වෙනුවෙන් ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කළු අත්පටි පැලැද මෙම එංගලන්ත තරගයට සහභාගි වෙයි.

”උදාවෙලා තියෙන තත්ත්වය සැලකිල්ලට ගෙන ගංවතුරින් විපතට පත්වූවන්ට ආධාර වශයෙන් රුපියල් මිලියනයක මුදලක් ප‍්‍රධානය කිරීමට නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු පිරිස තීරණය කළා”

”ඔවුන් එය පිරිනමන්නේ කණ්ඩායමක් වශයෙන් බවද නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් අතර පැවැති හමුවකින් අනතුරුව මේ තීරණය ගත්තා” යැයි චන්ද්‍රශාන් පෙරේරා මහතා පැවසීය.