Home Sinhala අශාන් ප්‍රියංජන් කොළඹ අසරණ කරයි

අශාන් ප්‍රියංජන් කොළඹ අසරණ කරයි

ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

135
ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද (26) පැවැත්වුනා.

එහි දී දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ අතර දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වීමට දඹුල්ල කණ්ඩායමේ අශාන් ප්‍රියංජන් සමත් වුනා.

කොළඹ සහ දඹුල්ල – කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී

කාසියේ වාසිය දිනා ගත් දඹුලු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 140ක් පමණයි. එම ඉනිම විනාශ කිරීමේ දී අශාන් ප්‍රියංජන් ලකුණු 20කට කඩුලු 6ක් දවා ගත්තා.

කොළඹ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ අශේන් බණ්ඩාර. ඔහු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.

දඹුල්ල ජයග්‍රහණය වෙනුවෙන් පවන් රත්නායක පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා. ඔහු ලසිත් අබේරත්න සමඟ එක් වෙමින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62ක දී ලකුණු 49ක සබඳතාවක් එක් කළා. ලසිත් අබේරත්න ලබා ගත් ලකුණු සංඛ්‍යාව 30ක්. ඊට පන්දු 38ක් වැය කර තිබූ අතර හතරේ පහර 3ක් ඒ අතර වුනා.

  • කොළඹ – සියලුම දෙනා දැවී 140 (38) අශේන් බණ්ඩාර 36, කලණ පෙරේරා නොදැවී 24, අශාන් ප්‍රියංජන් 6/20
  • දඹුල්ල – කඩුලු 4ක් දැවී 146 (27.3) පවන් රත්නායක 51, ලසිත් අබේරත්න 30, සොනාල් දිනූෂ නොදැවී 29

දඹුල්ල කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Result


Team Colombo
140/10 (38)

Team Dambulla
146/4 (27.3)

Batsmen R B 4s 6s SR
Sithara Gimhana lbw b Lahiru Samarakoon 7 15 1 0 46.67
Krishan Sanjula run out (Abishek Liyanarachchi) 18 18 2 0 100.00
Heshan Fernando st Minod Bhanuka b Ashan Priyanjan 19 39 2 0 48.72
Nipun Dhananjaya st Minod Bhanuka b Ashan Priyanjan 4 20 0 0 20.00
Ashen Bandara run out (Lakshan Sandakan) 36 40 1 1 90.00
Sachitha Jayathilake c Lasith Abeyrathne b Ashan Priyanjan 4 9 0 0 44.44
Dushan Vimukthi c Pavan Rathnayake  b Sonal Dinusha 14 28 2 0 50.00
Kalana Perera not out 24 26 2 1 92.31
Udith Madushan lbw b Ashan Priyanjan 1 25 0 0 4.00
Nuwan Pradeep  b Ashan Priyanjan 5 9 1 0 55.56
Danushka Sandaruwan lbw b Ashan Priyanjan 0 1 0 0 0.00


Extras 8 (b 0 , lb 2 , nb 2, w 4, pen 0)
Total 140/10 (38 Overs, RR: 3.68)
Bowling O M R W Econ
Nuwan Thushara 5 1 25 0 5.00
Lahiru Samarakoon 4 0 14 1 3.50
Ashan Priyanjan 10 2 20 6 2.00
Ranitha Liyanarachchi 4 0 14 0 3.50
Dushan Hemantha 7 0 32 0 4.57
Sonal Dinusha 5 0 28 1 5.60
Lakshan Sandakan 3 1 5 0 1.67


Batsmen R B 4s 6s SR
Abishek Liyanarachchi lbw b Danushka Sandaruwan 14 20 3 0 70.00
Minod Bhanuka c Dushan Vimukthi b Nuwan Pradeep  9 15 1 0 60.00
Pavan Rathnayake  st Sithara Gimhana b Dushan Vimukthi 51 53 7 1 96.23
Lasith Abeyrathne c Sithara Gimhana b Nipun Dhananjaya 30 38 3 0 78.95
Sonal Dinusha not out 29 21 3 1 138.10
Ranitha Liyanarachchi not out 11 19 1 0 57.89


Extras 2 (b 0 , lb 0 , nb 1, w 1, pen 0)
Total 146/4 (27.3 Overs, RR: 5.31)
Bowling O M R W Econ
Nuwan Pradeep  6 0 51 1 8.50
Kalana Perera 2 0 7 0 3.50
Dushan Vimukthi 5.3 0 30 1 5.66
Danushka Sandaruwan 7 0 27 1 3.86
Udith Madushan 4 0 19 0 4.75
Nipun Dhananjaya 3 0 12 1 4.00



ගාල්ල සහ යාපනය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවසි යාපනය ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 245ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ගාල්ල ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී තවත් පන්දු 5ක් තිබිය දී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

යාපනය ඉනිම වෙනුවෙන් රොන් චන්ද්‍රගුප්ත පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 57ක් අතර ලහිරු මධුශංක පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 48ක් ලබා ගන්නවා.

පන්දු යැවීමේ දී තිලංග උදේශන සහ කවිශ්ක අංජුල කඩුලු 2 බැගින් දවා ගන්නවා.

පිළිතුරු ගාලු ඉනිම වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 59ක් ලබා ගනිමින් තරගයේ වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයා වූයා. ඊට අමතර ව පැතුම් කුමාර පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ල සඳහා පසිඳු සූරියබණ්ඩාර සහ පැතුම් කුමාර එක් ව පන්දු 85ක දී ලකුණු 78ක සබඳතාක් එක් කිරීමට සමත් වුනා.

කඩුලු දවා ගැනීමේ දී ශිරාන් ප්‍රනාන්දු සහ දිලුම් සුදීර කඩුලු 2 බැගින් දවා ගත්තා.

  • යාපනය – කඩුලු 7ක් දැවී 245 (50) නවෝද් පරණවිතාන 36, රොන් චන්ද්‍රගුප්ත 57, කසුන් අබේරත්න 36, ජනිත් ලියනගේ 36, ලහිරු මධුශංක නොදැවී 48, තිලංග උදේශන 2/47, කවිශ්ක අංජුල 2/55
  • ගාල්ල – කඩුලු 9ක් දැවී 249 (49.1) සොහාන් ද ලිවේරා 37, පසිඳු සූරියබණ්ඩාර 59, පැතුම් කුමාර 57, කවිශ්ක අංජුල 41, ශිරාන් ප්‍රනාන්දු 2/49, දිලුම් සුදීර 2/29

ගාල්ල කණ්ඩායමට කඩුල්ලක ජයක්.

Result


Team Jaffna
245/7 (50)

Team Galle
249/9 (49.1)

Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Sohan de Livera b Kavishka Anjula 36 57 3 0 63.16
Ron Chandraguptha  c Sohan de Livera b Praveen Jayawickrama 57 105 3 0 54.29
Kasun Abeyratne b Kavishka Anjula 36 32 5 0 112.50
Janith Liyanage c Pathum Kumara b Akila Dananjaya 36 48 2 0 75.00
Kamesh Nirmal b Suminda Lakshan 1 3 0 0 33.33
Lahiru Madushanka not out 48 41 2 1 117.07
Ravindu Fernando  c Pasindu Sooriyabandara b Tilanga Udeshana 2 4 0 0 50.00
Avishka Tharindu c Mohammad Shamaaz b Tilanga Udeshana 2 4 0 0 50.00
Shiran Fernando  not out 10 6 1 0 166.67


Extras 17 (b 0 , lb 7 , nb 0, w 10, pen 0)
Total 245/7 (50 Overs, RR: 4.9)
Bowling O M R W Econ
Tilanga Udeshana 9 0 47 2 5.22
Akila Dananjaya 10 3 28 1 2.80
Kavishka Anjula 9 0 55 2 6.11
Vishad Randika 1 0 2 0 2.00
Praveen Jayawickrama 10 0 44 1 4.40
Dhananjaya Lakshan 1 0 11 0 11.00
Suminda Lakshan 10 0 51 1 5.10


Batsmen R B 4s 6s SR
Sohan de Livera c Jeffrey Vandersay  b Dilum Sudeera  37 30 6 0 123.33
Mohammad Shamaaz b Navod Paranavithana 12 16 2 0 75.00
Pasindu Sooriyabandara b Ravindu Fernando  59 81 3 0 72.84
Dhananjaya Lakshan c Lahiru Madushanka b Dilum Sudeera  2 9 0 0 22.22
Vishad Randika b Shiran Fernando  8 21 0 0 38.10
Pathum Kumara b Shiran Fernando  57 69 4 0 82.61
Suminda Lakshan run out (Janith Liyanage) 0 3 0 0 0.00
Kavishka Anjula c Raveen De Silva b Lahiru Madushanka 41 46 3 1 89.13
Akila Dananjaya not out 10 13 1 0 76.92
Praveen Jayawickrama run out (Ravindu Fernando ) 8 8 0 0 100.00
Tilanga Udeshana not out 0 0 0 0 0.00


Extras 15 (b 0 , lb 0 , nb 1, w 14, pen 0)
Total 249/9 (49.1 Overs, RR: 5.06)
Bowling O M R W Econ
Shiran Fernando  8.1 0 49 2 6.05
Lahiru Madushanka 4 0 22 1 5.50
Navod Paranavithana 6 0 36 1 6.00
Ravindu Fernando  10 0 55 1 5.50
Dilum Sudeera  10 0 29 2 2.90
Janith Liyanage 1 0 14 0 14.00
Jeffrey Vandersay  10 0 44 0 4.40



තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<