හොඳම පන්දු ‍යැවීමේ වාර්තාවත් එක්ක ශෂිකලා ක්‍රිකට් දිවියට සමුදෙයි

61

ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශෂිකලා සිරිවර්ධන තම 17 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ඊයේ (01) අවසන් කළේ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4ක් දවා ගනිමිනි. 

ශෂිකලා සිරිවර්ධන මෙම තරගයේ දී තම ලෝක කුසලාන දිවියේ හොඳම පන්දු ‍යැවීම වාර්තා කළ අතර සහ අචිනි කුලසූරිය ලකුණු 19කට කඩුලු 2ක් දවා ගනිමින් බංග්ලාදේශ. ලකුණු ට සීමා කිරීමට සමත් විය. 

පන්දුවට පහර දීමේ දී හසිනි පෙරේරා නොදැවී ලකුණු 39ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම තම ඉලක්කය පසුකර ගියේ එක් කඩුල්ලක් පමණක් අහිමිකරග නිමින් පන්දු 27ක් ඉතිරිව තිබියදීය. මෙම ජයග්‍රහණය මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ පළමු ජයග්‍රහණය විය. 

ශෂිකලා මෙම තරගයේ දී වාර්තා කළ ලකුණු 16කට කඩුලු 4ක් දවා ගැනීම මෙවර තරගාවලියේ මේ දක්වා හොඳම පන්දු ‍යැවීම ලෙස වාර්තා විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වසර 17ක් තම දායකත්වය දැක්වූ ශෂිකලා සිරිවර්ධන ඇයගේ අවසන් ජාත්‍යන්තර තරගයේ මේ දක්වා පැවති තරගාවලියේ හොඳම තරගය බවට පත්කර ගැනීමට සමත්වූවාය. 

ඇය බලාපොරොත්තු වූ ආකාරයටම ඇය තම පන්දු ‍යැවීම ආරම්භ කළ අතර හසිනි පෙරේරා බංග්ලාදේශ ආරම්භක පිතිකාරිය වූ මුර්ෂීඩා ඛතුන් ලකුණු 3ක් ලබා සිටිය දී ලබා දුන් උඩපන්දුව සාර්ථකව රැකගැනීමට සමත් විය. 

ඉන් අනතුරුව පන්දුවට පහර දීමට පැමිණි සංජීඩා ඉස්ලාම් ලකුණු 13කට දවා ගැනීමට අචිනි කුලසූරිය සමත් වූ අතර එම පන්දුවාරයේ දී ම බංග්ලාදේශ ආරම්භක පිතිකාරිය වූ අයාශා රහ්මාන්ද දවා ගැනීමට ඇය සමත් විය. 

බංග්ලාදේශ ලකුණු පුවරුව පවර් ප්ලේ අවස්ථාව අවසානයේ කඩුලු 3කට ලකුණු 26ක් ලෙස සටහන් වූ අතර ඔවුන් පිතිකරණයේ කිසිදු රිද්මයක් සොයාගැනීමට අසමත්ව සිටියහ. 

නිගාර් සුල්තානා හා ෆර්ගනා හොක් පින්කි පන්දුවාර 10ක් තුල දී බංග්ලාදේශ කණ්ඩායමට එක් කළේ ලකුණු 39ක් පමණි. 

කවීෂා දිල්හාරි සිය පළමු ඕවරයේ දී ලකුණු 2ක් පමණක් ලබා දුන් අතර ඇය දෙවන පන්දුවාරයේ දී ෆර්ගනා හොක් පින්කි ලකුණු 13කට පිටියෙන් ඉවත් කළේය. 

ශෂිකලා සිරිවර්ධන සිය දෙවන කඩුල්ල දවා ගත්තේ උදේශිකා ප්‍රබෝධනී ලබාගත් උඩපන්දුවත් සමඟිනි. ඒ රුමානා අහ්මඩ් ලකුණු නොලබා short fine leg වෙත ලබා දුන් උඩපන්දුවකි. 

ශෂිකලා තම තුන්වන කඩුල්ල ලෙස සුගන්ධිකා කුමාරි හට උඩපන්දුවක් ලබා දුන් රිතූ මොනි දවා ගැනීමට සමත් විය. 

අවසන් ඕවරයේ දී ෆාහිමා ඛතුන් එක් ලකුණක් ලබා සිටිය දී දැවී ගිය අතර ශ්‍රී ලංකා නායක චමරි අතපත්තු හතරේ පහර 5 ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටි නිගාර් සුල්තානා දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට සමත් විය. 

බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8 ක් දැවී ලබා ගත්තේ ලකුණු 91ක් පමණි. 

පළමු පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් බවට පත්කිරීමට බංග්ලාදේශ නායක සල්මා ඛාතුන් සමත්වූවාය. නමුත් දෙවන පන්දුවාරයේ දී ශ්‍රී ලංකා නායක චමරි අතපත්තු ලබා දුන් උඩපන්දුව රැකගැනීමට ෆර්ගනා අපොහොසත් විය. කඩුල්ල ශ්‍රී ලංකා ඉනිමේ තීරණාත්මක කඩුල්ලක් වීමට ඉඩ තිබිණි. 

නායිකා චමරි අතපත්තු හා හසිනි පෙරේරා ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 51ක් එක්කළේ ශ්‍රී ලංකාවට ප්‍රබල ආරම්භයක් ලබා දෙමිනි. පවර් ප්ලේ අවස්ථාව නිමා වන විට ආරම්භක පිතිකාරියන් දෙදෙනාම හතරේ පහර දෙක බැගින් ලබා සිටි අතර චමරි අතපත්තු හයේ පහරක් එල්ල කර තිබිණි. 

අටවන පන්දුවාරයේ දී රූමානා අහ්මඩ්ට තවත් හයේ පහරක් එල්ල කිරීමට චමරි අතපත්තු සමත් වූ අතර මීළඟ පන්දුවේ දී නහීඩා අක්ටර්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුව දැවී යාමට චමරි අතපත්තුට සිදු විය. 

විස්සයි විස්ස කඩුලු 50ක් ලබා ගත් ළාබාලතම කාන්තා පන්දු යවන්නා බවට පත්වීමට අක්ටර් සමත් විය. එය ඇයගේ 20 වන උපන්දින තෑග්ග විය. 

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලබා ගත් ප්‍රබල ආරම්භයෙන් පසුව, ශ්‍රී ලංකා ඉනිම බංග්ලාදේශයේ පන්දු යවන්නන් විසින් තරමක් මන්දගාමී කළේය. නමුත් හසිනි පෙරේරා නොදැවී ලකුණු 39ක් ලබා ගත්තේ කඩුලු 9ක ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

මෙම තරගයේ ප්‍රතිඵල තරගාවලියේ මීළඟ සංස්කරණ. සඳහා ප්‍රමාණවත් වූයේ නැත. 

2021 නොවැම්බර් 30 වන දින ඉහලම ශ්‍රේණිගත කිරීම්හි පසුවන කණ්ඩායම් 8 හා සත්කාරක දකුණු අප්‍රිකාව 2022 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<