10 වන වරට පැවැත්වෙන මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ ආධුනික කාණ්ඩයේ කාන්තා අංශයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නට බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය සහ රතනපාල ක්‍රීඩා සමාජය සමත් වූ අතර එහි පිරිමි අංශයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් වූයේ ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩා සමාජය (SLAOC) සහ ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් ය.

ලස්සනම කණ්ඩායම නොව දක්ෂතම කණ්ඩායම කවුරුන්ද?

කාන්තා ලාලිත්‍යය ක්‍රීඩාවට එක්වන සෑමවිටකම ක්‍රීඩාව උද්දීපනය වේ. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවටද එසේමය. මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී…

ආධුනික කාණ්ඩය – කාන්තා අංශය

පසුගිය වසරේ තරගාවලියේ මෙම අංශයේ ශූරතාවය දිනාගත් ගලිගමුව බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය සහ මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය අවසන් පූර්ව වටයේ දී පිළිවෙළින් කුරුණෑගල ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය සහ මඩකලපුව බ්ලැක් ලයන්ස් ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.  

ඒ අනුව පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී සිරි පැරකුම් ක්‍රීඩා සමාජය තරග වට 3-0ක් ලෙස ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සමත් විය. තරගයේ ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 25-15ක්, 25-14ක් සහ 25-16ක් වශයෙනි. අනතුරුව පැවති දෙවන අවසන් පූර්ව තරගයේ දී රතනපාල ක්‍රීඩා සමාජය හමුවේ බ්ලැක් ලයන්ස් ක්‍රීඩා සමාජය ලකුණු 25-09ක් හා 25-07ක් වශයෙන් පරාජයට පත්විය.

පසුව කාන්තා අංශයේ 3 වන ස්ථානය තීරණය කිරීම සඳහා පැවති තරගයේ දී බ්ලැක් ලයන්ස් ක්‍රීඩා සමාජය තරග වට 3-0ක් වශයෙන් පරාජයට පත්කරමින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූයේ ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය කණ්ඩායමයි.

  ප්‍රතිඵල  

අවසන් පූර්ව තරග

  • බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය 25-15, 25-14 & 25-16 ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය
  • රතනපාල ක්‍රීඩා සමාජය 25-9 & 25-7 බ්ලැක් ලයන්ස් ක්‍රීඩා සමාජය

3 වන ස්ථානය

  • ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය 25-11, 25-20 & 25-19 බ්ලැක් ලයන්ස් ක්‍රීඩා සමාජය
  • Novices Men -Golden Tigers - Kurunegala

ආධුනික කාණ්ඩය – පිරිමි අංශය

ගාල්ල ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩා සමාජය (SLAOC) සහ කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය පිරිමි තරග අංශයේ අවසන් පූර්ව වටයේ දී පිළිවෙළින් මහනුවර වැගනර්ස් ක්‍රීඩා සමාජය සහ කෑගල්ල ක්‍රියේටර්ස් ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩා සමාජය සහ වැගනර්ස් ක්‍රීඩා සමාජය අතර පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී පළමු වටය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 25-23ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩා සමාජය යි. තරගයේ ඉදිරි වට දෙක තුළදී ද සිය සුපුරුදු ප්‍රබල ක්‍රීඩා රටාව දියත් කළ ඔවුන් එම වට දෙක ලකුණු 25-20 බැගින් ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය ද ඔවුන් සතුකර ගැනීමට සමත් විය.

යුධ හමුදාවේ අලුත් යුද්ධයට විදුලියේ බලපෑම කෙසේ වේවිද?

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වොලිබෝල් කණ්ඩායම් කිහිපය පමණක් සහභාගී වූ මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් අවසන් කිරුළු පැළඳවීම සඳහා සියලු කටයුතු සූදානම්…

අනතුරුව පැවති දෙවන අවසන් පූර්ව තරගය ද ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර කෙසේ නමුත් ලකුණු 25-21ක්, 27-25ක් හා 25-22ක් වශයෙන් ක්‍රියේටර්ස් ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් තරගයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වූයේ ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය යි.

පසුව පිරිමි අංශයේ 3 වන ස්ථානය තීරණය කිරීම සඳහා පැවති තරගයේ දී ද වැගනර්ස් ක්‍රීඩා සමාජය සහ ක්‍රියේටර්ස් ක්‍රීඩා සමාජය කරට කර තරගයක නිරත වූ අතර එය ලකුණු 25-23ක්, 25-23ක් සහ 25-17ක් වශෙයන් ජයග්‍රහණය කරමින් 3 වන ස්ථානය සඳහා හිමිකම් කියන්නට ක්‍රියේටර්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

  ප්‍රතිඵල  

අවසන් පූර්ව තරග

  • ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩා සමාජය 25-23, 25-20 & 25-20 වැගනර්ස් ක්‍රීඩා සමාජය
  • ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය 25-21, 27-25 & 25-22 ක්‍රියේටර්ස් ක්‍රීඩා සමාජය

3 වන ස්ථානය

  • ක්‍රියේටර්ස් ක්‍රීඩා සමාජය 25-23, 25-23 & 25-17 වැගනර්ස් ක්‍රීඩා සමාජය

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට