ලස්සනම කණ්ඩායම නොව දක්ෂතම කණ්ඩායම කවුරුන්ද?

848

කාන්තා ලාලිත්‍යය ක්‍රීඩාවට එක්වන සෑමවිටකම ක්‍රීඩාව උද්දීපනය වේ. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවටද එසේමය. මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ලාලිත්‍යය හා දස්කම් එක ලෙස ප්‍රදර්ශනය කරන්නේ ගුවන් සෙබළියන්ද? යුධ හමුදා සෙබළියන්ද?

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත්තේ ඔවුන් දෙපලයි. දැනට ඔවුනොවුනට අභියෝග කළ හැකි එකම කණ්ඩායම් දෙක ඔවුනොවුන්ම බව පැහැදිලි වන්නේ අවසන් පූර්ව තරගවලදී ඔවුන් දැක්වූ දස්කම් හේතුවෙනි.

MAS අභියෝග නොතකා ගුවන් සෙබළියන් අවසන් මහා තරගයට

ආරම්භයේ දී තරමක් අසාර්ථක වූ නමුත් ගුවන් හමුදා සෙබළියන් තරග වට 3/1ක් ලෙස MAS කැෂුවල්ලයින් ක්‍රීඩිකාවන් පරාජය කරමින් “2017 මන්චී ජාතික…

යුධ හමුදා කාන්තා කණ්ඩායම විසින් වරාය අධිකාරී කාන්තා කණ්ඩායම වට 3ට 0ක් ලෙසින්ද, ගුවන් හමුදා කාන්තා කණ්ඩායම විසින් MAS කැෂුවල් ලයින් කණ්ඩායම වට 4ට 1ක් වශයෙන්ද පරාජය කරන ලදි.

ගුවන් හමුදා කාන්තා කණ්ඩායම

පසුගිය වසරේ පැවති ජාතික මට්ටමේ වොලිබෝල් තරගාවලි වලදී වැඩිම ශූරතාවයන් ප්‍රමාණයක් ලබාගත් කාන්තා කණ්ඩායම මොවුන්ය. පසුගිය මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය තමන් සතුකරගනිමින් දස්කම් දැක්වූ ඔවුන් ශ්‍රී ලංකා වොලිබෝල් ජාතික ශූරියන්ද වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ඇතුළු අත්දැකීම් බහුල සහ තරුණ ජවය එකලෙස ඇති ක්‍රීඩිකාවන්ගෙන් කණ්ඩායම සමන්විතයි. කණ්ඩායමට පුහුණුකාරීත්වය ලැබෙන්නේ ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෙකු, පුහුණුකරුවෙකු මෙන්ම දක්ෂ වොලිබෝල් විචාරකයෙකුද වන නලීන් අබේසිංහ විසිනි.

වරාය ක්‍රීඩිකාවන් පරාජය කරමින් යුද සෙබළියන් අවසන් මහා සටනට

2017 මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී, ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩිකාවන් පරාජය කරමින් අවසන් මහා සටනට…

ප්‍රබල ක්‍රීඩිකාවන්

  • දිනේෂා ප්‍රසාදිනී – 2004 වසරේ සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ඈ උස සෙ.මී. 173කින් යුත් ජවසම්පන්න ක්‍රීඩිකාවකි. මාදම්පේ සේනානායක විද්‍යාලයෙන් වොලිබෝල් පිටිය තරණය කළ ඇය පසුගිය ආසියානු සංචාරය තුළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වයද දැරීය.

.

.

  • චතුරිකා රණසිංහ – පසුගිය වසරේ සෑම අංශයෙන්ම දක්ෂතම ක්‍රීඩිකාව යන සම්මානය දිනාගත් චතුරිකා වලපනේ කීර්තිබණ්ඩාර විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ කෙටිපන්දු ප්‍රහාරිකාවකි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නිත්‍ය කෙටිපන්දු ප්‍රහාරිකාවද වන ඇය මෙවරද තමාගේ සුපුරුදු රිද්මය සහිතව පසුවන්නීය.

.

  • අනුෂා සඳමාලි – පසුගිය වසරේ දක්ෂතම පන්දු පිරිනමන්නිය වූ ඇය දක්ෂ උසපන්දු ප්‍රහාරිකාවකද වන්නීය. උස සෙ.මී. 169ක් වන ඇගේ පාසල දෙනියාය ශාන්ත මැතිව් විද්‍යාලයයි.

.

.

.

  • ශ්‍යාමා මධුරංග – මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම කාන්තා ලිබරෝ ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙකු වන ඈ මාදම්පේ සේනානායක විද්‍යාලයෙන් වොලිබෝල් පිටියට පිවිසි සුචල්‍ය ක්‍රීඩිකාවකි.ශූරතාවයන් තමන්ට කෙතරම් සුපුරුදු වූවත් යුධ හමුදා කාන්තාවන් හමුවේ ක්‍රීඩා කරන අවසන් මහා තරගයකදී සියලු වැරයොදා ක්‍රීඩා කළ යුතු බව ඔවුන් හොඳින් වටහාගෙන ඇතැයි පැහැදිලිය.

යුධ හමුදා කාන්තා කණ්ඩායම

වැඩිම ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තිලිණ කර ඇති මොවුන් පසුගිය වසරේ අවසන් පූර්ව තරගයේදී ගුවන් හමුදා කාන්තාවන් හමුවේ පරාජය වූවත්, මෙවර ඒ සියලු වැරදි නිවැරදි කර ගැනීමේ අවස්ථාව ඔවුන්ට උදාවී ඇත. කෙසේ වෙතත් දණහිසේ සිදු කළ ශල්‍යකර්මයක් හේතුවෙන් හෂිනි ලක්ෂිකාගේ සේවය ඔවුනට නොලැබීමේ ඉඩකඩක් පවතී.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සහ 23න් පහළ සංචිතයේ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුද කණ්ඩායමට ඇතුළත් වේ. පසුගිය වසරේදීත් ඔවුනට පුහුණුකාරීත්වය සැපයූ සරත් ද සිල්වා, මෙවරත් ඔවුන්ගේ පුහුණුකරු වේ.

ප්‍රබල ක්‍රීඩිකාවන්

  • ඉරේෂා පෙරේරා – අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක වන ඇය පසුගිය ආසියානු වොලිබෝල් ශූරතාවලිය නියෝජනය කළ පන්දු සකසන්නියකි. ඔරුවල මහා විද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවට පිවිස ඇති ඇය වසර 10කටත් වැඩි ජාතික කණ්ඩායමේ අත්දැකීම් වලින් කණ්ඩායම පෝෂණය කරයි.

.

.

  • තිලිණි වාසනා – 23න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේද ප්‍රබල ක්‍රීඩිකාවක් වන ඇය උස පන්දු ප්‍රහාරිකාවකි. ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය ඇගේ පාසලයි.

.

.

  • අප්සරා සෙව්මාලි-ජවසම්පන්න ක්‍රීඩිකාවක වන අප්සරා, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන, තවමත් ළාබාල ක්‍රීඩිකාවක් වීම ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවට ධනාත්මක හැඟීමකි.

.

.

  • අයේෂා මධුරිකා – ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ප්‍රහාරිකාවක වන ඇයට ඕනෑම තරගයක් වෙනස්කිරීමේ හැකියාව ඇත. නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවට එක්වූ ඇයගේ දස්කම් අවසන් මහා තරගය ජයගන්නට නම් යුධ හමුදාවට අතිශය වැදගත් වනු ඇත.

.

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයට කාන්තා කණ්ඩායම් දෙකද සූදානම් ය. හොඳින්ම ක්‍රීඩා කරන කණ්ඩායමට ජයග්‍රහණය හිමිවේවා යන ප්‍රාර්ථනයද සමඟින්, ThePapare.com පුවත් වාර්තාකරණය හා එක්වන ලෙසද ආරාධනා කරන්නෙමු.

 වොලිබෝල් ලිපි සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට