මැන්චෙස්ටර් යුනයිටඩ් සඳහා මිල නියම කිරීමට කාලය දිගු කෙරේ

198
Mirror, Daily Star

 

Ineos ආයතනයේ හිමිකරු ශ්‍රීමත් Jim Ratcliffe (ජිම් රැට්ක්ලිෆ්) සහ කටාර් හි ධනපතියෙකු වන Sheikh Jassim (ෂෙයික් ජසිම්) විසින් මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය මිල දී ගැනීම සඳහා වැඩි කළ මිලක් නියම කරන බව වාර්තා වනවා.

පසුගිය බදාදා (22) අවසන් වීමට නියමිතව තිබූ ‘මිල නියම කිරීමට අදාළ කාලය’ උක්ත දෙදෙනාගේ ඉල්ලීම මත වැඩි කරන්නට පෙර ග්‍රිනිච් වේලාවෙන් 21:00 දක්වා සීමා කොට තිබුණා.

අනෙක් අයදුම්කරුවන් අදාළ කාලය තුළ මිල නියම කොට අවසන් කළ බවයි වාර්තා වන්නේ. නම් ප්‍රසිද්ධ කොට තිබෙන්නේ රැට්ක්ලිෆ් සහ ජසිම්ගේ පමණයි.

මිල නියම කිරීම සඳහා වැඩි කරන ලද කාලසීමාව කෙදින අවසන් වේ දැයි මෙතෙක් සඳහන් වී නැහැ.

මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය මින් පෙර අයත්ව තිබුණේ ඇමරිකානු පවුලක් වන Glazer (ග්ලේසර්) පවුලටයි. Ineos ආයතනය ඔවුන්ගේ අයිතීන් 69%ක කොටස් මිල දී ගැනීමට බලාපොරොත්තු වන අතර ජසිම් බලාපොරොත්තු වන්නේ 100%ක අයිතියක්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<