කොරෝනාවෙන් වැසුනු රග්බි වලට උදව් වෙන්න ජාත්‍යන්තර අරමුදලක්

65
World Rugby

කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ ලෝක රග්බි සංගම් සඳහා මූල්‍යමය වශයෙන් රැඳී සිටීමට උපකාර කිරීම සඳහා ලෝක රග්බි සම්මේලනය ඩොලර් මිලියන 150කට වැඩි මුදලක් පරිත්‍යාග කිරීමට සූදානම් වේ. 

නවසීලන්ත රග්බි වෙනුවෙන් All Blacks විරුවන් පෙරමුණ ගනියි

ඉදිරි කාලසීමාව තුල දී ආර්ථිකමය වශයෙන් අර්බුද රැසකට මුහුණ පෑමට සිදු වනු ඇතැයි අපේක්ෂා කරන නවසීලන්ත

කිසිඳු ජාත්‍යන්තර තරගයක් නොමැති කාලපරිච්ඡේදයක් තුළ ක්‍රීඩා සම්මේලන සඳහා වියදම් සමබර කරගැනීමට ඉවහල් කර ගැනීම සඳහා රග්බි සම්මේලනය විසින් පසුගිය බ්‍රහස්පතින්දා ඇමරිකානු ඩොලර් මිලියන 100ක සහන අරමුදලක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී. 

නිවේදනයක් නිකුත් කරමින් ලෝක රග්බි සම්මේලනය මෙම ණය මුදල් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සඳහා අදාළ වන බව පැවසීය. 

Six Nations සහ SANZAAR රටවල් සඳහා මෙම සහනය ‘අත්තිකාරම් සහ ණය’ සම්මිශ්‍රණයක් වනු ඇති බව එම ප්‍රකාශයේ සඳහන් වේ. 

ඕස්ට්‍රේලියා රග්බි සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරි Raelene Castle මීට පෙර පවසා සිටියේ මෙම වසරේ දී අහිමි වූ ආදායමෙන් ඩොලර් මිලියන 120ක නරකම තත්වයකට ඔවුන් සූදානම් වන බැවින් සහන ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා තම සංවිධානය ලෝක රග්බි සම්මේලනයෙන් කරුණු විමසූ බවයි. 

ලෝක රග්බි සම්මේලනය විසින් ඕස්ට්‍රේලියාවට කොපමණ ප්‍රමාණයක ණයක් ලබා දෙනු ඇත්ද යන්න තවමත් සොයා ගෙන නැති නමුත් එය ඩොලර් මිලියන 16කට ආසන්න වනු ඇතැයි මාධ්‍ය වාර්තා කළේය. 

ඕස්ට්‍රේලියා රග්බි සම්මේලනයට ඔවුන්ගේ ක්‍රීඩකයන්ගේ වැටුප් ගනුදෙනුව අවසන් වනතුරු කිසිඳු ණයක් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි ද වාර්තා වේ. 

ඕස්ට්‍රේලියා රග්බි සම්මේලනය හා RUPA අතර සති දෙකකට ආසන්න කාලයක් පැවති විධිමත් සාකච්ඡාවලින් පසුව එම කටයුතු  ඉක්මණින් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. 

නවසීලන්ත රග්බි සම්මේලනය පසුගිය බ්‍රහස්පතින්දා ඔවුන්ගේ ගිවිසුම විධිමත් කිරීමෙන් පසුව ඕස්ට්‍රේලියාව ද එලෙස නව ගිවිසුමක් සඳහා එක්වීමට කටයුතු කළේය. නමුත් ඕස්ට්‍රේලියාව තවමත් ක්‍රීඩකයින් සමඟ ගිවිසුමක් සඳහා එකඟ නොවූ අවසාන ප්‍රධාන වෘත්තීය සමිති වලින් එකකි. 

මෙම ගිවිසුම ලොව පුරා ගිවිසුම් බොහෝ ප්‍රමාණයකට සමාන වනු ඇතැයි අපේක්ෂා කරන අතර ක්‍රීඩාවේ වැඩිම ආදායම් ලබන අය සඳහා විශාලතම ප්‍රතිශත කප්පාදුව සිදුකිරීමට නියමිතය. 

මේ සම්බන්ධයෙන් ලෝක රග්බි සම්මේලනයේ ප්‍රකාශයේ සඳහන් වූයේ වසරේ පසුභාගය සඳහා ජාත්‍යන්තර මාදිලි ගණනාවක් තක්සේරු කර ඇති බවයි. 

ජූලි ටෙස්ට් තරගාවලියේ තත්ත්වය පිළිබඳව ලෝක රග්බි සම්මේලනය තවමත් නිශ්චිතව අදහස් දක්වා නොමැති අතර එම ප්‍රකාශය මගින් දේශීය හා දේශීය ලීගයන් සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබාදීම සඳහා ජාත්‍යන්තර දින දර්ශනයේ ‘කෙටිකාලීන නැවත හැඩගැස්වීමක්’ අවශ්‍ය වනු ඇති බව පවසා තිබිනි. 

රීසා රග්බි පිටියට ආයුබෝවන් කියයි

ඔහු රග්බි පිටියේ දේහදාරීම ක්‍රීඩකයා නොවන්නට ඇත. නමුත් ඔහුගේ නිර්භීත

SANZAAR හි රග්බි ශූරතාවය අගෝස්තු මස 08 වන දින ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර මෙල්බර්න් හි මාර්වල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව ඇතත් මෙම තරගාවලිය පසුපසට තල්ලු කළ හැකි බවට මත පළවී තිබේ. 

ලොව සියලු ගුවන් ගමන් අවලංගු කර ඇති පසුබිමක නිශ්චිත කාලසටහනක් වටා තරගාවලි සැලසුම් කිරීම වසර අවසානය දක්වා කල්දැමීමට සිදුවනු ඇත. 

ලෝක රග්බි සභාපති Bill Beaumont පැවසුවේ COVID-19 වසංගතය ක්‍රීඩාවේ ‘මීට පෙර කවදාවත් දැක නැති අර්බුදයක්’ බවයි. 

“ගෝලීය ක්‍රීඩාව මීට පෙර කවදාවත් නොදුටු අර්බුදයකට මුහුණ දී සිටින අතර මෙම අභියෝගාත්මක අවස්ථාවේ දී COVID-19 වසංගතය විසින් ඉදිරිපත් කරන ලද දැවැන්ත අභියෝගය තුළින් ගෝලීය රග්බි, එහි වෘත්තීය සමිති, තරග සහ ක්‍රීඩකයින්ට සහාය වීම සඳහා එක්සත් ක්‍රීඩාවක් ලෙස අපි පෙර නොවූ විරූ පියවර ගනිමින් සිටිනවා.”  

“අද ප්‍රකාශයට පත්කර ඇති ක්‍රියාමාර්ග වන ඇමරිකානු ඩොලර් මිලියන 100ක සහන අරමුදල මඟින් ආධාර සහ කෙටිකාලීන සහන ස්වරූපයෙන් ලබා දෙනවා. ගතික, සංකීර්ණ හා අවිනිශ්චිත පරිසරයක් පිළිබිඹු කරන හා ආමන්ත්‍රණය කරන කාලයක දින දර්ශනයේ ඇති විකල්ප ගවේෂණය කිරීමට අපි කැපවී සිටිනවා.”  

“මගේ වෘත්තීය සමිතිය, කලාපය, තරග සහ ක්‍රීඩක සගයන් සමඟ මෑත සතිවල මම බොහෝ ඵලදායි රැස්වීම් වල මුලසුන හෙබවූ අතර අපි වේගයෙන් ශක්‍ය දින දර්ශන විසඳුමක් කරා ගමන් කරමින් සිටිනවා. මේ පිළිබඳව සම්මුතියක් ඇති කර ගන්නා අතරම එහි ප්‍රතිඵලය සමස්ත ක්‍රීඩාවේම යහපතට හේතු වේවි කියලා මම හිතනවා.”

“මෙය සහයෝගීතාව, සමගිය හා නායකත්වය හදවතින්ම සිදුකරන ක්‍රියාවලියක් වන අතර එය අනාගතයේ සාර්ථක සහයෝගීතාවයක් සඳහා විභව සැලැස්මක් සකස් කරනවා. විවෘතභාවය, සහයෝගීතාවය සහ ගෝලීය දැක්ම පිළිබඳව මම සැමට ස්තූතිවන්ත වෙනවා.” 

ThePapare එදාමෙදා තුර හොඳම ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම

ශ්‍රී ලංකා හිටපු රග්බි ක්‍රීඩකයින්, වත්මන් රග්බි ක්‍රීඩකයින්, රග්බි විශේෂඥයින්, ශ්‍රී ලංකා රග්බි.

එංගලන්තයේ රග්බි සම්මේලනය මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ ඔවුන් මෙම සැලසුම පිළිගන්නා බවයි. 

“RFU (රග්බි පාපන්දු සංගමය) ආදායමට සැලකිය යුතු අලාභයක් අපේක්ෂා කරන අතර එංගලන්තය සහ ලොව පුරා ක්‍රීඩාව පවත්වා ගෙන යාමට එක්සත් රාජධානියේ රජය සහ ජාත්‍යන්තර සම්මේලන වල සහයෝගය අපි සාදරයෙන් පිළිගන්නවා.” 

ලොව පුරා බොහෝ ප්‍රධාන ක්‍රීඩා වසා දැමීමට හේතු වී ඇති කොරෝනා වෛරසය ගෝලීයව පැතිරීම රග්බි සංගමයට විශාල බලපෑමක් ඇති කරන බව ඔවුන්ගේ මතයයි. 

නවසීලන්තයේ රග්බි ක්‍රීඩකයන්ගේ සංගමය පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ නවසීලන්ත All Blacks කණ්ඩායම 50%ක වැටුප් කප්පාදුවක් පිළිගෙන ඇති බවත්, මේ වසරේ දී වෘත්තීය රග්බි ක්‍රීඩාවක් නොමැති නපුරු සිහිනයක් සඳහා සූදානම් වන බවත්ය. 

ඕස්ට්‍රේලියා රග්බි සම්මේලනයට පමණක් ජූලි මාසයේ දී අයර්ලන්තයට හා ෆීජි කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය ඇතුළුව ඔවුන්ගේ මුළු තරග සමයම අවලංගු කර දැමුවහොත් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 120ක (ඇමරිකානු ඩොලර් මිලියන 76) අලාභයක් පුරෝකථනය කර ඇත. 

නොවැම්බරයේ යුරෝපයේ පැවැත්වෙන ටෙස්ට් තරග වලට සහභාගී වීමට ප්‍රේක්ෂකයන්ට ඉඩදීම සඳහා අගුලු දැමීමේ සීමාවන් ප්‍රමාණවත්ද යන්න පිළිබඳව ද සැකයක් පවතී. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<