ජෙහාන් ඩැනියල් වේගවත් පිතිකරණය

986
Singer U19 Schools Cricket February 27th roundup

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දෙදින තරග කිහිපයක්ම සහ සීමිත පන්දුවාර තරග කිහිපයක්ම අද (27) පැවති අතර, සුලෝහිත සංග්‍රාමයේ පුහුණු තරගයේ පළමු දිනය ද සාර්ථක ලෙස අවසන් විය. සීමිත පන්දුවාර තරගයක් තුල ජෙහාන් ඩැනියල් ධර්මාශෝක විද්‍යාලයට එදිරිව ලබා ගත් වේගවත් ලකුණු 144*ක ඉනිම කාගේත් අවධානයට ලක්විය.

පිළියන්දල මධ්‍ය විද්‍යාලයට ජය

පිළියන්දල මධ්‍ය විද්‍යාලය හා හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර දෙවන වරටත් පැවැත්වුනු “සල්පිටි රයිගම් කොරළ හටනේ එක්දින ක්‍රිකට් තරගය” ලකුණු 53කින් ජයග්‍රහණය කිරීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලය සමත් විය.

කැළණිය ගුරුකුල විද්‍යාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

කටුනේරිය සාන්ත සෙබස්තියන් පිටියේ දී කාසියේ වාසිය ජය ගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර, ලසිත් කෲස්පුල්ලේ තම විද්‍යාලයේ පළමු ඉනිම වර්ණවත් කරමින් ලකුණු 83ක් ලබා ගැනීමට සමත් විය. දක්ෂ ලෙස පන්දු යැවූ පෘථිවි රූසර කඩුලු 6ක් දවා ගන්නා ලදි.

ගුරුකුල විද්‍යාලයට තම පිළිතුරු පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 144ක් පමණි. එහි දී අචින්ත මල්ශාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 46ක් රැස් කර ගන්නා ලදි. පසිඳු උශෙට්ටි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් කඩුලු 4ක් ඩැහැගන්නා විට තම දෙවන ඉනිමට ලකුණු 36*ක් ලබා ගැනීමට ලසිත් කෲස්පුල්ලේ සමත්ව සිටියි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 205 (42): ලසිත් කෘෘස්පුල්ලේ 83, රවිදු ප්‍රනාන්දු 39, සංබ පූර්ණ 24, පෘථිවි රෑසර 6/45

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම – 144 (36.5): අචින්ත මල්ශාන් 46, පසිදු උශෙට්ටි 4/50, සචිදු කොළඹගේ 2/29

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 56/1 (11): ලසිත් කෲස්පුල්ලේ 36*


කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය

කාසියේ වාසිය ජයග්‍රහණය කල සත්කාරක සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

ද මැසනොඩ් විද්‍යාලය තම පළමු ඉනිමට ලකුණු 134ක් ලබා ගත් අතර, සංදීප දේශාන් හා ප්‍රවීන් ෆොන්සේකා ලකුණු 38 බැගින් ලබා ගන්නා ලදි. දිනය අවසන් වන විට සාන්ත බෙනඩික්ට් විද්‍යාලය තම පළමු ඉනිමේ ජයග්‍රහණය ද සනිටුහන් කරගෙන ඇත. ශිහාන් ප්‍රනාන්දු වර්ණවත් පිතිකරණයක නිරත වෙමින් නොදැවී ලකුණු 85*ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටියි. මහේෂ් තීක්ෂණ හා චමිදු විජේසිංහ මැසනොඩ් කඩුලු 4 බැගින් දවාලන ලදි.

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 134 (39.5): සංදීප දේශාන් 38, ප්‍රවීන් ෆොන්සේකා 38, චමිදු විජේසිංහ 4/29, මහේෂ් තීක්ෂණ 4/30

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 145/3 (43): ශිහාන් ප්‍රනාන්දු 85*, චමිදු විජේසිංහ 39*, සහන් දිනෙත් 2/34


කොළඹ සහිරා විද්‍යාලය හා රාජගිරිය ජනාධිපති විද්‍යාලය

රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ සත්කාරකත්වය ඇතිව ආරම්භ වූ මෙම තරගයේ ප්‍රථම දිනය අවසන් වන විට සහිරා පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 143ක් ලෙස සටහන් ව තිබුනි. කාසියේ වාසිය ද සමඟින් පළමුව පිටියට පැමිණි ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් චමෝද් වික්‍රමසූරිය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 48ක් ලබා ගත්තේය. දක්ෂ පන්දු යැවීමක නිරත වුනු සජිත් සමීර කඩුලු 5ක් දවා ගත් අතර, තම පළමු ඉනිමට ලකුණු 26ක් ද එක් කර ගත්තේ, මොහොමඩ් ශමාස්ගේ ලකුණු 72ක අලංකාරවත් පිතිකරණය ද දියත් වුනු මොහොතකයි.

ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 221 (52.5): චමෝද් වික්‍රමසූරිය 48, හශාන් ප්‍රියදර්ශන 44, සචින්ත ලියනගේ 28, මොහොමඩ් රිෆාස් 22, සජිත් සමීර 5/38, මොහොමඩ් නජාඩ් 2/33

සහිරා විද්‍යාලය පළමු ඉනිම – 143/6 (36): මොහොමඩ් ශමාස් 72, අරවින්ත් 34 සජිත් සමීර 26, ශාලක බණ්ඩාර 2/08


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය

සත්කාරක රාජකීය විද්‍යාලයේ ඇරයුමින් පිටියට පැමිණි ත්‍රිත්ව විද්‍යාලය තම පළමු ඉනිමට දැවැන්ත ලකුණකට යාමට මග විවර කර ගැනීමට සමත් විය. එහි නියමුවානන් බවට පත් වූ හසිත බෝයගොඩ දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 139ක් ලබා ගන්නා ලදි. ඔහු සමඟින් එක්ව සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ ශැනෝගීත් ශන්මුගනාදන් ලකුණු 65ක් රැස් කර ගන්නා ලදි. අභිෂේක් හා උවින් හේරත් කඩුලු 4යි.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – 321/06 dec (78.1): හසිත බෝයගොඩ 139, ශැනොගීත් ශන්මුගනාතන් 65, චානුක බණ්ඩාර 46, අභිෂේක් මෙහෙතා 2/40, උවින් හේරත් 2/69

රාජකීය විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 5/0 (3):


සුලෝහිත සංග්‍රාමය – පුහුණු තරඟය

කොළඹ ආනන්ද විදුහල් පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල ආනන්ද විද්‍යාලය පළමුව පන්දු යවන ලදි.

පළමු දිනය අවසානයේ නාලන්ද විද්‍යාලයේ පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 200ක් ලෙස සනිටුහන් විය. එහි දී පසිඳු ලසංග දැකුම්කළු පිතිකරණයක නිරත වෙමින් නොදැවී ලකුණු 54*ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටින අතර, ඔහු සමඟින් එක්ව ඉනිම ගොඩනැංවූ මදුෂාන් හසරංග ද නොදැවී ලකුණු 45*ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටියි. පන්දු යැවීමේ දී ලහිරු උදයංග කඩුලු 2යි..

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 200/4 (56): පසිදු ලසංග 54*, මදුෂාන් හසරංග 45*, මෝක්ෂ සංකල්ප 43, ලහිරු උදයංග 2/52


සීමිත පන්දුවාර තරඟ,

කුරුණෑගල මලියදේව විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

මලියදේව විද්‍යාලය කාසියේ වාසිය ජයග්‍රහණය කර සාන්ත තෝමස් පිටියේ දී පළමුව පන්දු යවන ලදි.

සාන්ත තෝමස් විද්‍යාලයේ ඉශේන් පෙරේරා ලකුණු 46ක් ලබාගෙන ලකුණු 193ක් දක්වා තම පාසලේ ඉනිම ගොඩනැංවීමට සහය විය. අනතුරුව ලකුණු 194ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි මලියදේව විද්‍යාලයට දේශාන් කොල්ලුරේ අර්ධ ශතකයක් එක් කර ගත් අතර එක් කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් ද ලබා ගැනීමට මලියදේව විද්‍යාලයට හැකිවිය. පන්දු යැවීමේ දී දුලිප් බණ්ඩාර, දිනංජය ප්‍රේමරත්න හා දමිත සිල්වා කඩුලු 3 බැගින් විද්‍යාල දෙක වෙනුවෙන්ම දවාලන ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය – සියල්ලන්ම දැවී 193 (49.4): ඉශේන් පෙරේරා 46, සිතාර අප්පුහින්න 31, රොමේෂ් නල්ලප්‍ෙරැම 30, දිනංජය ප්‍රේමරත්න 3/23, දමිත සිල්වා 3/39, කවින් බණ්ඩාර 2/34

මලියදේව විද්‍යාලය – 194/9 (50): දේශාන් කොල්ලුරේ 61, දමිත සිල්වා 41 මුදිත ප්‍රේමදාස 28, දුලිප් ගුණරත්න 3/37, ශැනෝන් ප්‍රනාන්දු 2/30


අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය

අයහපත් ආලෝක තත්ත්වය නිසා දල ලකුණු වේගය අනුව ධර්මාශෝක විද්‍යාලයට ජයග්‍රහණය හිමි වූ මෙම තරගය කරන්දෙණිය මධ්‍ය විද්‍යාල පිටියේ දී පැවැත්විය. කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 313ක් ලබාගෙන දැවැන්ත ඉලක්කයක් ධර්මාශෝක විද්‍යාලය වෙත ලබා දෙන ලදි. එම අභියෝගය හමුවේ ජෙහාන් ඩැනියල් නොදැවී වේගවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 144*ක් ලබා ගන්නා ලදි.

ධර්මාශෝක ඉනිම මුල සිටම ඉහළ වේගයකින් පවත්වා ගනිමින් පිතිකරණයේ නිරත වුනු හර්ෂජිත් රුශාන් (95) ඇතුළු ධර්මාශෝක පිතිකරුවන් ලකුණු 8කට අධික දළ ලකුණු වේගයක් පවත්වා ගෙන යමින් තරගය ජයග්‍රහණය කරන ලදි.

සාන්ත ජෝසප් විද්‍යාලය – 313/9 (50): ජෙහාන් ඩැනියල් 144*, ශෙවෝන් ෆොන්සේකා 35, ටශාන් පෙරේරා 25, හවින් පෙරේරා 24*, හරීන් කුරේ 21, උෂාන් ඉමන්ත 3/58, නිමේෂ් මෙන්ඩිස් 2/56, කවිදු නදීශාන් 2/85

ධර්මාශෝක විද්‍යාලය – 244/4 (28.4): හර්ෂජිත් රැශාන් 96, කවිශ් කුමාර   56*, දිනුක ඩිල්ශාන් 37*, ජෙහාන් ඩැනියල් 2/66

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට