සාන්ත පීතරයින්ගේ ඉනිමක ජය අහිමි කල කඩුල්ල

1149

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක  ජයග්‍රහණයක් හා කොළඹ තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 9ක ජයග්‍රහණයක් හිමි කර දෙමින් සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දිනයක නිමාව අද (15) සනිටුහන් විය. මෙහි දී සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත අන්තෝනි තරගය දිනයේ කැපීපෙනෙනම තරගය බවට පත්විය.

වනිඳුගේ දඟ පන්දුව ප්‍රබල SSC පිළ මවිත කරයි

දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂයින්ට තම නිසඟ හැකියාවන් විදහා දැක්විය හැකි තෝතැන්නක් වන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ….

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

කාසියේ වාසිය ජයග්‍රහණය කල මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පීතර විද්‍යාලයේ දී පළමුව පන්දු යවන ලදි. මෙම තරගයෙන් සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි විය.

සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් නිපුන් අශෝක් රැස් කරගත් ලකුණු 30 නොවන්නට ඔවුන්ට ලකුණු 141ක් ලබා ගැනීමට නොහැකි වන අතර, එම ඉනිම කඩා බිද දැමූ චතුර ඔබේසේකර පළමු ඉනිමේ කඩුලු 4ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අතර, එම පන්දු යැවීම දෙවන ඉනිම තුල ද එසේම විදහා දක්වමින් කඩුලු 4ක් නැවතත් දවා ගන්නා ලදි. එම ඉනිමේ දී මොහොමඩ් අමීන් කඩුලු 5ක් දවාලමින් අනගි සහයක් චතුර හට ලබා දෙන ලදි. යම් හෙයකින් සාන්ත අන්තෝනි විද්‍යාලයේ අවසන් කඩුල්ල ලකුණු 41ක් තුල දවාලීමට සාන්ත පීතර විද්‍යාලයට හැකි වූයේ නම් නිසැකවම ඉණිමක ජයග්‍රහණයක් ඔවුන් සතුවන්නට තිබිණි.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – කඩුලු 6ක් දැවී 282 dec (78): විනුල් ගුණවර්ධන 61, සන්තුෂ් ගුණතිලක 53, ශාලිත ප්‍රනාන්දු 52, අනිශ්ක පෙරේරා 39, මනෙල්කාර් ද සිල්වා 31*, ශිවාන් පෙරේරා 23*, මොහොමඩ් අල්ෆාර් 2/34, ගිහාන් අචින්ත 2/42

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 141 (52): නිපුන් අශෝක් 30, එම්.අබ්සාර් 27, ඩියෝන් ස්ටුවර්ට් 27, චතුර ඔබේසේකර 4/39, මොහොමඩ් අමීන් 3/39, සන්තුෂ් ගුණතිලක 2/26,

සාන්ත අන්තෝනි විද්‍යාලය දෙවන ඉනිම (f/o) – කඩුලු 9ක් දැවී 98 (53): මොහොමඩ් අල්ෆාර් 26, ඩියෝන් ස්ටුවර්ට් 21, මොහොමඩ් අමීන් 5/12, චතුර ඔබේසේකර 4/49


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක හා ලකුණු 40ක ජයග්‍රහණයක් හිමි කර දුන් මෙම තරගය පානදුර මහජන ක්‍රීඩා පිටියේ දී අවසන් විය.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ පළමු ඉනිමට මනුජ පෙරේරා ලකුණු 25ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. පවිත් රත්නායක කඩුලු 5ක් දවාලමින් සාන්ත සිල්වෙස්ටර් පිතිකරුවන් මවිත කරන ලදි. ඒ අනුව තම දෙවන ප්‍රයත්නය සඳහා නැවතත් පිටියට පැමිණි සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පිතිකරුවන්ට කලන පෙරේරාගේ පන්දු යැවීම හමුවේ තරගය අවසන් වනතෙක් කඩුල්ලේ රැදී සිටීම අපහසු කර්තව්‍යයක් විය. චන්දුල ජයකොඩි ලකුණු 36ක් තම දෙවන ඉනිමට එක් කරවන ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 318/7 dec  (59.2): රවිදු කොඩිතුවක්කු 119, සිතර හපුහින්න 56, රොමේෂ් නල්ලපෙරුම 36, මනුජ පෙරේරා 3/51, තුසිත් සොයිසා 2/60

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 143 (50): මනුජ පෙරේරා 26, අවිදු හේරත් 23, පවිත් රත්නායක 5/38, ඩිලෝන් පීරිස් 3/40

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය දෙවන ඉනිම (f/o) – සියල්ලන්ම දැවී 135 (57.5): චන්දුල ජයකොඩි 36, තුශිත් සොයිසා 23, නිම්සර අතුරගල්ල 20, කලන පෙරේරා 5/29, පවිත් රත්නායක 3/42, තෙවින් ඊරියගම 2/07


කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

රුහුණු විශ්ව විද්‍යාල පිටියේ දී අවසන් වූ මෙම තරගයේ ප්‍රතිඵලය ලෙස සර්වේසස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි විය.

සාන්ත සර්වේසස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වන ලෙස තම විද්‍යාලයේ ඉනිම සවිමත් කල තිලිණ ප්‍රශාන් පිටියට ආලෝකයක් වෙමින් ලකුණු 57ක් ලබා ගන්නා ලදි. සසික දුල්ෂාන් තවත් ලකුණු 51ක් එක් කරවමින් ලකුණු පුවරුවට සවියක් විය. චමෝද් වික්‍රමසූරිය කඩුලු 4ක් දවාලන ලදි. පිළිතුරු ඉනිම දියත් කල කෝට්ටේ ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් මනරම් අර්ධ ශතකයක් එක් කිරීමට ඩිල්ශාන් සිගේරා සමත් වූයේ ලකුණු 67ක් ලබා ගෙනයි.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 112 (39.2): සචින්ත ලියනගේ 41, කේශර නුවන්ත 5/26, ඉසුරු උදයංග 3/13

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 183 (68.1): තිලිණ ප්‍රශාන් 57, සසික දුල්ෂාන් 51, රිවින්ද රෝශන 24, චමෝද් වික්‍රමසූරිය 4/38, ප්‍රමුඛ ගයාෂාන් 2/35

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු 9ක් දැවී 177 dec (51.5): ඩිල්ශාන් සිගේරා 67, හශාන් ප්‍රියදර්ශන 42, චරිත් හර්ෂන 2/17

සාන්ත සර්වේසස් විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු 3ක් දැවී 54 (19): චරිත් හර්ෂන 16*, ඉසුරු උදයංග 16, රෆාස් මවුරුස් 2/23


කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය

පළමු දිනය අවසානයේ තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 141ක් ලෙස මලියදේව පිටියේ ලකුණු පුවරුව සනිටුහන් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ මලියදේව විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. මෙම තරඟය අවසානයේ තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 9ක ජයක් හිමි විය.

මලියදේව විද්‍යාලයේ ලකුණු 181ට පිළිතුරු ලෙස ලකුණු 279ක් තම පළමු ඉනිමට රැස්කර ගැනීමට තර්ස්ටන් පිතිකරුවන් සමත් වූයේ නිමේෂ් ලක්ෂාන්ගේ අලංකාරවත් පිතිකරණය සමඟින් වර්ණවත් වූ ලකුණු 82ක් අඩිතාලමක් කරගෙනයි. එම ඉනිම තුල දමිත සිල්වා කඩුලු 5ක් දවාලූ අතර, පිළිතුරු දෙවන ඉනිම ක්‍රීඩා කල මලියදේව විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 102ක් පමණි. ඩිල්ශාන් කොල්ලුරේ ලකුණු 33ක් එක් කරමින් ඉණිමක පරාජයෙන් ගැලවුව ද, තර්ස්ටන් විද්‍යාලය දෙවන ඉනිමට ලකුණු 9ක් හඹාගෙන ගොස් තම ජය සනිටුහන් කරවා ගන්නා ලදි.

මලියදේව විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 181 (53.1): දමිත සිල්වා 86, ඩිල්ශාන් කොල්ලුරේ 70, නවීන් ගුණවර්ධන 5/55, චරණ නානායක්කාර 2/19, සවන ප්‍රභාශ් 2/30

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම – 279/9 dec (58.5): නිමේෂ් ලක්ෂාන් 82, යෙශාන් වික්‍රමාරච්චි 44, ඉමේෂ් විරංග 37, ප්‍රගීශ් මෙන්ඩිස් 25, සවන ප්‍රභාශ් 23, දමිත සිල්වා 5/102

මලියදේව විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු සියල්ලන්ම දැවී 102 (26.4): ඩිල්ශාන් කොල්ලුරේ 33, දමිත සිල්වා 31, මනෙල්ක ධර්මදාස 20, නවීන් ගුණවර්ධන 9/30

තර්ස්ටන් විද්‍යාලය දෙවන ඉනිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 9 (1.2):

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට