සුපිරි ක්‍රිකට් තාරකාව නිවාඩුව පසෙක දමා රෝහලේ සේවයට

64

සිය නිවාඩුව පසෙක දැමූ බ්‍රිස්බේන් හීට් ක්‍රීඩිකා ලෝරා හැරිස් COVID-19 වයිරසයට එරෙහිව සිය සටන ආරම්භ කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවයේ හදිසි ප්‍රතිචාර ඒකකයේ හෙදියෙක් ලෙස කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කරන්නට එක්වෙමින්.

මයිකල් ක්ලාක්ගෙන් ප්‍රබල චෝදනාවක්

ඩොලර් මිලියනයක ‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ ගනුදෙනු ලබා ගැනීමේ අපේක්ෂාව ඕස්ට්‍රේලියානු…

ඇය මේ දිනවල දකුණු අප්‍රිකාවේ සිය නිවාඩුව ගත කරන්නට සැලසුම් කර තිබුනත් Rebel කාන්තා බිග් බෑෂ් තරගාවලියේ ශූරියක් වන ඇය නිවාඩුව අතහැර ඕස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස පාලනයට පැමිණ තිබෙනවා. ක්වීන්ස්ලන්ඩ් හි ලෝගන් රෝහලේ හදිසි ප්‍රතිචාර එ්කකයේ හෙදියක් ලෙස ඇය කටයුතු කරනවා.

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් බලධාරීන් පසුගිය දා තහවුරු කර සිටියේ එම ප්‍රාන්තයේ මේ වන විට රෝගීන් 835ක් වාර්තා වී ඇති බවත්, රෝගීන් තිදෙනෙක් COVID-19ක් නිසා ජීවිතක්ෂයකට පත්ව ඇති බවත්ය. හැරිස් සේවය කරන රෝහලේ ද මේ වන විට කොරෝනා රෝගීන් කිහිප දෙනෙක් වාර්තා වී ඇති අතර තවත් සිය ගණනක් රෝගය පරික්ෂා කිරීම සඳහා පෙළ ගැසී සිටියි.

T20 කිරුල දිනා 6 වැනි සංවත්සරය සමරද්දී මාලිංග කියපු කතාව

ක්‍රිකට් ක්‍රීඩාව හරහා ලොව ප්‍රසිද්ධියට පත් රටවල් අතර ඉදිරියෙන්ම පසුවන්නේ ශ්‍රී ලංකාව බවට සැකයක්…

“මම කොරෝනා සායනයේ සිටිය දී මිනිසුන් 300ක් පමණ එහි පැමිණියා, අපි ඔවුන්ගෙන් භාගයක් රෝගය සඳහා එක් දිනක දී පරික්ෂා කරන්නට සමත් වුනා.” හැරිස් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ වෙබ් අඩවියට සඳහන් කර තිබුණා. “දැන් අපේ වැඩ තවත් අමාරුයි, කාටහරි හෙම්බිරිස්සාව හරි කැස්ස හරි තිබෙනවා නම් අපි පරික්ෂා කරනවා ඔවුන්ට රෝගය තිබෙනවා හෝ නැති බව ඔප්පු වන තුරුම.”

ඇය සිදු කරන සේවය නිසා ඇයට සිය ආදරණීයයින් හා පවුලේ අයගෙන් වෙන්වී සිටින්නට සිදුව තිබෙනවා. හැරිස් පවසා‍ සිටියේ ඇයට දැනට වයිරසය වැළඳීමේ අවදානමක් නැතත් රෝහලේ සිය සගයින්ගේ උපදෙස් මත ඇය ආරක්ෂක පියවර අනුගමනය කරන බවයි.

“රෝහලේ ගොඩක් අය ඔවුන්ගේ පවුල්වලින් ඈත්වෙලා සිටින ඡායාරූප හුවමාරු කර ගන්නවා. එය සිනහවට කරුණක් වුනත් මේ වෙලාවේ හැමෝටම එවන් දෙයක් අවශ්‍යයි, ඉදිරියේ දී මොනවා වෙයි ද අපි දන්නේ නැහැ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<