නිමාවු දින දෙකේදි සාග් පිටියේ තතු විත්ති

515

12වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය වු ඊයේ දිනය නිමාවන විට ශ්‍රී ලංකාව රන් පදක්කම් 08ක් රිදී පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 13ක් සමගින් සමස්ථ පදක්කම් 38ක් දිනාගනිමින් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ රැදි සිටියි.

පිහිනුම් අංශය

නව දකුණු ආසියානු වාර්තා දෙකක් අළුත් කරමින් පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ රන් පදක්කම් ත්‍රිත්වයක් ලබාගැනිම කැපිපෙනුණු සිදුවීමක් විය. මිටර 200 නිදහස්  ආර ඉසව්ව මිනිත්තු 01 තත්පර 52කින් සහ මිටර 100 සමණල ආර ඉසව්ව  තත්පර 55.42කින් නිමකරමින් අබේසිංහ එම වාර්තා දෙක  පිහිටුවනු ලැබිය. කයිල් අබේසිංහ, චිරන්ත ද සිල්වා හා ෂෙහාන් ද සිල්වා සමඟ මැතිව් අබේසිංහ කණ්ඩායම මීටර් 4×100 සහාය පිහිනුම් ඉසව්වේද රන් පදක්කම දිනා ගන්නට සමත් විය. කාන්තා පිහිනුම් ඉසව්ව නියොජනය කළ මිචිකෝ රහිම් මීටර් 200 නිදහස් ආර  ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් අතර හිරුණි පෙරේරා සහ හසන්ති නුගවෙල මිටර 100 සමණල ආර සහ ළය ආර ඉසව් නියෝජනය කරමින් රිදි පදක්කම් දිනාගන්නට සමත් විය.

බර ඉසිලීමේ අංශය

SAG Day 2පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම්ලාභී සුදේශ් පීරිස් බර ඉසිලිමේ  ඉසව්වේදී ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 115ක්ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 150ක්ද සමස්ථ බර කිලෝග්‍රෑම් 265ක බරක් ඔසවමින් රන් පදක්කම හිමිකර ගත්තේය. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභීයෙකු වු  බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගිතාල් විදානගේ  කිලෝග‍්‍රෑම් 77 බර පංතිය නියෝජනය කරමින් ස්නැච් ක්‍රමයට කිලෝග‍්‍රෑම් 133 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට 167ක් ද සමගින් සමස්ථ බර කිලෝග්‍රැම් 300 ක  බරක් ඔසවමින් රිදි පදක්කම් දිනාගන්නට සමත් විය. එසේම කිලෝග්‍රෑම් 69 බර පන්තියේ පිරිමි බර ඉසිලීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ඉන්දික දිසානායක සමත් විය. කිලෝග්‍රෑම් 53 කාන්තා බර පංතිය යටතේ ක්‍රීඩා කළ  චමරී වර්ණකුලසූරිය  එම ඉසව්වේ  රිදී පදක්කම දිනා ගත් අතර කිලෝග්‍රෑම් 56 පිරිමි බර පංතිය යටතේ ක්‍රීඩා කළ  චතුරංග ලක්මාල් එම ඉසව්වේ රිදී පදක්කමත් දිනාගන්නට සමත් විය. කිලෝග්‍රෑම් 48 කාන්තා බර පංතිය නියොජනය කළ හංසනී ගෝමස්  එම ඉසව්වවේ රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් විය. බර ඉසිලීමේ කිලෝග්‍රෑම් 58 බර පන්තිය කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට උමෙයිරා මොහිදීන් සමත් විය.

පාපැදි ධාවන අංශය

දකුණු ආසියානු  පාපැදි තරඟාවලියේ කිලෝමීටර 60 අසම මාර්ග වට තරඟයේ පිරිමි  ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා පාපැදි ශූර ජීවන් ජයසිංහ සමත්විය. නවින් රුචිර එම ඉසව්වෙම රිදි පදක්කම ශ‍්‍රී ලංකාවට හිමිකරදිමට සමත් විය කිලෝමීටර් 40 කාලය මැනීමේ පාපැදි තරගයේදී ජානක කුමාර ලෝකඩ පදක්කමක් දිනාගන්නට සමත් විය. කාන්තා කිලෝමීටර 40 අසම මාර්ග තරඟය නියොජනය කළ සුදාරිකා ප‍්‍රියදර්ශනී එම වටයේ  ලෝකඩ පදක්කම දිනාගනු ලැබිය.

වුෂු ක්‍රිඩා අංශය

දකුණු ආසියානු  වුෂු ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු ඉසව්වේන්ම  රන් පදක්කමක් දිනාගැනීමට හසිත ලක්ෂාන් සමත් විය. එහිදී චංචුවාන් ඉසව්වෙන් තරග වැදුණ ඔහු ලකුණු 8.86ක් ලබා තම පළමු ඉසව්වෙන්ම රන් පදක්කමක් ශ්‍රී ලංකාවට හිමිකර දීමට සමත් විය.

Medals Tally - Day 2