ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගය හෙට (21) පෝර්ට් එලිසබත් හිදී ආරම්භ වීමට නියමිත අතර මේ තරගය ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලුම ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගන්නා තරගයක් බවට මේ වන විට පත්වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියේ 1-0ක් ලෙස ඉදිරියෙන් පසුවන නිසා දෙවන තරගය කෙසේ හෝ ජයග්‍රහණය කිරීම හෝ ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ඔවුන්ට සිදු වනු ඇත. එය එසේ සිදුවුවහොත් දකුණු අප්‍රිකානුවන් ඔවුන්ගේ රටේ දී ම ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්කළ පළමු ආසියානු කණ්ඩායම බවට පත්වීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.
කුසල් පෙරේරාගේ අධිෂ්ඨානය ලොවක් මවිත කරවයි!
සුපිරි වීරයෙකු වන්නට දිගු සාළුවක් සහ කලිසමට උඩින් ….
මුහුණට මුහුණ

ටෙස්ට් තරගාවලි වලින් ගණනය කර බැලුවොත් මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරගාවලි 11න් තරගාවලි 7ක ජය ලියවී ඇත්තේ දකුණු අප්‍රිකානුවන්ගේ නම ඉදිරියෙනි. තවත් එක තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ ටෙස්ට් ක්‍රිකට් තරග සංචාරයකට ගමන් කරන්නේ වසර දෙකකට පමණ පසුවයි.
Photo Album – Sri Lanka Practices ahead of 2nd Test Match in St. George’s Park, Port Elizabeth
ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ජයග්‍රහණ
ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකාව අවසන් වරට දකුණු අප්‍රිකානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ දී පරාජය කර ඇත්තේ (2019 පළමු තරගය ජය ගැනීමට පෙර) 2011 වර්ෂයේ දී වන අතර එම තරගාවලියේ පැවති තරග තුන අවසන් වූයේ 2-1ක් ලෙස දකුණු අප්‍රිකානුවන්ට ජය හිමිකර දෙමිනි. ඩර්බන් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය තියුණු සටනකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ ලකුණු 208කිනි.
එම ජයග්‍රහණයේ වැඩි ගෞරවය කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර හට හිමි විය යුත්තේ ඔවුන් දෙදෙනා එම තරගයේ දී ශතක ලබාගත් නිසාවෙනි. පන්දු යැවීමේ දී ඉනිම් දෙක පුරාවටම කඩුලු 9ක් දවා ගත් රංගන හේරත් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.
ප්‍රබල පිතිකරුවන්
දිමුත් කරුණාරත්න

පසුගිය වසරේ දී දැක්වූ දස්කම් නිසා ICC විසින් නම් කරනු ලැබූ වසරේ ටෙස්ට් කණ්ඩායමට ද තේරී පත්වූ දිමුත් හෙට (21) පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරුවෙක් ලෙස දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ වැඩි යමක් කරනු ඇතැයි අපට බලාපොරොත්තු තබා ගැනීමට හැකි.
- පළමු ටෙස්ට් තරගයේ දස්කම් – 30, 20
ශ්‍රී ලංකා එක්දින සංචිතයේ නොසිතූ වෙනස්කම් රැසක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ….
ෆෆ් ඩු ප්ලෙසිස්

- පළමු ටෙස්ට් තරගයේ දස්කම් – 35, 90
කුසල් ජනිත්

කුසල් ජනිත්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 4ක් හා ශතක 2ක් ඇතුළත්ව ඇත. වමතින් පිත්ත හසුරුවන ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දී ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත වූයේ ඉනිමේ දෙකේ දී අර්ධ ශතකයක් හා ශතකයක් සමඟ මුළු ලකුණු 204ක් ලබාගෙනයි.
- පළමු ටෙස්ට් තරගයේ දස්කම් – 51, 153*
ටෙම්බා බවුමා

- පළමු ටෙස්ට් තරගයේ දස්කම් – 47, 3
තවත් වේගපන්දු යවන්නෙකුට ආබාධයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ට …
ප්‍රබල පන්දු යවන්නන්
විශ්ව ප්‍රනාන්දු

විශ්ව ජාත්‍යන්තර ටෙස්ට් තරග 4ක දී කඩුලු 15ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දු වාරයකට දල වශයෙන් 3.92ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත. තවමත් වයස අවුරුදු 27ක් වන මොහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ගවේෂණය කරන ක්‍රීඩකයෙක් ලෙස ද හඳුන්වා දීමට හැකියි.
- පළමු තරගයේ දස්කම් – 4/62, 4/71
ඉම්රාන් තාහීර්ට පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායම සතුව සිටින ප්‍රබලතම දඟපන්දු යවන්නා ලෙස අපට කේෂව් මහරාජ්ව හැඳින්වීමට හැකියි. වමතින් පිට දඟපන්දු යවන ඔහු මේ දක්වා ටෙස්ට් තරග 23කට ක්‍රීඩා කර කඩුලු 90ක් දවාගෙන ඇත්තේ 28.14ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. එසේම ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තරග දෙකට ක්‍රීඩා කර ඇති මහරාජ් කඩුලු 7ක් දවාගෙන ඇත.
සුරංග ලක්මාල් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 56ක දී කඩුලු 133ක් දවාගෙන ඇත්තේ කඩුලු 5 අවස්ථා 3ක් ද ලබා ගෙනයි. දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරග 8ක දී ඔහු කඩුලු 20ක් දවාගෙන ඇත්තේ ලකුණු 655ක් ලබා දෙමිනි. එංගලන්තයට එරෙහිව ලක්මාල්ගේ ටෙස්ට් කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 32.75ක්.
- පළමු ටෙස්ට් තරගයේ දස්කම් – 1/29, 0/52
ඩේල් ස්ටේන්

- පළමු ටෙස්ට් තරගයේ දස්කම් – 4/48, 2/71
පෝර්ට් එලිසබත් ක්‍රිකට් පිටියේ ස්වභාවය හා කාලගුණික තත්වය

පෝර්ට් එලිසබත් පිටියේ දී ටෙස්ට් ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය ලකුණු 206කින් පරාජයට පත්ව ඇත. එම තරගයට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ ක්‍රිකට් පිටියට අවතීර්ණ වන්නේ වසර 3කට පසුවයි.
යම්හෙයකින් ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනාගතහොත් පළමුව පන්දුවට පහර දීමට සුදුසු බවයි දත්ත පිරික්සා බැලූ කල පෙනී යන්නේ.
සෙල්සියස් අංශක 19 – 25 අතර පරාසයක උෂ්ණත්වයක් පවතින අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් ඉඩකඩක් තිබේ.
ලහිරු මිලන්ත සහ ජීවන් මෙන්ඩිස් ටැමිල් යූනියන් ජයග්‍රහණයට රැගෙන යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ….
අවසන් නිගමනය
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවන්නේ ලකුණු 4286ක් සමඟ ප්‍රසාද ලකුණු 110ක් දිනා ගෙනයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 6 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 4256ක් සමඟ ප්‍රසාද ලකුණු 89ක් දිනා ගෙනයි. ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම්වලින් ද දකුණු අප්‍රිකානුවන් පෙරමුණේ පසුවෙයි.
නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබාගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගය හා තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
දෙවන ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ලහිරු තිරිමාන්න, ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් (ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට යොමු කර ඇත) , කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ලසිත් ඇඹුල්දෙනිය, සුරංග ලක්මාල්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු.
දකුණු අප්‍රිකාව – ෆෆ් ඩු ප්ලේසිස් (නායක), එයිඩ්න් මාක්‍රම්, ඩීන් එල්ගාර්, හෂීම් අම්ලා, ටෙම්බා බවුමා, ක්වින්ටන් ඩී කොක්, කේශව් මහරාජ්, වියාන් මුල්ඩර් ඩුවේන් ඔලගි ිව ර් , කගීසෝ රබාඩා, ඩේල් ස්ටේන්.
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා, ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
























