සෙබස්තියන් ක්‍රීඩක සුඛිත්, සවිඳු සහ සඳුන්ගෙන් කැපී පෙනෙන දක්ෂතා

125

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ U කාණ්ඩයේ තරගයකින් ලකුණු 44ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අද (3) සමත් විය. 

දෙවැනි කොටසේ පළමු ශතකය වෙල්ලාලගෙන්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු….

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා සත්කාරක මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවති මෙම තරගයේ දී ජයග්‍රාහී සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් සුඛිත ප්‍රසන්න, සවිඳු රොද්‍රිගෝ සහ සඳුන් ප්‍රනාන්දු දක්ෂතා දැක්වීම කැපී පෙණුනි.  

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිස කඩුලු 5ක් දැවී ලකුණු 241ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 197ක් පමණි. 

Photos: St. Sebastian’s College vs St. Benedict’s College | U17 Cricket Tournament 2019 | 2nd Round

සාන්ත සෙබස්තියන් ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු සවිඳු රොද්‍රිගෝ සහ නායක සුඛිත ප්‍රසන්න අර්ධ ශතක ලබා ගනිමින් ප්‍රතිවාදීන් වෙහෙසට පත් කළහ. සවිඳු පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත් අතර සුඛිත පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 70ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ලකුණු 47ක සබඳතාවක් එක් වූහ.

ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූයේ සවිඳු රොද්‍රිගෝ සහ යෙශාන් අවිශ්ක එක්ව ආරම්භක කඩුල්ලට එක්කළ ලකුණු 84යි. යෙශාන්ට හිමි වූ ලකුණු සංඛ්‍යාව 31කි. පන්දු යැවීමේ දී අකිඳු බුද්ධිම කඩුලු 2ක් දවා ගත්තේය. 

සති දෙකක් ඇතුළත හොඳම පුහුණුකරුවෙකු ලංකාවට? ක්‍රීඩා ඇමතිගෙන් ඉඟියක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වයේ වෙනසක්…

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් පසන් සුවහස් සහ අශේන් ද සොයිසා අර්ධ ශතක වාර්තා කළ ද එය ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රමාණයත් වූයේ නැත. 

ආරම්භක පිතිකරු පසන් සුවහස් පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 57ක් ලබා ගනිද්දී, අශේන් ද සොයිසා පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තේය. 

සාන්ත බෙනඩික්ට් ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 27ක් තුළ දවා ගැනීමට සාන්ත සෙබස්තියන් පන්දු යවන්නෝ සමත් වූහ. එහි දී සඳුන් ප්‍රනාන්දු ලකුණු 47කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව අශේන් ප්‍රනාන්දු ද කඩුලු 2ක් දවා ගත්තේය.   

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; කඩුලු 5ක් දැවී 241 (50) සවිඳු රොද්‍රිගෝ 56, යෙශාන් අවිශ්ක 31, සුඛිත ප්‍රසන්න 70, සංදේශ් ප්‍රනාන්දු 26, අකිඳු බුද්ධිම 2/60

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය; සියලුම දෙනා දැවී 197 (46.4) තෙනුක නන්දලාල් 29, පසන් සුවහස් 57, අශේන් ද සොයිසා 50, සඳුන් ප්‍රනාන්දු 4/47, අශේන් ප්‍රනාන්දු 2/31

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<