SAG කමිටු වාර්තාව අමාත්‍යවරයා වෙත බාරදෙයි

92

පසුගිය වසරේ (2019) දෙසැම්බර් මස නේපාලයේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ විශාල පිබිදීමකට ලක් වූ උළෙලක් ලෙස සඳහන් කළ හැක. නමුත් එල්ල වූ යම් විවේචන නිසාවෙන් ඒ පිළිබඳව පසුවිමසුමක් කිරීමට කමිටුවක් “ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශය” විසින් පසුගිය මස දී පත්කරන ලදි.

SAG ගැන පසු විපරමක් කරන්න විශේෂ කමිටුවක්!

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ගැන පසු විපරමක් කරන්න විශේෂ කමිටුවක් පත් කිරීමට “ක්‍රීඩා සහ තරුණ……..

ග්‍රෙගරි ගැමුණු ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් නම් කල එම කමිටුවේ එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) එල්මෝ පෙරේරා, සමන් කුමාර ගුණවර්ධන සහ දමින්ද විජේසූරිය යන මහත්වරුන් සාමාජිකත්වය දරන ලදි. එම කමිටුව විසින්  සකස් කළ වාර්තාව අද (27) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී “ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය” ඩලස් අලහප්පෙරුම මහතා වෙත බාරදෙන ලදි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළු නිලධාරීන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම එල්ල වූ විවේචන හේතුවෙන් මෙම කමිටුව පත් කොට වාර්තාවක් සැකසීමට තීරණය කළ බවත්. ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී මෙය සඳහා කැප වී වැඩ කල එම නිලධාරීන් වෙත සිය ගෞරවය හා ප්‍රසංශාව පිරිනමන බවයි.

“ක්‍රීඩා උළෙලට පෙර සහ පසු ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංගම් ඇතුළු එම කටයුතු සඳහා සම්බන්ධ වූ නිලධාරීන් සියල්ලටම විවිධ කෝනයන්ගෙන් මාධ්‍ය විවේචන එල්ල වුනා. ඒවා සියල්ලම ධනවාදී විවේචන. සියල්ල ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වුන විවේචන ඒ නිසා අපි තීරණය කළා මෙම ක්‍රීඩා උළෙල වෙනුවෙන් සම්පූර්ණ සොයා බැලීමක් සිදු කළ යුතු බව. ඒ අනුව පත් කළා මෙම විශේෂ කමිටුව. මෙම දෙයට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලා විශාල කැපකිරීමක් කරලා සති හයකින් මෙම වාර්තාව ඉදිරිපත් කිරීම පිළිබඳව ස්තුතිය පුද කරනවා” යැයි එතුමා වැඩි දුරටත් පවසන ලදි.

මෙම වාර්තාව සිය අමාත්‍යාංශයේ පුළුල් අධ්‍යයනයකින් පසු සති දෙකක් වැනි කාලයක් තුළ දී සම්පූර්ණ වශයෙන් මාධ්‍යයට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව එතුමන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටි අතර  ක්‍රීඩාව වෙනුවෙන් පෙනී සිටිමින්, ක්‍රීඩාවේ උන්නතිය සඳහා කැපවෙන සියලුම මාධ්‍යවේදීන් වෙත එතුමා සිය ගෞරවය සහ ප්‍රසංශාව පිරිනමන ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<