2019 පෙරළිකාර දස්කම් දක්වන DS ක්‍රීඩකයෝ

100

පසුගිය වසරේ A  කාණ්ඩයේ සිට පසුබෑමට ලක්ව මෙවර B කාණ්ඩය තම අණසකට යටත් කරගන්නට බලාපොරොත්තුවෙන් සිටින DS ක්‍රීඩකයින් මෙවර පලඟ ශූරතාවයට මාන බලමින් සිටියි.

සතුරන් මෙල්ල කිරීමේ අපේක්ෂාවෙන් ඉදිරියට ඇදෙන තර්ස්ට’නයිට්වරුන්

දිනෙන් දින උණුසුම් වන පාසල් රග්බි පිටිය අතිශය තරගකාරී මුහුණුවරක් ගෙන ඇති කාලසමයක B කාණ්ඩය යටතේ තරග

පසුගිය වසරේ පලඟ කාණ්ඩයේ 6 වැනි ස්ථානයේ පසු වූ DS කණ්ඩායම මෙවර B කාණ්ඩයේ ඉහළින්ම වැජඹෙමින් සිටියි. පසුගිය වසරේ කණ්ඩායමෙන් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් 8 දෙනෙකු ඉවත් වූ අතර මෙවර අත්දැකීම් බහුල ක්‍රීඩකයින් 8 දෙනෙකු සමඟ කනිෂ්ඨ – ජ්‍යේෂ්ඨ සුසංයෝගයක් ඇති කණ්ඩායමක් ලෙස DS කණ්ඩායම නම් කළ හැක.

2016 වසරේ පටන් A කාණ්ඩයේ ක්‍රීඩා කළ DS සේනානායක විදුහලට පසුගිය වසරේ අනපේක්ෂිතව B කාණ්ඩයට පසුබැසීමට සිදු විය. 2018 වසරේ තම ප්‍රථම තරගයේ දී ම ඉසිපතන විදුහලට එරෙහිව එක් ලකුණකින් පරාජය වීමේ අවාසනාවන්ත සිදුවීමෙන් පසු ඔවුන්ගේ මානසික තත්ත්වය ද ඉතා පහළටම ඇද වැටුණි. එනමුත් තම අධිෂ්ඨානය අත්නොහළ DS ක්‍රීඩකයින් මේ වසරේ ආරම්භයේ පටන් ඉතා හොඳින් ලීගය ආක්‍රමණය කරමින් සිටියි.

අළු මතින් නැගී සිට නැවත පොර බැඳීමට සූදානම් වන කන්නංගරයින්

කනිෂ්ඨ – ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සුසංයෝගයක් හා නව මුහුණුවරක් සමඟින් මෙවර පළමු කාණ්ඩයේ B කොටසේ තරග කරන

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී ඉදිරිපෙළ පසුපෙළ සුසංයෝගය ද, පන්දු හැසිරවීමේ උපායන් ද මනා ලෙස වැඩි දියුණු කරගෙන ඇති බව ඔවුන් මෙවර තරගවාරයේ ක්‍රීඩා කරන ආකාරයෙන් හොඳින් වැටහේ.

කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ගැන බලන විට ඔවුන් සියලු දෙනාටම ආවේණික වූ ක්‍රීඩා විලාශයක් ඇති බව පෙනී යයි.

වේගවත් ක්‍රීඩා විලාශයකට හිමිකම් කියන විෂාල් විජේසිරි මේ ගෙවන්නේ DS කණ්ඩායමේ 5 වැනි වසරයි. ඉක්මන් තීරණ ගැනීමට ඇති හැකියාව හා මනාව ක්‍රීඩකයින් මෙල්ල කිරීමේ හැකියාව ඔහු ක්‍රීඩා කළ තරග කිහිපයේ දී දක්නට ලැබුණි.

DS කණ්ඩායමට තම 4 වැනි වසරටත් සේවය ලබා දෙන නවීද් සිද්දීක් FLANKER ස්ථානයේ සිට මනා ලෙස තම කණ්ඩායමට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට ඉටු කර දෙයි. උත්සාහක දිනුම් සඳහා මං සලසා දීමට ද ඔහු දක්ෂයෙකි.

No 8 ස්ථානයේ ක්‍රීඩා කරන අසිඳු දිනුෂ 5 වැනි වසරේ ක්‍රීඩකයෙකු වන අතර ඔහුට ඕනෑම ක්‍රීඩකයෙකු තමන්ගේ ග්‍රහණයට ගෙන බිම වැට්ටවීම අපහසු කාර්යයක් නොවේ.

Wing Three Quarter හා Center යන ස්ථාන දෙකේම ක්‍රීඩා කිරීමට දක්ෂතාවයක් ඇති ලලන්ක විජේසුන්දර කිසිවෙකු නොසිතූ මොහොතක ක්‍රියාත්මක වී පන්දුව ඩැහැ ගැනීමට හා ඒ හරහා ජයග්‍රහණය කරා මාවත් නිර්මාණය කර ගැනීමට හැකි දක්ෂයෙකි.

DS ප්‍රහාරයෙන් ආනන්ද ක්‍රීඩකයින්ට දැඩි අලාභ හානී

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් අද (14) CR&FC ක්‍රීඩාංගණයේ දී පැවතියේ සත්කාරක

“අපිට සමබර කණ්ඩායමක් තියෙනවා, line එකයි pack එකයි සමබරයි. දිගටම A කාණ්ඩයේ DS නම දිදුලවන්න තමයි අපේ බලාපොරොත්තුව. ඊට කලින් අපි මේ අවුරුද්දේ පලඟ ශූරතාවය අත්කර ගන්නවා” – විෂාල් විජේසිරි

DS කනිෂ්ඨ රග්බි කණ්ඩායම් පුහුණුකරු අසේල දේශප්‍රිය මහතා තම කණ්ඩායමට උපරිම සේවයක් ඉටු කරමින් සිටින අතර ඔහු සමඟින් S ලක්ෂාන් හා ඉඳුර රන්සික යන මහත්වරුන් සහය පුහුණුකරුවන් වශයෙන් සේවය කිරීම තම ජයග්‍රහණයන්ට මහත් රුකුලක් බව ක්‍රීඩකයින් ThePapare.com සමඟ පවසා සිටියේ ඉමහත් ගෞරවයෙනි.

  • D. S. සේනානායක විදුහලේ තරග කාලසටහන
  • මාර්තු 01 – රිච්මන්ඩ් විදුහල සමඟ (53-03)
  • මාර්තු 07 – සාන්ත බෙනඩික්ට් විදුහල සමඟ (52-06)
  • මාර්තු 14 – ආනන්ද විදුහල (69-03)
  • මාර්තු 24 – ශ්‍රී සුමංගල විදුහල – පල්ලෙකැලේ දී.
  • TBC –  ලුම්බිණි විදුහල

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<