ශ්‍රී ලාංකීය පාසල් රග්බි ක්‍රීඩා පිටියේ උණුසුම තවත් වැඩි කරමින් පාසල් රග්බි තරග කිහිපයක් නිමාවුයේ ප්‍රතිවාදීන්ගෙන් පමණක් නොව කාළගුණ තත්වයන්ගෙන් ද හොඳ හැටි පදම් වෙමිනි. පාසල් රග්බි පිටියේ 5වන සතිය ලෙසින් අවසන් වු මෙම සතියේ තරග ඉකුත් අප්‍රේල් මස 29 සහ 30 යන දිනයන් හි ප්‍රධාන ක්‍රීඩාංගණ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්විය.

නිමාවු සතියක පාසල් රග්බි කෙළිබිම

ඩි. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව සාන්ත ජොසප් විද්‍යාලයට

Singer Schools rugby round up week 5අප්‍රේල් මස 29 වැනිදා කොළඹ CR & FC පිටියේ පැවැත්වු මෙම තරගය, 2016 වසරේ සිංගර් පාසල් රග්බි තරගාවලියේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවකට හිමිකම් කියමින් ජෝසප් විද්‍යාලය ජයග්‍රහණය තම පාසල වෙත රැගෙන ගියේ ලකුණු 80 – 07 ක් ලෙස ඩි. එස් ක්‍රීඩකයෝ පරාජය කරවමිනි.

විනුල් ෆර්නැන්ඩෝ ගේ උත්සහක දිනුමත් සමඟ ප්‍රථමයෙන්ම ලකුණු රැස්කිරීම අාරම්භ කළ ජෝසප් ක්‍රීඩකයෝ එහි ප්‍රවර්තනය අාසර්ථක කරගත් අතර ඊට සුළු මොහොතකට පසු තවත් උත්සහක දිනුමක් සාර්ථක කරගැනීමට විනුල් සමත් වු අතර එයට  අමතර ලකුණු 2ක් එකතු කිරීමට චතුර සෙනවිරත්න සමත්විය (12-00). ඉන්පසු අයොමාල් පෙරේරා සහ විනුල්  උත්සහක දිනුම් දෙකක් ලබා ගත් අතර ඒවායේ ප්‍රවර්තන ද සාර්ථක කරගැනීමට චතුර සමත්විය (22-00). පළමු අර්ධය නිමාවීමට මත්තෙන් ගැමුණු චේතිය සහ අයොමාල් තවත් උත්සහක දිනුම් 2ක් ලබා ගත් අතර ඒවායේද ප්‍රවර්තන සාර්ථක විය (36-00). පළමු අර්ධය නිමාවන විට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඩි. එස් ක්‍රීඩකයෝ සමත් නොවුහ.

පළමු අර්ධය : සාන්ත ජොසප් විද්‍යාලය 36  -ඩි. එස් විද්‍යාලය 00

කෙටි විවේකයකින් පසුව අැරඹි දෙවන අර්ධයේදී ද තම අනසක පතුරවමින් ජෝසප් ක්‍රීඩකයෝ ලකුණු රැස් කිරීම අාරම්භ කරන ලදි. කෙසේ නමුත් තරග අාරම්භයේ සිටම එකදු ලකුණක් හෝ ලබාගැනීමට නොහැකි වු ඩි. එස් ක්‍රීඩකයන් තරගය අවසන් වීමට සුළු මොහොතක් තිබිය දි උත්සහක දිනුමක් සහ ප්‍රවර්තනයක් සාර්ථක කරගනිමින් ලකුණු 7ක් ලකුණු පුවරුවේ සටහන් කිරීමට සමත් විය. තරගය අවසනයේ උත්සහක දිනුම් 14ක් ලබා ගනිමින් ලකුණු 80 ලබා ජෝසප් ක්‍රීඩකයෝ ජයග්‍රහනය ලබා ගත්හ.

අවසන් ලකුණු : සාන්ත ජොසප් විද්‍යාලය 80 – ඩි. එස් විද්‍යාලය 07 

තරගයේ වීරයා – විනුල් ෆර්නැන්ඩෝ

ඡායාරූප අැල්බමයට පිවිසෙන්න

විද්‍යා විද්‍යාලයට එරෙහිව ඉසිපතන විද්‍යාලය

SC V IC1B කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම් දෙකක් වන ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරගය ඉකුත් 29 වැනිදා කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේදි පැවැත්විය. එහි දි විද්‍යා විද්‍යාලයට තම අපරාජිත කිරුළ අහිමි කරවීමට ඉසිපතනුවන් සමත් විය.

අාරම්භක නාලා හඬින් තරගය අාරම්භ වී මිනිත්තු 15 ක් වන තැන චමොද් ෆර්නැන්ඩෝ උත්සහක දිනුමක් වාර්තා කර අතර එය ප්‍රවර්තනයක් දක්වා සාර්ථක කරගැනීමට ඉසිපතන විද්‍යාලීය ක්‍රීඩක ගයාන් වික්‍රමරත්න සමත්විය (07-00). තවද ඊට සුළු මොහොතකට පසු මනරම් උත්සහක දිනුමක් වාර්තා කිරීමට වගීෂ වීරසිංහ සමත් වු අතර එයට අතිරේක ලකුණු 2ක් එකතු කිරීමට ගයාන් සමත්විය (14-00).  ඉන්පසුව නැවතත් ඉසිපතන ලකුණු පුවරුවට ලකුණු 7ක් එක්වන්නේ සුමුදු රන්කොත්ගේ ලබා ගත් උත්සහක දිනුම නිසා වෙනි. මෙතෙක් නිහඬව සිටි විද්‍යා විද්‍යාලීය ක්‍රීඩකයන් 30 වැනි මිනිත්තුවේදි ලද දඬුවම් පහර සාර්ථක කරගැනීමට වීබූධ සහන් සමත් වු අතර සහන් විසින් උත්සහක දිනුමක් ද සාර්ථක කරගත් නමුත් එහි ප්‍රවර්ථනය අසාර්ථක විය (12-08).

පළමු අර්ධය : ඉසිපතන විද්‍යාලය 21 – විද්‍යා විද්‍යාලය 08

දෙවන අර්ධයේදී ප්‍රථමයෙන් ලකුණු රැස් කිරීම අාරම්භ කිරීමට විද්‍යා විද්‍යාලීය ක්‍රීඩකයේ සමත් වු අතර එහිදි මධුරංග විසින් ලබා ගත් උත්සහක දිනුමක් විබූධ ප්‍රවර්ථනයක් දක්වා රැගෙන යෑමට සමත් විය (21-15). ඉන්පසු කණ්ඩායම් දෙකටම මිනිත්තු 15කට අාසන්න කාළයක් පුරා ලකුණක් රැස් කරගැනීමට නොහැකි වු අතර දෙවන අර්ධයේදි ඉසිපතනුවන් අමතර ලකුණු 8ක් සහ විද්‍යා විද්‍යාල ක්‍රීඩකයේ අමතර ලකුණු 15ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත්විය.

අවසන් ලකුණු : ඉසිපතන විද්‍යාලය 29 – විද්‍යා විද්‍යාලය 23

තරගයේ වීරයා – වගීෂ වීරසිංහ

ඡායාරූප අැල්බමයට පිවිසෙන්න

ත්‍රිත්ව විද්‍යාලයට රෙහිව රාජකීය විද්‍යාලය

Royal College vs Trinity College72 වැනි බ්‍රැඩ්බි පලිහ වෙනුවන් සටන් වදින කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පළමු අදියරේ තරගය ඉකුත් සෙනසුරාදා (30) කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩා සංකීර්ණයේදි පැවැත්විය. මෙහි දෙවැනි අදියර මැයි මස 14 වැනිදා පල්ලේකැළේ ත්‍රිත්ව විදුහල් ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි. 30 වැනිදා පැවති තරගයෙන් වැඩි වාසි ලබා ගනිමින් රාජකීය විද්‍යාලය ජයග්‍රහනය ලබා ගන්නා ලදි.

වසර 72ක් පුරාවට ලබා ගත් වේගවත්ම උත්සහක දිනුම වාර්තා කරමින් ලකුණු  ලබා ගැනීම අාරම්භ කළ රාජකීය ක්‍රීඩක ජනිඳු ඩිල්ශාන්ගේ උත්සහක දිනුමට අතිරේක ලකුණු 2ක් එක් කිරීමට ඔවින් ඇස්කි සමත් විය (7-0). එ් සමඟ ලකුණු හඹා යෑම අාරම්භ කළ ත්‍රිත්ව ක්‍රීඩකයෝ 15 වැනි මිනිත්තුවේ දි අංජන බණ්ඩාරගේ උත්සහක දිනුමත් සනුෂ්ක අබේවික්‍රමගේ ප්‍රවර්තනයත් සාර්ථක වීමෙන් ලකුණු පුවරුව සමවිය (7-7). ඉන් අනතුරුව ඔවින් ඇස්කිට ලැබුනු දඬුවම් පහරක් ඔහුට සාර්ථක කරගැනීම හැකි වු අතර (10-7) 27 වැනි මිනිත්තුවේදි අස්මීර් ෆජුඩින් උත්සහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ඔස්කි සමත්විය (17-7).

පළමු අර්ධය : රාජකීය විද්‍යාලය 17 – ත්‍රිත්ව විද්‍යාලය 7

දෙවන අර්ධය අාරම්භ වනවාත් සමඟම හැඹායෑම අාරම්භ කළ ත්‍රිත්ව ක්‍රීඩකයෝ මීටර් 25 කණුවේ සිට එල්ල කළ දඬුවම් පහර සාර්ථක කරගැනීමට ලෂාන් විජේසූරිය සමත්විය (17-10). ඉන්පසුව දිලූෂ අලහකෝන්ගේ උත්සහක දිනුමත් එහි ප්‍රවර්තනයත් සාර්ථක කරගනිමින් ලකුණු පුවරුව 17- 17 ලෙස සමවිය. කෙසේ නමුත් තරගය අවසන් වීමට සුළු මොහොතකට පෙර අස්මීර් ෆජුඩින් ලබා ගත් උත්සහක දිනුමත් සමඟ තරගය නිමාව දුටුවේ රාජකීයයෝ ජයකෙහෙලි නංවමිනි.

අවසන් ලකුණු : රාජකීය විද්‍යාලය 22 – ත්‍රිත්ව විද්‍යාලය 17

තරගයේ වීරයා – අස්මීර් ෆජුඩින්

ඡායාරූප අැල්බමයට පිවිසෙන්න

වෙස්ලි විද්‍යාලයට රෙහිව ශාන්ත තෝමස් විද්‍යාලය

Singer Schools rugby round up week 5ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක පළිහ සඳහා තරග වදින ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යලය අතර තරගය ඉකුත් 30 වැනිදා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදි පැවැත්විය. අයහපත් කාළගුණ තත්වයක් යටතේ පැවති තරගයේ ජය තොමස් කණ්ඩායම සතුවිය.

මෙම තරගයේදි කිසිදු ලකුණක් ලබා ගැනීමට වෙස්ලි විද්‍යාලීය ක්‍රීඩකයෝ අපොහොසත් වු අතර තොමස් විද්‍යාලය ලකුණු 19ක් ලබා ගැනීමට සමත්විය. එහිදි ශාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩක ෂරිත් නානායක්කාර 35 වැනි මිනිත්තුවේදි උත්සහක දිනුමක් සාර්ථක කරගන්නා අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගත් ඩිඔන් ඩයස් අතිරේක ලකුණු 2ක් එක් කරන ලදි. ප්‍රථම අර්ධය පුරාවට වාර්තා කළ ලකුණ එය වන අතර අයහපත් කාළගුණය කණ්ඩායම් දෙකටම ලකුණු රැස්කීරීම සීමා කිරීමට සමත් විය.

පළමු අර්ධය : ශාන්ත තෝමස් විද්‍යාලය 07 – වෙස්ලි විද්‍යාලය 00

අයහපත් කාළගුණ තත්වයත් නිසා දෙවන අර්ධය අාරම්භ කිරීම සුළු මොහොතකට ප්‍රමාද කරනු ලැබීය. කෙසේ නමුත් දෙවන අර්ධයේ දී ද වෙස්ලි විද්‍යාලයට ලකුණු රැස් කිරීම සඳහා තෝමස් ක්‍රීඩකයෝ අවකාශයක් නොදුන් අතර ඩිඔන් ඩයස් තවත් උත්සහක දිනුමක් වාර්තාකළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක විය (14-0). තරගය අවසන් වීමට අාසන්නව තවත් උත්සහක දිනුමක් රැස් කිරීමට සචිත ජයතිලකට හැකි වු අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

අවසන් ලකුණු : ශාන්ත තෝමස් විද්‍යාලය 19 – වෙස්ලි විද්‍යාලය 00

තරගයේ වීරයා – සචිත ජයතිලක

ඡායාරූප අැල්බමයට පිවිසෙන්න

ධර්මරාජ විද්‍යාලයට එරෙහිව ශාන්ත පීතර විද්‍යාලය

DC V SPCඉකුත් 30 වැනි සෙනසුරාදා බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩාංගනයේදි පැවැත්වු මෙහි ජයග්‍රහනය ලබා ගැනීමට ශාන්ත පීතර විද්‍යාලයට හැකිවිය. අයහපත් කාළගුණ තත්වයක් යටතේ තරගය පැවැත් වු අතර ශාන්ත පීතර විද්‍යාලය ලකුණු 30ක් සහ ධර්මරාජ විද්‍යාලය ලකුණු 06ක් ද ලබා ගන්නා ලදි.

තරගය අාරම්භ වී පළමු මිනිත්තු 05 දි රහල් දෙල්පචිත්‍ර විසින් උත්සහක දිනුමක් ලබා ගැනීමත් සමඟ ශාන්ත පීතර විද්‍යාලය ලකුණු සටහන ක්‍රියාත්මක කරවීය (7-0). ඉන් සුළු මොහොතකට පසු ධර්මරාජ විද්‍යාලීය ක්‍රීඩක ගිම්හාන් දේශප්‍රිය දඬුවම් පහරක් සාර්ථක කරන්නා ලදි (7-3). ශාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩක ස්ටෙෆාන් සිවරාස් ඉතා පහසු දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු 10ක් දක්වා ලකුණු තත්වය ඔසවා තැබීය. එසේම ගිම්හාන් ද දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් තවත් ලකුණු 3ක් ධර්මරාජ පාසල වෙනුවෙන් ලබා ගත්නා ලදි. කෙසේ නමුත් පළමු අර්ධයේ අවසානයට පැමිණෙන විට ශාන්ත පීතර කණ්ඩායම ලකුණු 23ක අභියෝගයක් ධර්මරාජ ක්‍රීඩකයන්ට එල්ල කර තිබුනි.

පළමු අර්ධය : ශාන්ත පීතර 29 – ධර්මරාජ විද්‍යාලය 06

පැවති දැඩි අයහපත් කාළගුණය හමුවේදි තරගය අත්හිටුවීමට තීරණය කර අතර ඒ වන විට දෙවන අර්ධයේදි තීක්ෂන හේරත් 5වැනි උත්සහක දිනුම වාර්තා කර අතර සිවරාජ් එයට අතිරේක ලකුණු 2ක් එකතු කළේය.

අවසන් ලකුණු : ශාන්ත පීතර 36 – ධර්මරාජ විද්‍යාලය 06

තරගයේ වීරයා – දියත් ෆර්නැන්ඩෝ

ඡායාරූප අැල්බමයට පිවිසෙන්න

කින්ග්ස්වුඩ් විද්‍යාලයට රෙහිව ශාන්ත අැන්තෝනී විද්‍යාලය

KC V SACසිංගර් ලීග් තරගාවලියේ පළමු වටයේදි මොවුන් සහභාගී වන අවසන් තරගය මෙය වන අතර එයද ඉකුත් 30 වන දා බොගම්බර ක්‍රීඩා පිටියේදී පැවැත්විය.

තරගය අාරම්භ වී විනාඩි 2කටත් අඩු කාළයකදි සැමුඑල් මධුවන්ත දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් අැන්තෝනි ක්‍රීඩකයෝ ලකුණු රැස්කිරීම අාරම්භ කරන ලදි (3-0). තවත් විනාඩි කිහිපයකට පසු අසීරු දඬුවම් පහරක් ලබා දුන් අතර එය සාර්ථක කර ගැනීමට සැමුඑල්ට නොහැකි විය. ඉන්පසුව දිනුක් අමරසිංහ විසින් උත්සහක දිනුමක් සාර්ථක කරගත් අතර සැමුඑල් අතිරේක ලකුණු 2ක් එකතු කරන ලදි (10-00). කින්ග්ස්වුඩ් කණ්ඩායම සිය ලකුණු පුවරුව සක්‍රිය කරන්නේ 30වැනි මිනිත්තුවේදි තරිදු ඔෂාන් ලබා ගත් උත්සහක දිනුමෙන් වන අතර එහි ප්‍රවර්තනය සාර්ථක වන්නේ නැත (10-05). ඊට සුළු මොහොතකට පසුව කින්ග්ස්වුඩ් ක්‍රීඩක ඉමේෂ් සිරිවර්ධන උත්සහක දිනුමක් වාර්තා කරන අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ලහිරු රත්නවීරට හැකිවිය (10-12).

පළමු අර්ධය :  කින්ග්ස්වුඩ් විද්‍යාලය 12 -ශාන්ත අැන්තෝනී විද්‍යාලය 10

දෙවන අර්ධයේදි ලකුණු ලබා ගැනීම අාරම්භ කරන සැමුඑල් විසින් තවත් දඬුවම් පහරක් සාර්ථක කරගන්නා ලදි (13-12). නැවතත් 10වැනි මිනිත්තුවේදි ඔහු විසින් දඬුවම් පහරක් සාර්ථක කරගන්නා ලදි (16-12). ඉන්පසු කින්ග්ස්වුඩ් ක්‍රීඩක ශෙහාන් කෞෂීක විසින් උත්සහක දිනුමක් සාර්ථක කරගන්නා අතර ප්‍රවර්තනය මඟ හැරිනි (16-17). අවසන් මිනිත්තු 5දි කින්ග්ස්වුඩ් ලකුණු පුවරුවට තවත් ලකුණු 5ක් එක් කිරීමට හෙෂාන් ජෙන්සන් සමත් විය (16-22). ඒ සමඟ ලකුණු 6ක් පිටුපසින් සිටි අැන්තෝනි ක්‍රිඩකයෝ අවසන් මිනිත්තු කිහිපයේදි ප්‍රබෝධ බණ්ඩාර ලබා ගත් උත්සහක දිනුමත් සැමුඑල් විසින් එහි ප්‍රවර්තනයත් සාර්ථක කරගනිමින් එක් ලකුණකින් ජය ලබා ගැනීමට අැන්තෝනි විද්‍යාලය සමත්විය.

අවසන් ලකුණු : කින්ග්ස්වුඩ් විද්‍යාලය 22 -ශාන්ත අැන්තෝනී විද්‍යාලය 23

තරගයේ වීරයා – සැමුඑල් මධුෂංක

ඡායාරූප අැල්බමයට පිවිසෙන්න

 සියළු තරග නැවත නැරඹීමට පිවිසෙන්න