19න් පහළ ක්‍රිකට් සටනේ තරග වදින පාසල් මෙන්න!

734

සිංගර් ආයතනය හා පාසල් ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ 2018/19 ක්‍රිකට් තරගාවලිය ලබන සතියේ දී ආරම්භ වීමට නියමිතයි.

වේල්ස් කුමර විද්‍යාලය හා රාජකීය විද්‍යාලය සුපිරි 4ට

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග …

මෙවර තරගාවලිය ද ගියවර තරගාවලිය මෙන්ම කාණ්ඩ 4ක් යටතේ පවත්වන අතර ඒ එක් කාණ්ඩයකට පාසල් ක්‍රිකට් කණ්ඩායම් 9ක් ඇතුලත්. පාසල් ක්‍රිකට් තරග කාලසටහන තුල ඉතාමත් වැඩි අවධානයක් දිනා ගන්නා මේ ක්‍රිකට් තරගාවලිය 2018 සැප්තැම්බර් මස සිට ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පුරා මාස 6කට ආසන්න කාලයක් පැවැත්වේ.

තරගාවලියේ තරග වදිනු ලබන සෑම කණ්ඩායමක්ම මූලික තරග වටයේ දී තරග 8කට සහභාගී වන අතර සියලුම පාසල් ක්‍රිකට් කණ්ඩායම් නොවැම්බර් මස 25 වැනිදාට පෙර එනම් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට පෙර අවම වශයෙන් ක්‍රිකට් තරග 5ක් ක්‍රීඩා කළ යුතුව ඇත. මේ ක්‍රිකට් තරගාවලිය අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මාසයකට ආසන්න කාලයක් නවතා දමනු ලැබේ.

තරගාවලියේ මූලික වටය අවසන් වූ පසුව ඒ ඒ කාණ්ඩවල පෙරමුණේ සිටින කණ්ඩායම් 4 තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට සුදුසුකම් ලබාගන්නා අතර ඒ තරග වටය සඳහා පාසල් ක්‍රිකට් කණ්ඩායම් 16ක් සුදුසුකම් ලබාගනී. මේ තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග ලබන වසරේ පෙබරවාරි මස දී ආරම්භ වීමට නියමිතයි.

“සියලුම පාසල් වෙතට අපි උපදෙස් දීලා තියෙන්නේ තරග වාරය තුල ක්‍රිකට් තරග 15කට වඩා ක්‍රීඩා කරන්න එපා කියලා. මොකද ඒගොල්ලෝ මේ තරගාවලිය අතරතුර සුහද තරගත් ක්‍රීඩා කරනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ  පූර්ණ අනුදැනුම හා මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන මේ තරගාවලිය ඉතාමත් හොඳ තරගාවලියක්. තරගාවලියේ අනෙකුත් නීති හා රෙගුලාසි පෙර වසරවල දී පවත්වපු තරගාවලි වගේමයි කිසිම වෙනසක් නෑ.” යැයි ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් වන ඩිල්ෂාන් ද සිල්වා මහතා ThePapapre.com වෙත පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නැවතත් අතපත්තුට

එක්දින ක්‍රිකට් තරග 3කින් හා විස්සයි විස්ස තරග 5කින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා…

පසුගිය වසරේ පැවති පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කළ මරදාන සාන්ත ජෝසප් විදුහල් කණ්ඩායම එහි ශූරතාවය දිනා ගත් අතර ජයග්‍රාහී කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ජෙහාන් ඩැනියල් විසිනි.

පානදුර සාන්ත ජෝන් විද්‍යාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය පසුගිය වසරේ පැවති තරගාවලියේ දී අවසන් ස්ථාන දිනා ගත් නිසා දෙවන පෙළ දක්වා පසුබසින ලදි. ඒ පාසල් දෙක වෙනුවට දෙවන පෙළින් පළමු පෙළට උසස්වීම් ලබාගත්තේ රත්ගම දේවපතිරාජ විද්‍යාලය හා කුරුණෑගල සාන්ත ආනා විද්‍යාල කණ්ඩායමයි.

A කාණ්ඩය

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය , කැළණිය ගුරුකුල විද්‍යාලය, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, රත්ගම දේවපතිරාජ මහා විද්‍යාලය, කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

B කාණ්ඩය

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, කොළඹ නාලන්ද විද්‍යාලය, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ සහිරා විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය, කඳාන ද මැසනොඩ් විද්‍යාලය, කෝට්ටේ ජනාධිපති විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය  

C කාණ්ඩය

කොළඹ මහානාම විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය, මොරටු මහා විද්‍යාලය, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

D කාණ්ඩය

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<