අරවින්දත් එක්ක කණ්ඩායම තේරුවා

663
Sanath Jayasuriya

ළහිරු තිරිමාන්න එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා තෝරා ගැනීමට කිසිදු බලපෑමක් ඉහළින් එල්ල නොවූ බවත් අරවින්ද ද සිල්වා හා තමන් ඇතුළු තේරීම් කමිටුවම කණ්ඩායම තේරීමට දායක වූ බවත් ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන එංගලන්ත  සංචාරයට පෙර අවසන් වරට පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ අදහස් පැවසීය.

“අපි තේරීම් කමිටුවක් විදිහට නායකයා හා පුහුණුකරුවා එක්ක වාඩි වෙලා ඔක්කොම එක්ක තමයි එම තීරණ අරගෙන තියෙන්නෙ. තිරිමාන්න අරගන්න කිසිම ඉහළින් බලපෑමක් ඇති වෙලා නෑ.” ලෙස පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ තිරිමාන්න යනු තාක්ෂණය අතින් කණ්ඩායමේ සිටිනා හොඳම පිතිකරුවකු බවත් ඔහුගෙන් මෙම සංචාරයේදී වැඩි දක්ෂතා බලපොරොත්තු වන බවයි.