ඕස්ට්‍රේලියානු ප්‍රබලයෙක් ලෝක කුසලානයෙන් ඉවතට

723

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින දක්ෂ පිතිකරුවෙක් වන ශෝන් මාෂ් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා ක්‍රීඩා නොකරන බව වාර්තා වේ. ඒ ඔහුගේ අතෙහි ඇතිව තිබෙන ආබාධයක් නිසාවෙනි. ඒ වෙනුවෙන් කඩුලු රකින පිතිකරුවෙක් වන පීටර් හෑන්ඩ්ස්කොම්බ් කණ්ඩායමට කැඳවා ඇත.

ඉන්දීය ප්‍රේක්ෂිකාවන් දෙදෙනෙක්ට වටිනා සිහිවටනයක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (02) ……..

වයස අවුරුදු 35ක් වන ශෝන් මාෂ් දකුණු අප්‍රිකානු තරගය වෙනුවෙන් දැල තුල පුහුණුවීම් වල නිරත වෙමින් සිටිය දී පැට් කමින්ස් එවූ පන්දුවක් ඔහුගේ අතේ වැදී ඇති අතර පසුව කළ ස්කෑන් පරික්ෂාවේ දී එය අස්ථි බිඳීමක් බවට හෙළි වී තිබේ. 

“ශෝන් මාෂ් පුහුණුවීම් වල නිරත වෙමින් ඉන්න කොට ඔහුගේ දකුණු අතේ පන්දුව වැදුණා. අපේ ප්‍රථමාධාර කණ්ඩායම ඔහුව ඉතාමත් ඉක්මනින් ස්කෑන් පරීක්ෂාවක් සඳහා යොමු කළ අතර එහි දී අස්ථි  බිඳීමක් වෙලා තිබෙනවා කියලා අනාවරණය වුනා. මම හිතන්නේ ඔහුට යම් ආකාරයක ශල්‍යකර්මයක් කරන්න වේවි.” යැයි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ජස්ටින් ලැන්ගර් මහතා පැවසීය. 

එසේම ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ග්ලෙන් මැක්ස්වෙල්ගේ අතේ ද මිචෙල් ස්ටාර්ක් එවූ පන්දුවක් වැදී තිබෙන නමුත් ඔහුගේ තත්වය බරපතළ නොවන බව හෙතෙම පැවසීය. 

තාමත් මැතිව්ස්ට බනිනවා ද?

පුන පුනා පවසන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම …..

දකුණතින් පිතිකරණයේ නිරත වන හෑන්ඩ්ස්කොම්බ් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවති ඉන්දු – ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේ දී ඉතාමත් හොඳින් දස්කම් දැක්වූ අතර ඔහු මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 21ක් ක්‍රීඩා කොට ලකුණු 628ක් වාර්තා කරගෙන තිබෙන්නේ ශතකයක් හා අර්ධ ශතක 4ක් වාර්තා කරගෙනයි. 

වයස අවුරුදු 28ක් වන හෑන්ඩ්ස්කොම්බ්  ඕස්ට්‍රේලියානු A කණ්ඩායම නියෝජනය කරමින් මේ වන විට එංගලන්තයේ රැඳී සිටින අතර ඔහු ජූලි 6 වැනිදා පැවැත්වෙන දකුණු අප්‍රිකානු – ඕස්ට්‍රේලියා තරගය ක්‍රීඩා කිරීම සඳහා සුදානමින් සිටියි.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳ හා පිවිසෙන්න<<