වලියට බරැති, නැටුමට හිතැති එංගලන්ත තරුව.

117

1999 වසරේ ජනවාරි විසිතුන් වැනිදා එංගලන්ත කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් ඇඩිලේඩ් නුවර දී ගැටුණේ කාල්ටන් සහ යුනයිටඩ් තුන්කොන් තරගාවලියේ තරගයක් වෙනුවෙනි. මෙම තරගය ක්‍රිකට් ඉතිහාසයට එක්වනු ඇත්තේ තරමක ආන්දෝලනාත්මක සහ කලහාකාරී සිදුවීම් බහුල තරගයක් ලෙසිනි.

WWE ශූරයාගෙන් ඩේවිඩ් වෝනර්ට සටනකට ආරාධනාවක්

1997 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙකු වාර්තාගත….

මුත්තයියා මුරලිදරන්ට නැවත වතාවක් එල්ල වූ පන්දුව දමා ගැසීමේ චෝදනාවට අමතරව දෙපිළේම ක්‍රීඩකයින් අතර ද විශාල වශයෙන් මත ගැටුම් ඇතිවිය. ඒ අතරින් තරගයේ අවසන් පන්දුවාර කිහිපයේ රොෂාන් මහානාම ඉක්මන් ලකුණක් ලබා ගැනීමට යෑමේ දී එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ඩැරන් ගෆ් සමග ඇතිවූ ගැටුම ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ට කිසිම දිනක අමතක නොවනු ඇත.

එදා මහානාම සමඟ ගැටුමට මැදි වූ ඩැරන් ගෆ් නම් එංගලන්ත ක්‍රීඩකයා සැබැවින්ම ක්‍රීඩා පිටියේ දී මෙන්ම ඉන් පිටතදීත් චරිතයකි.

1970 වසරේ සැප්තැම්බර් දහඅට වැනිදා එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ දී උපත ලද ගෆ් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 58කටත් එක්දින ජාත්‍යන්තර තරග 159කටත් සිය සහභාගීත්වය ලබා දුන්නේය.

1994 වසරේ මුල්ම වතාවට එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් ගෆ් ඔහු සතුව තිබූ තින් ඉරියව් දක්ෂතා නිසාම ඉයන් බෝතම්ගේ නැවත ඉපදීමක් ලෙස සටහන් කෙරුණි. නමුත් ගෆ්ට කිසිම දිනක බෝතම් තරමේ තුන් ඉරියව් සුරුවෙකු වන්නට ඉඩ හසර ලැබුණේ නැත. පළමුපෙළ තරගවල දී පවා ඔහුට රැස්කර ගැනීමට හැකි වූයේ එක් ශතකයක් පමණි. නමුත් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ කැපී පෙනෙනම චරිතයක් ලෙසින් ගෆ් හැඳින්වීමේ වැරැද්දක් නැත.

ඩැරන් ගෆ්ගේ  ක්‍රීඩා ජීවිතයේ සුවිශේෂිම අවස්ථාවක් ලෙස 1998/99 අළුබඳුන තරගාවලියේ පැවති සිඩ්නි ටෙස්ට් තරගයේ දී දවා ගත් කඩුලු ත්‍රිත්වය හැඳින්විය හැකිය. ඉයන් හීලි, ස්ටුවර්ට් මැක්ගිල් සහ කොලින් මිලර් පිට පිට පන්දු තුනකින් දවා ගත්ත ද ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය වැළැක්වීමට ගෆ්ගේ දස්කම් ප්‍රමාණවත් වූයේ නැත.

ක්‍රීඩා පිටියේ දී කැපී පෙනෙන චරිතයක් වූ ගෆ් ඉන් පිටතදීත් එලෙසම කැපී පෙනෙන චරිතයකි. කලකට ඉහත දකුණු අප්‍රිකාවේ සෆාරි සංචාරයක නිරත වූ ගෆ් අපූරු අත්දැකීමකට මුහුණ දුන්නේය. සිය බිරිඳ ඇනා සමඟ නිවාඩු නිකේතනයේ ඇඳක් මත සිටිය දී යම් සතෙකුගේ සපාකෑමකට ලක්වනු ගෆ්ට දැණුනි. එදා ගෆ් ප්‍රහාරයකට ලක්වූයේ දකුණු අප්‍රිකාවේ සිටින්නා වූ ගෝනුස්සෙකුගෙනි.

“සපා කෑමට ලක්වූ ගෝනුස්සා විෂ සහිත මාරාන්තික එකෙක් ද, නැතිනම් සාමන්‍ය එකෙක් ද කියා එකවරම සිතාගන්න බැරි වුනා. අප සිටියේ රෝහලකින් සෑහෙන ඈතකින්. හදිස්සියේ හෙලිකොප්ටරයක් කැඳවූවත් එය පැමිණීමටත් විනාඩි හතළිහක් පමණ යන බවක් පැවසුණේ. ඒ වෙද්දී මා මිය ගොස් සිටින්නට වැඩි ඉඩක් තිබුණා.” ගෆ් පසුව ප්‍රකාශ කළේය.

“මම ටික වෙලාවක් බලා ඉඳලා ආපහු අනිත් පැත්ත හැරිලා නිදා ගන්න කල්පනා කළා. මම මගේ අතේ තිබුණු ජංගම දුරකතනයෙන් ඌට පහර දුන්නා. නමුත් ඇඳ මත සිටි ගෝණුස්සාට කිසිම හානියක් වුනේ නැහැ. ඇඳේ තිබූ මෘදු ස්වභාවය නිසා ඌ ලේසියෙන්ම හානියක් නොමැතිව පැන ගත්තා.

සිරිමත් ගති නැති ක්‍රිකට් ක්‍රීඩාවේ හොලිවුඩ් තරුව

රන්වන් හිසකේ ඇති අප කතානායක ඕස්ට්‍රේලියානු තරුණයා තරමක්….

ඉන්පසු මම තවත් විනාඩි තිහක් පමණ ඌව සෙව්වත් හමුවුණේ නැහැ. මගේ වාසනාවකට ඌ මාරාන්තික එකෙක් නෙවෙයි. නමුත් සතියක් දෙකක් යනතුරු ගෝණුස්සා සපාකෑ ස්ථානයේ ඉදිමුම පෙනෙන්නට තිබුණා.

දකුණු අප්‍රිකාවේ ගෝණුසු විශේෂ රාශියක් සිටිය ද ඉන් බොහෝමයක් මාරාන්තික ඝනයට වැටෙන්නේ නැත. ගෆ්ගේ වාසනාවට ඔහු සපා කෑවේ එවැනි විෂ රහිත ගෝණුස්සෙකු විසිනි.

ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව ගෆ් තවත් විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතා පෙන්වූ බව නොරහසකි.  BBC රූපවාහිනී සේවය මගින් සංවිධානය කරන Strictly Come Dancing නම් රූපවාහිනි නර්තන වැඩසටහන ඉතාම ජනප්‍රිය රියලිටි වැඩසටහනකි. 

2005 වසරේ ගෆ් Strictly Come Dancing සහභාගි විය. එවර තරගයට සහභාගි වූ ගෆ්ට සෙසු එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් ද ලැබුණේ විශාල සහයෝගයකි. 2005 වසරේ ප්‍රධාන තරගාවලියේ මෙන්ම විශේෂ නත්තල් වැඩසටහනේ ද ශූරයා බවට පත්වීමට ගෆ් සමත් විය. 

ඉන් වසර දෙකකට පසු 2007 වසරේ නැවත වතාවක් Strictly Come Dancing වැඩසටහන හා එක්වූ ගෆ් ඒ වසරේ විශේෂ නත්තල් වැඩසටහනේ ශූරයා බවට පත්වන්නට සමත් විය. 

ක්‍රිකට් ක්‍රීඩා නොකරන සමයේ තමාගේ ශරීර යෝග්‍යතාව ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යෑමටත් පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීමටත් මෙම වැඩසටහන සහ නර්තනය හේතු වූ බව ගෆ් නිරන්තරයෙන් ප්‍රකාශ කළේය.ෙ

කරුණු කාරණා එසේ වෙද්දී ඩැරන් ගෆ් නම් ක්‍රිකට් තරුවගේ පෞද්ගලික ජීවිතය ද සෙස්සන්ට වඩා වෙනස් ස්වරූපයක් ගනී. 1993 වසරේ ඇනා නම් තරුණියක හා විවාහපත් වූ ගෆ් වසර නමයක විවාහ දිවියට තිත තබන්නට 2002 වසරේ තීරණය කළේය. විවාහය දෙදරා යෑමට හේතුව ලෙස බොහෝ දුරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට සිදුවීම බව කියවුණි. 

නමුත් පසු කලෙක නැවත වතාවක් තමාගේ කලින් බිරිඳ සමඟ විවාහවන්නට ගෆ් තීරණය කර තිබුණි. එමෙන්ම සුපිරි එංගලන්ත පිතිකරු කෙවින් පීටර්සන්ගේ විවාහයේ දෙවැනි මනමාලයා ලෙස කටයුතු කළේ ද අප කතානායක ඩැරන් ගෆ් බව කියවේ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<