ශ්‍රී ලංකාවට එරෙහිව ශකිබ් සටන් බිමට

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2021

238
 

බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan එළඹෙන 23 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ දී අංක තුන පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ බව බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා වන Minhajul Abedin මහතා මාධ්‍ය වෙත මෙසේ තහවුරු කර සිටියා.

“Shakib Al Hasan ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේ දී අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කරනවා. ඔහුට ක්‍රීඩා කරන්න හොඳම තැන එතන තමයි. එතැන ක්‍රීඩා කරලා ඔහු කණ්ඩායම වෙනුවෙන් ලොකු දායකත්වයක් දක්වයි කියලා අපිට විශ්වාසයි” යැයි Minhajul Abedin මහතා පැවසුවා.

තවත් ක්‍රිකට් පුවත්:

Shakib Al Hasan හට නිමා වූ නවසීලන්ත එක්දින තරගාවලිය සහ විස්සයි විස්ස තරගාවලිය IPL නිසාවෙන් මග හැරී ගියත් ඔහු ඉන් පෙර පැවති බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ දී බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කරමින් දස්කම් අතරට පැමිණියා. 

එම එක්දින තරගාවලිය බංග්ලාදේශ 3-0ක් ලෙස ජයග්‍රහණය කළ අතර එම තරගාවලියේ දී Shakib අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළා. එහි දී අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ Najmul Hossain Shanto හට වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීමට  හැකියාවක් ලැබුණේ නැහැ.

වසරක තරග තහනමකට පසුව කොදෙව් තරගාවලිය හරහා නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණි Shakib, 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරමින් 86.57ක හොඳ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද සහිතව ලකුණු 606ක් ලබා ගත්තා. 

ඔහුගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවිය දෙස හැරී බලන විට ඔහු අංක 3 ස්ථානයෙන් තරග 23කට සහභාගී වී ලකුණු 1177ක් ලබාගෙන තිබෙන්නේ 58.58ක හොඳ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද සමඟ විශාල සාර්ථකත්වයක් පෙන්නුම් කරමිනි.

බංග්ලාදේශ මූලික එක්දින සංචිතය – Tamim Iqbal (නායක), Mohammad Naim, Imrul Kayes, Liton Das, Soumya Sarkar, Najmul Hossain Shanto, Shakib Al Hasan, Mushfiqur Rahim, Mohammad Mithun, Mahmudullah, Afif Hossain, Mosaddek Hossain, Mahedi Hasan, Mehidy Hasan Miraz, Taijul Islam, Nasum Ahmed, Mohammad Saifuddin, Mustafizur Rahman, Rubel Hossain, Taskin Ahmed, Hasan Mahmud, Shoriful Islam, Shohidul Islam.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

තරග කාලසටහන

මැයි 23 – පළමු එක්දින තරගය – ඩකා හිදී 

මැයි 25 – දෙවැනි එක්දින තරගය – ඩකා හිදී 

මැයි  28 – තෙවැනි එක්දින තරගය – ඩකා හිදී 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<