ක්‍රීඩා පිටිය තහනම් වූ බංග්ලාදේශ ක්‍රීඩකයා නැවතත් පිටියට

151

බටහිර කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ බංග්ලාදේශ සංචිතයට Shakib Al Hasan නම් කර තිබෙනවා. 2019 වසර අවසානයේ දී තරග පාවා දීමේ යෝජනාවක් බලධාරීන්ට වාර්තා නොකිරීම නිසා ICC විසින් Shakib Al Hasanට තරග තහනමක් නියම කළ අතර මේ එම තරග තහනමින් පසුව ඔහුව ජාත්‍යන්තර තරගාවලියකට නම් කළ පළමු වතාවයි. 

33 හැවිරිදි Shakib Al Hasan පසුගිය වසරේ දී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කළ දේශීය තරගාවලි සඳහා ද සහභාගී වුණු අතර COVID-19 ව්‍යාප්තියෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම මුහුණ දෙන පළමු තරගාවලිය ද මේ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියයි.

හිටපු නායක Mashrafe Mortaza කොදෙව් තරගාවලියට නම් කළ 24 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ සංචිතයට නම් කර නැහැ. ඔහුට අමතරව Al Amin Hossain හා Naeem Sheikh වැනි ක්‍රීඩකයින් ද සංචිතයට කැඳවා නොතිබීම විශේෂත්වයක්. Shakibට අමතරව වේගපන්දු යවන Taskin Ahmed හා Rubel Hossain ද මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

පිට දඟපන්දු යවන ක්‍රීඩක Mahadi Hasan හා වේගපන්දු යවන්නන් වන Hasan Mahmud හා Shoriful Islam නවක ක්‍රීඩකයින් ලෙස බංග්ලාදේශ සංචිතයට ඇතුළත් කර තිබෙනවා. බංග්ලාදේශයේ නව එක්දින නායක ලෙස නම් කළ Tamim Iqbal නායකත්වය දරන පළමු තරගාවලිය ද මෙයයි.   

තවත් ක්‍රිකට් පුවත්:

“අපි බොහොම සතුටුයි Shakib Al Hasan නැවත කණ්ඩායමට පැමිණීම පිළිබඳව, අපි ඔක්කොම දන්නවා ඔහු තරග වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්” බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි Minhajul Abedin, Cricbuzz වෙත පවසා තිබුණා.

“දේශීය තරගාවලි වල හොඳින් පන්දු යවපු නිසා අපි Rubel Hossainව තෝරා ගත්තා, Taskin ආබාධයකට ලක්වෙලා හිටියත් ඔහු දැන් ඒ ආබාධය සුව කරගෙන. ඔහු පන්දු යවන ආකාරය දුටුවම අපිට හිතුණා ඔහුට අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා.”

“Mahedi දැන් වසර දෙකක විතර ඉඳලා හොඳින් දස්කම් දක්වනවා ඒ නිසා අපිට හිතුණා ඔහුට අවස්ථාව දෙන්න මේක තමයි වෙලාව කියලා. Tamim කණ්ඩායම හසුරුවන්නේ කොහොමද කියලා බලන්න අපි නොඉවසිල්ලෙන් ඉන්නේ. ඔහුට තියන ජාත්‍යන්තර අත්දැකීම් එක්ක ඔහු බොහොම හොඳින් කරයි කියලා අපිට විශ්වාසයි. අපි අනාගතය ගැන හිතලා කණ්ඩායමක් ගොඩ නගලා තිබෙනවා.”

බංග්ලාදේශ සංචිතය: Tamim Iqbal (නායක), Shakib Al Hasan, Najmul Hossain, Mushfiqur Rahim, Mohammad Mithun, Litton Das, Mahmudullah, Afif Hossain, Soumya Sarkar, Taskin Ahmed, Rubel Hossain, Taijul Islam, Mustafizur Rahman, Mehidy Hasan, Mohammad Saiffudin, Mahadi Hasan, Hasan Mahmud, Shoriful Islam

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<