2022 T20 ලෝක කුසලානයේ සත්කාරක නගර නම් කරයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2870

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ 8 වැනි තරගාවලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර 7ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත බව අද (16) ICC විසින් නිල වශයෙන් තහවුරු කර සිටියා.

ලබන වසරේ ඔක්තෝබර් 16 වැනිදා සිට නොවැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය රාත්‍රි තරගයක් ලෙස Melbourne හිදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ තරග 45ක් Adelaide, Brisbane, Geelong, Hobart, Melbourne, Perth සහ Sydney යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත අතර අවසන් පූර්ව වටයේ තරග නොවැම්බර් 9 සහ 10 Adelaide Oval හිදී පැවැත්වීමට නියමිතයි.

වත්මන් විස්සයි විස්ස ලෝක ශූර සහ එළඹෙන වසරේ සත්කාරකත්වය දරන ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, පාකිස්තානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ පළමු වටයෙන් සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් 4ක් එහි සුපිරි 12 වටයේ තරග ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, නැමීබියාව, ස්කොට්ලන්තය සහ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය හරහා තේරී පත්වන තවත් කණ්ඩායම් 4 පළමු වටයේ තරගවල දී තරග වැදීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<