අකිලා තිරුනායකී ලක්මාතාව රනින් සරසයි

Masters Athletics Championships

547
Septuagenarian does Lanka proud in Masters Athletics Championships

පිලිපීනයේ පැවති ජ්‍යෙෂ්ඨයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා දීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා අකිලා තිරුනායකී සමත්ව තිබෙනවා. 

මුලතිව් ප්‍රදේශයේ පදිංචි 71වැනි හැවිරිදි ඇය තරගාවලියේ මීටර් 1500 සහ 5000 යන ඉසව් නියෝජනය කරමින් රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබෙන අතර මීටර් 800 ඉසව්වේ ලෝකඩ පදක්කම ඇය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.  

මෙම ඉසව් වලට අමතරව ඇය තරගාවලියේ මීටර් 400 ඉසව්ව ද නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර ඇය එම ඉසව්ව සිව්වැන්නා ලෙස අවසන් කර තිබෙනවා. 

අකිලා මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 22වැනි ආසියානු ජ්‍යෙෂ්ඨයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වූ අතර ඇය එහි දී රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා. 

මුලතිව් මුල්ලියාවලෙයි හී වාසය කරන මීට පෙර බන්ධනාගාර නිලධාරිණියක ලෙස සේවය කර තිබෙනවා.  

දිනෙන් දින උණුසුම් වන මලල ක්‍රීඩා පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<