මහානාමයේ හෂාන් ඉසිපතනයේ කඩුලු 7ක් දවා ගනී

324

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (5) ක්‍රියාත්මක වූ තරග අතුරෙන් ඉසිපතන විද්‍යාලය හා මහානාම විද්‍යාලය අතර පැවැත්වූ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගන්නට මහානාම විද්‍යාලය සමත් විය.

මීට අමතරව අද පළමු දිනයට පැවැත්වූ තරග අතුරෙන් තර්ස්ටන් විද්‍යාලය, ජනාධිපති විද්‍යාලය වැඩි වාසි ලබා ගැනීමට සමත් විය.  

හසිත බෝයගොඩ සුපිරි පිතිකරණයක

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය පරාජය කළ මොරටුව මහා විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය පරාජය කළ…

ඉසිපතන විද්‍යාලය හා මහානාම විද්‍යාලය

කෝල්ට්ස් පිටියේ දී නිමා වූ මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් විය.

ඊයේ (4) දිනයේ දී කාසියේ වාසිය දිනූ මහානාම විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. එහි දී නායක පවන් රත්නායක ලකුණු 91ක් මහානාම විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් එක් කරන ලදි. අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 214කට සීමා විය. මදුශික සඳරුවන් කඩුලු 4යි.

පිළිතුරු ඉනිම දියත් කළ ඉසිපතන විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 137ක් වන අතර සුපිරි පන්දු යැවීමක නිරත වූ හශාන් සංදීප ඉසිපතන පළමු ඉනිමේ කඩුලු 7ක් දවාලමින් මහානාම විද්‍යාලයේ පළමු ඉනිමේ ජය තහවුරු කරන ලදි. තරගය අවසන් වන විට මහානාම විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 80ක් ලබා ගන්නා ලදි. බිශාන් මෙන්ඩිස් ලකුණු 49යි.

මහානාම විද්‍යාලය – 214/10 (88.2): පවන් රත්නායක 91, සොනාල් දිනූෂ 25, මදුශික සඳරුවන් 4/67.

ඉසිපතන විද්‍යාලය – 137/10 (56.2): තෙවිඳු දික්වැල්ල 27, හශාන් සංදීප 7/33.

මහානාම විද්‍යාල දෙවන ඉනිම – 80/4 (20.5): බිශාන් මෙන්ඩිස් 49.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග


තර්ස්ටන් විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

මොරටු මහා විද්‍යාල පිටියේ දී කාසියේ වාසිය දිනාගත් තර්ස්ටන් විද්‍යාලයේ ඇරයුමින් පළමුව පිටියට පිවිසි සත්කාරකයින් සිය ලකුණු පුවරුව ලකුණු 164කට සීමා කරගත්තේය.

එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ තර්ස්ටන් විද්‍යාලය නායක නිපුන් ලක්ෂාන් ලකුණු 61ක් තුළ කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වෙද්දී ජීවන්ත ප්‍රනාන්දු ලකුණු 50ක් ලබාගෙන මොරටු මහා විද්‍යාල පළමු ඉනිම ලකුණු 164ක් දක්වා රැගෙන යන ලදි. නදිත් විශේන්ද්‍ර ලකුණු 46යි.

දිනයේ නිමාව සටහන් වන විට තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිමේ ජය තහවුරු කරගෙන තිබෙන අතර ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 202ක් ලබාගෙන සිටියි. එහි දී නිමේෂ් පෙරේරා හා පන්සිලු දේශාන් අර්ධ ශතක ලබාගන්නා ලදි. මෙය A කාණ්ඩයේ තරගයකි.

මොරටු මහා විද්‍යාලය – 164/10 (34.3): ජීවන්ත ප්‍රනාන්දු 50, නදිත් විශේන්ද්‍ර 46, නිපුන් ලක්ෂාන් 7/61.

තර්ස්ටන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 202/4 (50): නිමේෂ් පෙරේරා 78*, පන්සිලු දේශාන් 55.

“ඊළඟ තරගයේ දී මීට වඩා හොඳ තණතිල්ලක් බලාපොරොත්තු වෙනවා” – දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ අවසන් …


පානදුර සාන්ත ජෝන් විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

රිෆාස් මවුරෆ්ගේ අර්ධ ශතකය නිසාවෙන් හැඩගැන්වුණු මෙම තරගය පානදුර දී පැවැත්විය. කාසියේ වාසිය ජයග්‍රහණය කළ ජනාධිපති විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

ඒ අවසරයෙන් පිටියට පිවිසුණු ඔවුන්ගේ ඉනිම සවිමත් කිරීමට රිෆාස් මවුරෆ්ගේ ලකුණු 72 බෙහෙවින් ඉවහල් විය. දිනෙත් නෙළුම්දෙණිය ලකුණු 32යි. පන්දු යැවීමේ දී තමිඳු වික්‍රමාරච්චි කඩුලු 4ක් දවා ගන්නා විට අශේන් දිල්හාර හා සසිත මනුප්‍රිය අතරේ කඩුලු 3 බැගින් බෙදී යන ලදි.

සාන්ත ජෝන් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කරගත්තේ ලකුණු 138කි. එහි දී රෙශාන් ප්‍රනාන්දු ලකුණු 37යි. හසිඳු ප්‍රමුඛ හා චනුල චමෝද් පිළිවෙළින් කඩුලු 4ක් හා කඩුලු 3ක් දවා ගනිමින් ජනාධිපති විද්‍යාලයට සිය පළමු ඉනිමේ ජයග්‍රහණය හිමිකර දෙන ලදි.

ජනාධිපති විද්‍යාලය – 173/10 (45): රිෆාස් මවුරෆ් 70,  දිනෙත් නෙළුම්දෙණිය 32, තමිඳු වික්‍රමාරච්චි 4/36, අශේන් දිල්හාර 3/40, සසිත මනුප්‍රිය 3/53.

සාන්ත ජෝන් විද්‍යාලය – 138/10 (39.4): රෙශාන් ප්‍රනාන්දු 37, ප්‍රවීන් සඳමාල් 28, හසිඳු ප්‍රමුඛ 4/41, චනුල චමොද් 3/41.

ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 30/0 (6):


සාන්ත පීතර විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය

මේ C කාණ්ඩයේ තරගය පළමු දිනය සඳහා අවසන් වන විට සාන්ත පීතර විද්‍යාලය  කිසිවෙකු නොදැවී ලකුණු 2ක් ලබාගෙන සිටියි. කාසියේ වාසිය දිනාගත් සාන්ත පීතර විද්‍යාලය පළමුව පන්දු යැවූ මෙම තරගය නාලන්ද පිටියේ දී පැවැත්විය.

නාලන්ද පළමු ඉනිම වෙනුවෙන් චමිඳු විජේසිංහ හා ලක්ෂිත රසාංජන පිළිවෙළින් ලකුණු 47ක් හා ලකුණු 40ක් ලබා ගන්නා ලදි. අවසානයේ නාලන්ද පළමු ඉනිම ලකුණු 219කට සිමා විය. මොහොමඩ් අමින් කඩුලු 3යි.

නාලන්ද විද්‍යාලය  – 219/10 (76.2): චමිඳු විජේසිංහ 47, ලක්ෂිත රසාංජන 40, රුසිරු ද සිල්වා 22, මොහොමඩ් අමින් 3/51.

සාන්ත පීතර විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 2/0 (2):


සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ දී පළමු දිනයට පැවැත්වූ මෙම තරගයේ අද දිනය අවසන් වන විට සාන්ත බෙනඩික්ට් පළමු ඉනිම 31/1ක් ලෙස දැක්විය.

මහීෂ තීක්ෂණ හා පෘථිවි ජෙගරාජසිංහම් සාන්ත තෝමස් ප්‍රථම කඩුලු කිහිපය ඉක්මනින් දවා ගනිමින් සාන්ත තෝමස් විද්‍යාලයට අභියෝගයක් වූ අතර මැදපෙළ සවිමත් කළ මනීශ රූපසිංහ හා ඩෙලොන් පීරිස් ශතකයක් හා අර්ධ ශතකයක් ලබාගෙන සාන්ත තෝමස් පළමු ඉනිම ලකුණු 230/6ක් දක්වා ඔසවා තබන ලදි. පසුව ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

සාන්ත තෝමස් විද්‍යාලය – 230/6d (62.3): මනීශ රූපසිංහ 133, ඩෙලොන් පීරිස් 50, පෘථිවි ජෙගරාජසිංහම් 2/35, මහීෂ තීක්ෂණ 2/76.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 31/1 (16):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග සියල්ලම හෙට (6) දෙවන දිනටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<