පාසල් රග්බි ආරම්භය කල් යයි?

251

අධ්‍යාපන අමාත්‍යංශය විසින් අ. පො. ස. උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා එළඹෙන ඔක්තෝබර් මස 12 වැනිදා තෝරාපත් කර ගැනීමත් සමඟින් 2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය නොවැම්බර් මාසය දක්වා කල් යෑමට ඉඩක් පවතිනවා. 

පාසල් රග්බි ලීගය නැවත පැවැත්වෙයි ද?

අධ්‍යාපන අමාත්‍යංශය අද (20) නිකුත් කර තිබුණු නිවේදනයට අනුව 2020 උසස් පෙළ විභාගය අවසන් වන්නේ නොවැම්බර් 6 වැනිදායි. මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය විසින් උසස් පෙළ විභාගය සැප්තැම්බර් 7 වැනිදා ආරම්භ කර ඔක්තෝබර් 2 වැනිදා අවසන් කිරීමට සැලසුම් සකස් කර තිබුණා. කෙසේ වෙතත් සිසුන්ට අධ්‍යන කටයුතු කිරීමට සැලකිය යුතු කාලයක් නොමැති වීම නිසා මේ දිනය පිළිබඳ විවිධ අදහස් පළ වුනා.

රාජාංගනය ප්‍රදේශයේ පාසල් සිසුන් කිහිප දෙනෙක්ට COVID-19 ආසාදනය වී තිබුණු බව අනාවරණය වූ නිසා පසුගිය සතියේ දී නැවත වතාවක් පාසල් වසා දමන්නට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගත්තා.

මේ තත්වය යටතේ පාසල් රග්බි ලීගය ගැන අවසන් තීරණයක් ගත හැක්කේ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයටයි. 2020 තරග වාරය පවත්වනවා ද අතහැර දමනවා ද යන තීරණය ඔවුන් සතුයි. ඔවුන්ගේ තීරණය කෙසේ වෙතත් අධ්‍යාපන උසස් පෙළ පැවැත්වෙන දින වකවානු වෙනස් කළ නිසා තරගාවලිය ආරම්භ කිරීම නොවැම්බර් මස දක්වා කල් යනු ඇත.

රග්බි පුහුණුකරු ගෙදර යවයි

පාසල් ලීග් තරගාවලිය නොවැම්බර් මස ආරම්භ කර පැවැත්වුවහොත් 2021 තරග වාරය ද කල් දැමීමට සිදු වන්නේ පාසල් කණ්ඩායම්වලට තරග වාරයෙන් පිට තරගාවලියට සූදානම් වීමට අවශ්‍ය ඉඩකඩ සැලසිය යුතු නිසයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<