කිරුළ හිමි කුමාරවරු 100 වැනි වසර කුසලානයකින් සමරයි?

139

2017, 2018, 2019 වසරේ තුනේ දී ම අඛණ්ඩව තෙවරක් පාසල් ලීග් කිරුළට හිමිකම් කියූ කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම මෙවර තරග වාරයේ දීත් පාසල් රග්බි ශූරතාව තමන්ගේ නමට ලියා ගන්නට හොඳ සූදානමකින් සිටිනවා.

ශ්‍රී ලාංකීය රග්බි ඉතිහාසයේ සාර්ථකම පාසල් රග්බි කණ්ඩායම වන කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායමට නව දශකය කෙසේ සුබ වෙයි ද?

රග්බි ක්‍රීඩාවේ 100 වන වසර සමරන්නට රාජකීයයන් සූදානම්

ශ්‍රී ලංකා පාසල් රග්බි ඉතිහාසය තුළ පැරණිතම රග්බි කණ්ඩායමක් වන කොළඹ රාජකීය විද්‍යාල රග්බි කණ්ඩායම……………

අතීතයෙන් බිඳක් 

ගෙවුණු දශකයේ සාර්ථකම පාසල් රග්බි කණ්ඩායම වන කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව ආරම්භ වන්නේ 1916 වසරේ දීයි. 1920 වසරේ ජූලි මස 31 වැනිදා සිය නිල පාසල් රග්බි තරගය ක්‍රීඩා කළේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟයි. මේ වසර ඔවුන් පාසල් රග්බි පිටියේ දස්කම් දක්වන 100 වැනි වසරයි. 

1973 වසරේ දී මයිකල් මුලර්ගේ නායකත්වයෙන් පළමු වරට ලීග් රග්බි කිරුළ දිනා ගන්නා රාජකීයයෝ එතැන් පටන් පාසල් රග්බි පිටියේ සුපිරි දක්ෂතා දක්වන්නේ 16 වතාවක් ලීග් රග්බි කිරුළ දිනා ගනිමිනි. 21 වැනි සියවසේ සාර්ථකම රග්බි කණ්ඩායම බවට පත්වන ඔවුන් සය වතාවක් ලීග් ශූරතාව කුරුඳුවත්තට රැගෙන යන්නට සමත් වෙනවා. ඒ 2003, 2009, 2011, 2015, 2017, 2018 හා 2019 යන වසරවල දීයි. 

රාජකීය පහස ලබා ජාතික තලයට පිවිසුණු අමරණීය ක්‍රීඩකයින් ද රැසක් සිටිනවා. සුම්මා නවරත්නම්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හා ටෙඩ් මුත්තයියා වැනි අමරණීය චරිත රාජකීය රග්බි පිටිය ශ්‍රී ලංකාවට දායාද කළා. එමෙන්ම වත්මන් මහනුවර ක්‍රීඩා සමාජයේ දස්කම් පාන ශෙහාන් පතිරණ, CR කණ්ඩායමේ ජනිඳු දිල්ශාන් ද රාජකීය නිෂ්පාදනයන්. 

පසුගිය තරග වාරය 

ගෙවුණු තරග වාරය රාජකීයයන්ට ඉතා සුබ තරග වාරයක් වුනා. ඒ නැවත වාරයක් ඔවුන් පාසල් ලීග් කිරුළ සිය පාසලේම රඳවා ගන්නට සමත් වූ නිසයි. 2018 තරග වාරයේ දී මෙන්ම 2019 තරග වාරයේ දී ද ඔවුන් පාසල් ලීග් කිරුළ දිනා ගත්තේ ප්‍රතිවාදී කණ්ඩායම් සුනුවිසුනු කරමින්. 

තුලයිබ් හසන්ගේ නායකත්වයෙන් තරග වැදුණු කොළඹ රාජකීය කණ්ඩායම ඔවුන් ක්‍රීඩා කළ තරග නවයෙන් තරග අටක්ම ජය ගන්නට සමත් වුනා. සාන්ත පීතරයන් හමුවේ ලකුණු 12-08ක් ලෙස තියුණු පරාජයක් පමණක් ඔවුන්ගේ ප්‍රතිඵල සටහනේ වාර්තා වුනා. 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් 75 වැනි බ්‍රැඩ්බි පලිහත් ඔවුන් ජය ගත්තේ අදියර දෙකම තමන්ගේ නමට ලියා ගනිමින්. පළමු අදියර ඔවුන් ලකුණු 17-34ක් ලෙස ජය ගන්නට සමත් වුනා. බ්‍රැඩ්බි දෙවන අදියරේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 24-13ක ජයක් වාර්තා කළත් ඔවුන්ට රාජකීයයින්ගෙන් බ්‍රැඩ්බි පලිහ උදුරා ගන්න නම් හැකියාවක් ලැබුණේ නැහැ.

වෙස්ලි කණ්ඩායම විද්‍යාර්ථය සාදරයෙන් A කාණ්ඩයට පිළිගනියි

ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අද (06) දින පැවති තරගයක දී කොළඹ වෙස්ලි විද්‍යාලය ලකුණු 36 – 06ක් ලෙස…………….

වැඩිම උත්සාහක දිනුම් ලාභීන්ගේ ලැයිස්තුවට පැමිණෙමින් අචිත රදිශාන් හා කෙවින් සමරසේකර උත්සාහක දිනුම් හය බැගින් රැස්කර ගෙන තිබුණේ රාජකීයයින්ගේ ජයග්‍රහණයන්ට සිය උපරිම දායකත්වය ලබා දෙමින්. දුලාන් ගුණවර්ධන ලකුණු 47ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටියා. 

මෙවර තරග වාරය

වසර හතරක අත්දැකීම් සමඟින් මෙවර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ලෙහාන් ගුණරත්න යි. අත්දැකීම් බහුල ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙකු වන ඔහු ගෙවුණු තරග වාරයේ දී සුපිරි දස්කම් දක්වන්නට සමත් වුනු ක්‍රීඩකයෙක්.

සිය අත්දැකීම්වලින් ප්‍රබල රාජකීය කණ්ඩායමේ පසුපෙළ මෙහෙයවන ඔහු, මෙවර තරග වාරයේ දී කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක්. පසුගිය වසර තුනේ දී රාජකීය රග්බි කණ්ඩායම දැක්වූ දක්ෂතා දිගටම පවත්වා ගැනීම ඔහුගේ ප්‍රධානතම අභියෝගයයි. ලෙහාන්ගේ පියා වන ලසිත ගුණරත්න ද කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබෙනවා. පියාගේ අඩිපාරේ යමින් රාජකීය රග්බි ඉතිහාසයේ 100 වැනි වසර ජයග්‍රහණ වලින් පුරවන්නට ලෙහාන්ට හැකි වෙයි ද?

රාජකීය ඉදිරිපෙළ ගෙවුණු වසර කිහිපයේම අතිසාර්ථක වුනේ ප්‍රතිවාදී ක්‍රීඩකයින් සුනුවිසුනු කරමින්. රාජකීය Rolling Maul අවස්ථාවන්ට ප්‍රතිවාදී ක්‍රීඩකයින් අතිශයින්ම බියට පත්වුනා. 

අචිත රදිශාන් හා කෙවින් සමරසේකර වසර තුනක අත්දැකීම් සමඟින් කණ්ඩායමේ දෙවැනි පෙළ සවිමත් කරන්නේ Line out අවස්ථා සාර්ථක කර ගන්නට සිය උපරිම දායකත්වය දක්වමිනුයි. 

අචිත හා කෙවින් දෙදෙනාම උත්සාහක දිනුම් හය බැගින් වාර්තා කර ගනිමින් පසුගිය වසරේ වැඩිම උත්සාහක දිනුම් ලාභීන්ගේ ලැයිස්තුවට ද ඇතුළත් වුනු අතර ඔවුන්ගේ දක්ෂතා ගෙවුණු වසර පුරාම කණ්ඩායමේ  ජයග්‍රහණයේ ලා ඉතා වැදගත් වුනා. 

රග්බි ඉතිහාසයේ 100 වැනි වසර සමරන මේ තරග වාරයේ දීත් රාජකීය රග්බි කණ්ඩායමට මේ සුපිරි flanker ක්‍රීඩකයින් දෙදෙනාගේ දස්කම් ඉතා වැදගත් වනු නොඅනුමානය. 

ඔවුන්ගේ සහයට එන තවත් දෙවන පෙළ ක්‍රීඩකයෙකු වන රදේශ් විජේරත්න ද කණ්ඩායමේ තවත් සුපිරි තරුවක්. වසර හතරක අත්දැකීම් සමඟින් එන ඔහු, කෙවින් හා අචිත සමඟ එක්ව කණ්ඩායමේ ඉදිරිපෙළ සවිමත් කරන්නේ රාජකීය ඉදිරිපෙළ ප්‍රතිවාදීන්ට නැවත වතාවක් අතිශය භයානක අභියෝගයක් බවට පත් කරමින්. 

රාජකීයයන් රාජකීය සංග්‍රහයකින් නව දශකය අරඹයි

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගවාරයට හොඳ ආරම්භයක් ලබා ගනිමින් වත්මන් ශූර කොළඹ රාජකීය විද්‍යාලය…………….

සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කරන වේගවත් තරුවක් වන මලීෂ පෙරේරා මෙවර තරග වාරයේ කොළඹ රාජකීය කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක්. වසර හතරක සුපිරි දස්කම් සමඟින් කණ්ඩායම එක්වන ඔහු නායක ලෙහාන්ට පසුපෙළේ අනගි සහයක් ලබා දෙනු ඇත. 

පන්දුවට පා පහර දෙන්නට ද අතිශය දස්කම් දක්වන ඔහු ගෙවුණු තරග වාරයේ දී ද සිය වේගවත් ක්‍රීඩා විලාසයෙන් මෙන්ම පන්දුවට පා පහර ලබා දීමෙන් ද උපරිම දක්ෂතා දක්වන්නට සමත් වුනා.

2018 වසරේ කොළඹ රාජකීය විද්‍යාලයේ පුහුණුකාරීත්වය පළමු වරට භාර ගත් එම විද්‍යාලයේම ආදී ශිෂ්‍යයෙකු මෙන්ම CR&FC සහ ශ්‍රී ලංකා රග්බි නායකයෙකු ලෙස ද කටයුතු කළ දුශාන්ත් ලෙව්කේ, ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කළ පළමු වසරේ දී ම සිය පාසලට පාසල් ලීග් කිරුළ දිනා දෙන්නට සමත් වුනා.

එමෙන්ම 2019 වසරේ දීත් පාසල් ලීග් කිරුළ දිනා ගත් ඔහුට 2020 දීත් පුහුණුකරුවෙකු ලෙස පාසල් ලීග් කිරුළු ත්‍රිත්වයක් දිනන්නට හැකි වෙයි ද?

කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු වටයේ තරග සැලැස්ම දිස්වන්නේ මෙලෙසින්. 

  • මාර්තු 07, 2020 – සාන්ත අන්තෝනි විද්‍යාලය හා රාජකීය විද්‍යාලය – නිත්තවෙල
  • මාර්තු 15, 2020 – රාජකීය විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය – රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය
  • මාර්තු 20, 2020 – රාජකීය විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය – රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය
  • මාර්තු 28, 2020 – රාජකීය විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය – රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය
  • අප්‍රේල් 04, 2020 – සාන්ත ජෝසප් විද්‍යාලය හා රාජකීය විද්‍යාලය – හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<