A කාණ්ඩයට පිවිසීමට වෙර දරන ආනන්ද රග්බි කණ්ඩායම

164

2020 ඩයලොග් අන්තර් පාසල් රග්බි තරගාවලිය පසුගිය දා ආරම්භ විය. මෙවර තරගාවලිය අන් කවරදාකටත් වඩා තරගකාරී වන බවට සාක්ෂි පළමු සතිය අවසන් වීමටත් පෙරම දැකිය හැකි විය. 

දීර්ඝ රග්බි ඉතිහාසයකට හිමිකම් කියූවත් ගත වූ වසර කිහිපය පුරාම B කාණ්ඩය තුල කැපී පෙනෙන දස්කම් දැක්වූ කණ්ඩායමක් ලෙස කොළඹ ආනන්ද විද්‍යාලය හැඳින්විය හැකිය. මෙවර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය සඳහා ආනන්ද විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ සූදානම පිළිබඳව ThePapare.com ගෙන එන සටහනකි මේ. 

ඇතුගල්පුර ‍රග්බි හමුදාව සීරුවෙන්

සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ ….

අතීතයෙන් බිඳක්

එතරම් දිදුලන රග්බි ඉතිහාසයක් නොතිබුනත් පසුගිය වසර කිහිපයේ දී ආනන්ද විද්‍යාලය රග්බි පිටියේ පෙරළිකාර දස්කම් දක්වන්නට සමත් විය.

2017 වසර ආනන්ද විද්‍යාලයීය රග්බි කණ්ඩායමට ස්වර්ණමය වසරක් බවට පත්වූයේ ඔවුන් අගමැති කුසලානයේ අනුශූරයින් බවට පත් වූ නිසාවෙනි. ඔවුන් හා කුසලානය අතර තිබුණේ ලකුණු දෙකක් පමණක් වීම විශේෂත්වයකි. ඒ අතරම ලීග් තරගාවලියේ බඳුන ශූරතාව ද දිනා ගත් ඔවුන්ට අවාසනාවන්ත ලෙස A කාණ්ඩයට පිවිසීමට නොහැකි විය. 

පසුගිය තරග වාරය

ආනන්ද විද්‍යාලය පසුගිය වසරේ දී B කාණ්ඩය යටතේ ඔවුන් සහභාගි වූ තරග 5න් එක් තරගයක් පමණක් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ලකුණු 33-05ක් ලෙස පරාජය කරමිනි. 

පසුගිය තරගාවලියේ දී ආනන්ද විද්‍යාලය සුමංගල විද්‍යාලය හමුවේ ලකුණු 34-18ක් ලෙසත්, ‍රිච්මන්ඩ් විද්‍යාලය හමුවේ 20-19ක් ලෙසත්, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හමුවේ ලකුණු 69-03ක් ලෙසත්, ලුම්බිණි විද්‍යාලය හමුවේ ලකුණු 20-05ක් ලෙසත් පරාජය විය. 

මෙවර තරගාවලිය 

මෙවර තරගාවලිය සඳහා ආනන්ද විද්‍යාලය IIB කාණ්ඩය යටතේ ක්‍රීඩා කිරීමට නියමිතය. එයට ඩී. එස්. සේනානායක විද්‍යාලය, ශ්‍රී සුමංගල විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, සාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ඇතුළත් වේ. 

මෙවර ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් මෙන්ම නවක ක්‍රීඩකයන්ගෙන් ද සමන්විත සමබර කණ්ඩායමකි. වේගවත් පසුපෙළක් හා ශක්තිමත් ඉදිරිපෙළක් ආනන්ද විද්‍යාලය සතුවීම ඔවුන්ට ප්‍රබල වාසියක් ගෙන දීමට සමත්ව ඇත. 

B කාණ්ඩයේ පෙරමුණට ඒමට වෙර දරන තර්ස්ටන්වරුන්

2020 ඩයලොග් අන්තර් පාසල් රග්බි තරගාවලිය …..

තරගාවලිය සඳහා සහභාගි වන ආනන්ද විද්‍යාලයීය රග්බි කණ්ඩායම 

ඩී. පී. කෞශල්‍ය, ඒ. කේ. රත්නායක, ඒ. වයි. කුළතුංග, කේ. ඩබ්ලියු. කුකුලෑව, ඩී. වී. කාරියප්පෙරුම, පී. තමාශ, ඒ. ටී. ලක්රුවන්, එස්. රශ්මික, එච්. ජී. පෙරේරා, ඩී. ඩී. ප්‍රභාශ්වර, ඩබ්ලියු. ජී. නිම්සර, භානුක මධුශාන්, කේ. එස්. ද සිල්වා, ටී. වයි. සිල්වා, ඒ. ප්‍රසාද්, එස්. ඩී. සිල්වා, එප්. වයි. ලක්ශාන්, ජී. ඒ. සූරියපුර, එන්. ඒ. වීරසිංහ, අයි. ඕ. විනෝද්, බී. ටී. ඩයස්, ඩබ්ලියු. එච්. වෙඩිසිංග, ජී. කේ. ඔවිඳු, ඩී. තුශාන්, එල්. ඩී. සිල්වා

ආනන්ද විද්‍යාලයේ මෙවර රග්බි තරග කාලසටහන 

  • පළමු තරගය – තර්ස්ටන් විද්‍යාලය 
  • දෙවන තරගය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 
  • තුන්වැනි තරගය – ඩී. එස්. සේනානායක විද්‍යාලය 
  • සිව්වැනි තරගය – ශ්‍රී සුමංගල විද්‍යාලය 
  • පස්වැනි තරගය – සාන්ත සිල්වෙස්තර විද්‍යාලය 

මෙවර B කාණ්ඩය යටතේ තරග වදින ආනන්ද විද්‍යාලයට සිය බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකි වේවායි ThePapare.com අප සුබ පැතුම් එක්කරන්නෙමු.

මෙවර පාසල් රග්බි තරග වාරයේ A කාණ්ඩයේ තරග මෙන්ම B කාණ්ඩයේ තරග ද ඔබ වෙත සමීප කිරීමට ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සූදානමින් සිටි. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<